ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවත්වින.Sri Lanka Latest News
ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් මෙම විරෝධතාව පවත්වුවේ එහි අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ සාමාජිකයින් විසිනි.
එහිදී උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත.
ජල බිල්පත් නිකුත් කිරීම යළි ආරම්භ කිරීම, වැඩිකළ නිල ඇඳුම් දීමනාව ලබාදීම, අභ්‍යන්තර උසස්වීම් කඩිනම් කිරීම, හිලව් නිවාඩු සඳහා කොන්දේසි පැනවීම වහා නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතාව පැවැත්වින.










