• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොස්තරවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්දට ලොකු චෝදනාවක්! සමහර වෛද්‍ය මාරුකිරීම් නවත්වන ලෙස නලින්දගේ කාර්යාලයෙන්- අමාත්‍යංශ ලිපි ශීර්ෂය යටතේ අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමේ “නව සම්ප්‍රදායක්” බිහිවෙලා! නැවැත්තුවේ නැත්නම් වැඩවර්ජනයකට සූදානම්! GMOA එකෙන් මාධ්‍ය නිවේදනයක්! I Sri Lanka Latest News

January 8, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
දොස්තරවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්දට ලොකු චෝදනාවක්! සමහර වෛද්‍ය මාරුකිරීම් නවත්වන ලෙස නලින්දගේ කාර්යාලයෙන්- අමාත්‍යංශ ලිපි ශීර්ෂය යටතේ අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමේ “නව සම්ප්‍රදායක්” බිහිවෙලා! නැවැත්තුවේ නැත්නම් වැඩවර්ජනයකට සූදානම්! GMOA එකෙන් මාධ්‍ය නිවේදනයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාවලියට බරපතළ දේශපාලන බලපෑම් සිදුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.Sri Lanka Latest News

මෙම තත්ත්වය වහා නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකළහොත් දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගවලට එළඹීමට සූදානම් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

මෙරට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය කෙරෙහි එල්ල වන අනවශ්‍ය බාහිර බලපෑම් හේතුවෙන් උද්ගත වී  ඇති අර්බුදකාරී තත්ත්වය.

ශ්‍රී ලාංකේය වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවකි. රට පුරා සෞඛ්‍ය සේවාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් සහ සමානාත්මතාවයෙන් යුතුව අඛණ්ඩව ලබාදීමට නම් රට පුරා සියලු රෝහල් සහ ප්‍රදේශ ආවරණය කරමින් වෛද්‍යවරුන්  ස්ථානගත වීම අනිවාර්ය වේ.

මේ වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් යන සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව, විධිමත්ව සහ පාරදෘශ්‍ය ලෙස සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය නියාමනය වනුයේ ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ ඔස්සේය. ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය වඩා පාරදෘශ්‍ය සහ විනිවිදභාවයෙන් යුතුව දේශපාලන හෝ කිසිදු බාහිර බලපෑමකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩල ද කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි.

එහෙත් මෑත කාලීනව වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියට අනීතික අයුරින් විවිධ පාර්ශව හරහා අනව්‍යශ බලපෑම් කිරීමේ සහ අත පෙවීමේ අහිතකර ප්‍රවණතාවයක් ගොඩනැගෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත.

පවතින නීත්‍යානුකූල ක්‍රමවේදය උල්ලංඝනය කරමින් ක්‍රියාකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් දරන උත්සාහයන් හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වර්ෂයේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම මේ වන විට මාස ගණනාවක් ප්‍රමාද වී ඇත. එයින් අසාධාරණයට ලක් ව ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 5000 කට අධිකය.

වෛද්‍යවරුන්ගේ තාවකාලික අනුයුක්ත කිරීම් සිදුකිරීමේදී ඒවා ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියට යටත්ව සිදු කල යුතු අතර එමගින් ක්‍රියාවලියේ සාධාරණත්වය, පාරදෘශ්‍යභාවය සහ නිරවද්‍යතාවය තහවුරු කිරීමට හැකිවී ඇත.

එක්වරම තාවකාලික අනුයුක්ත ලබාදීමේ ක්‍රියාවලියෙන් වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩලය අනීතික සහ අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර ඇති අතර එහි අරමුණ වනුයේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය සහ සාධාරණත්වය උල්ලංඝනය කර දේශපාලන උවමනාවන්ට ප්‍රමුඛතාවය ලබාදීම ද යන්න බරපතළ සැකයක් මතු වී ඇත.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට ද පෙර නොවූ විරූ අන්දමේ අනවශ්‍ය අත පෙවීම් සිදුවෙමින් පවතින බව මෑත කාලීන සිදුවීම් හරහා නිරීක්ෂණය වී ඇත.

මෙහි ආසන්නතම සහ ප්‍රශ්නකාරීම සිදුවීම වනුයේ, ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ නව සභාපතිවරයාට සියලු පිළිගත් ක්‍රමවේද සහ නීතිමය ප්‍රතිපාදන බරපතල ලෙස උල්ලංඝනය කරමින් කාසල් වීදියේ කාන්තා රෝහල වෙත තවත් අමතර පත්වීමක් ලබා දීමයි.

විශේෂඥ  වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු මණ්ඩලයට සම්පූර්ණයෙන් පරිබාහිරව එවන් පත් වීමක් ලබා දී එය අනීතික ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියටද යොමු කිරීමේ තීරණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න ගැටලුවකි. මෙම පත්වීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද දැඩි අප්‍රසාදය සහ විරෝධතාවය දක්වා ඇති පසුබිමක, එය නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම හරහා ගම්‍ය වනුයේ නීතිමය ක්‍රියාවලින් උල්ලංඝනය කරමින්, දේශපාලන න්‍යාය පත්‍ර සපුරාලමින් කටයුතු කිරීමේ පරිසරයක් නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිර්මාණය වෙමින් පවතින බවයි.

ඊටත් වඩා බරපතල කරුණ වනුයේ, තෝරාගත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානගත කිරීම් වෙනස් කරන ලෙස නියෝග ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයෙන්, සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය සහිතව අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමේ “නව සම්ප්‍රදායක්” නිර්මාණය කරමින් තිබීමයි.

පවතින නීතිමය ප්‍රතිපාදන සහ සම්මත ක්‍රමවේද උල්ලංඝනය කරන මෙම නව “සම්ප්‍රදායන්” පැහැදිලිවම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය කෙරෙහි බරපතළ ලෙස දේශපාලන බලපෑම් සිදු කිරීමක් වන අතර, වහාම මෙම තත්ත්වය නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර නොගන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට පවා එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුබට නොවනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රෝහල් පද්ධතියේ පරිපාලන තනතුරු ගණනාවක් පුරප්පාඩු වී ඇති අතර රාජකාරි ආවරණය කිරීම වැඩ බලන පරිපාලකයින් හරහා සිදු විමෙන් වෛද්‍ය පරිපාලන ‌ශ්‍රේණියේ ද ගැටලු ගණනාවක් මේ වන විට උද්ගත වී ඇත. ඒ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 7 ක් පුරප්පාඩු වී තිබීමද බරපතල තත්වයකි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු සඳහා සුදුසු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයින් තෝරා ගනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණයක් ද ඇතුළත් සම්මත බඳවා ගැනීමේ පටිපාටියකට අනුකූලවය. එහෙත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයක් දැරීමට තරම් පරිචයක් නොමැති නිලධාරීන් වැඩ බැලීමේ පදනම මත එම තනතුරු වලට පත් කිරීම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ ගැටලු ගණනාවක් මතුවෙමින් පවති. දේශපාලන හිතවත්කම් සහ න්‍යාය පත්‍ර මෙම පත්කිරීම් පිටුපස පවතින බව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනැගි ඇති මතයයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දේශපාලන හිතවත්කම් සහ න්‍යාය පත්‍රයන්ට ප්‍රමුඛතාවය ලැබීමේ තත්ත්වය තුළ, සෞඛ්‍ය පද්ධතියේ පසුගිය කාලය තුල ගොඩනැඟුණු සුභවාදී පරිසරයට හානි කරමින් නැවත අර්බුදයක් කරා රැගෙන යාමේ පසුබිම සකස් වෙමින් පවතී. මේ හරහා අවදානමට ලක් වනුයේ අහිංසක රෝගී ජනතාවගේ ජීවිතයි.

දේශපාලන අධිකාරියේ අභිමතයන්ට සහ පටු න්‍යාය පත්‍රයන්ට අනුකූලව තීන්දු තීරණ ගනිමින්, වෛද්‍ය ස්ථාන මාරුවීම් වලට පවා බලපෑම් කෙරූ සෞඛ්‍ය අමාත්‍යවරුන් ඉතිහාසයේ අප දැක ඇති අතර, අද වනවිට ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේපිතව නීතිය ඉදිරියේ චූදිතයින් බවට පවා පත්ව සිටීම හරහා ලබා දෙන පණිවිඩය මෙරට සියලු දේශපාලකයින් නිවැරදිව කියවා ගත යුතු බව අපගේ හැඟීමයි.

වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට ලැබුණු දැවැන්ත ජනවරමේ ප්‍රධාන සාධකයක් වූයේ දේශපාලන සහ පෞද්ගලික න්‍යාය පත්‍ර මත තීරණ ගැනීමේ සහ කටයුතු කිරීමේ අසාර්ථක දේශපාලන සංස්කෘතිය වෙනස් කර ප්‍රතිපත්ති මත රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රම වෙනසක් ඇති කිරීමයි. එම වගකීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ද මිදිය නොහැක.

පසුගිය සමයේ මුහුණ  දුන් අර්බුදකාරී තත්ත්වයෙන් මුදවා මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව පුනරුදය කරා රැගෙන යාමට නම් පටු දේශපාලන න්‍යාය පත්‍ර සහ මැදිහත්වීම් පසෙකලා, වඩා පුලුල් දැක්මක් සහිතව, ප්‍රතිපත්ති මත පිහිටා සියලු පාර්ශව එක් කරගනිමින් කටයුතු කිරීම අනිවාර්ය වේ.

එය මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු වගකිවයුත්තන්ගේ අත්හළ නොහැකි වගකීමකි.

ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්.

SendShareShare
Previous Post

ලසන්ත මහ පාරේ මරලා දාලා අදට අවුරුදු 16ක්! තාම මරපු එවුන් හොයාගන්න බෑ! පරීක්ෂණ කරන උදවිය මේ වීඩියෝ එකෙන්වත් ඔත්තුවක් ගන්න පුළුවන් නම් හොඳයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මැණික් ප්‍රදර්ශනය විවෘත කරන්න අනුර අද උදේ බෙන්තොට බීච් හෝටලයට යයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.