• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘තොපිට වැඩිපුර සල්ලි තියෙනවා නම් රෝහල්වලට පරිත්‍යාග කරන්න එන්න එපා..!’ නලින්දගේ කතාව සම්පූර්ණයෙන් අහපු ගම්මන්පිල අද ඇවිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

January 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
‘තොපිට වැඩිපුර සල්ලි තියෙනවා නම් රෝහල්වලට පරිත්‍යාග කරන්න එන්න එපා..!’ නලින්දගේ කතාව සම්පූර්ණයෙන් අහපු ගම්මන්පිල අද ඇවිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දා පිලිකා රෝහලේ දී සිදු කරණු ලැබූ ප්‍රකාශ හරහා සිදු කරණු ලැබූවේ මෙරට පරිත්‍යාගශීලින් අධෛර්මත් කිරීමත් බෞද්ධ සංස්කෘතියට සහ අනිකුත් ආගම්වලටද පහර ගැසීමත් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.Sri Lanka Latest News

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (06) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

නලින්ද ජයතිස්ස ඇමතිතුමා පිලිකා රෝහලේ දී සිදු කළ කතාව ගැන අදහස් දක්වන්න කලින් සම්පූර්ණ කතාවට සවන් දෙන්න කියලා ආණ්ඩුවේ අය කියන නිසා මම සම්පූර්ණයෙන්ම ඒ කතාව ඇහුව්වා. එතුමා නොදැන සිටියාට කිසිම දානපතියෙකුට රෝහලකට ඇවිත් බලහත්කාරයෙන් කිසිම ගොඩනැගිල්ලක් හදන්න බෑ. බලහත්කාරයෙන් කිසිම පරිත්‍යාගයක් භාර ගන්න බෑ. රෝහල් ප්‍රධානියාගෙන් ඒ සඳහා අවසරය ඕනි. ඉදි කිරීමක් නම් පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් අවසරය ලබා ගන්න ඕනි. ඒ නිසා කාටවත් තමන්ට ඕනි ඕනි ආකාරයට රෝහල් වලට පරිත්‍යාග දෙන්න බෑ. රෝහලේ අවශ්‍යතා අනුව තමයි පරිත්‍යාග ලබා දෙන්නේ. ඒ නිසා ඒ ක්‍රමවේදය අමුතුවෙන් නලින්ද ඇමතිතුමා හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ.

පිලිකා රෝහලට ළමා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් රෝහල් බලධාරින් විසින් දිගු කාලයක් තිස්සේ ආණ්ඩුවෙන් ඉල්ලුවත් ආර්ථික අර්බූදය නිසා දිගින් දිගටම පස්සට තල්ලු වුණු ව්‍යාපෘතියක්. රෝහල් බලධාරින් ජාතික සැලැස්මෙන් පිටත මේ ඉදිකිරීම කලා කියමු. ඒක රෝහල් බලධාරින් සමග තිබෙන අභ්‍යන්තර සාකච්ඡාවක දී මතු කළ යුතු දෙයක් මිස මිලියන දෙසීයකට ආසන්න පරිත්‍යාගයක් කළ අවස්ථාවක පරිත්‍යාගශීලින් ඉදිරිපිට සඳහන් කළ යුතු දෙයක් නොවේ.

සෞඛ්‍ය ඇමතිවරයාගේ කතාවෙන් අර්බූද ගණනාවක් එලියට එනවා. අපේ රටේ ආගමික ආයතන වලට විශාල පරිත්‍යාග ලැබෙනවා. සමහර ආයතන රෝහල් වලට සැලකිය යුතු මුදලක් පරිත්‍යාග කරනවා. සමහරු එහෙම කරන්නේ නෑ. එහෙම නම් පරිත්‍යාගය කළ පුද්ගලයා අගය කරලා ඇමතිතුමා කතා කලා නම් අනෙකුත් ආගමික ආයතන වලට මෙවැනි පරිත්‍යාග කරන්න අදහස පහල වෙනවා. කතරගම දේවාලේ බස්නායක නිලමේතුමාට වුණත් තව තවත් පරිත්‍යාග කරන්න චේතනාව පහල වෙනවා. තිස්තුන් කෝටියක් දෙවිවරුන්ට වඩා භාණ්ඩාගාරය වැය කරනවා කියලා කිව්වේ. ඔව් අපි බදු මුදල් දුන්නේ එකට තමයි. එක ආණ්ඩුවේ වගකීම මේක ස්වේච්ඡාවෙන් කරන දෙයක් මේකයි එකයි අතර දැවැන්ත වෙනසක් තියෙනවා කියන එක වෛද්‍යවරයෙක් වෙච්ච නලින්ද ඇමතිතුමා නොදැන සිටිම සිදුවන්නේ එතුමා රෝහලක ප්‍රතිකාර කිරිමට රෝහලක සේවය කිරිමට අවස්ථාව නොලැබුන නිසාදෝ කියලා අපිට හිතෙනවා.

මේ වන විට බස්නායක නිළමේතුමාට ප්‍රසිද්ධියේ සරදම් කලාට අමතරව සමාජමාධ්‍යවල එතුමා දැවැන්ත හොරෙක් ලෙස හන්වඩු ගසමින් මඩ ප්‍රහාරයක් ‍එල්ල වෙනවා ඒ විතරක් නෙමෙයි. එතුමට එරෙහිව සීඅයිඩී එකට පැමිණිල්ලකුත් කරලා. මේ සියල්ලට හේතුව පිලිකා රෝහලට ඒකකයක් පරිත්‍යාග කිරීම. එතුමාත් අනිත් බස්නායක නිළමේලා ‍වගේ මෙ‍වැනි පරිත්‍යාගයක් නොකර හිටියා නම් මේ කිසි කරදරයක් නෑ. මේ පරිත්‍යාගය හෑල්ලු කලාම කාටද පරිත්‍යාගයක් කරන්න හිතෙන්නේ?

අපේ රටේ සෞඛ්‍ය සේවාවට දැවැන්ත පරිත්‍යාග තොගයක් දානපතියන්ගෙන් ලැබෙනවා. ඒ නිසා සමස්ත සෞඛ්‍ය සේවාවට වැය වන මුදල ජනතාව මත බදු පටවමින් සොයා ගන්න ආණ්ඩුවට සිදු වෙන්නේ නෑ. ඒක ජනතාවට විශාල සහනයක්. සෞඛ්‍ය ඇමතිවරයා මේ කතාව හරහා ඒ දානපතියන්ට ලබා දෙන පණිවිඩය මොකක්ද? උඹලාට සල්ලි වැඩිපුර තිබෙනවා නම් රෝහල් වලට පරිත්‍යාග නොකර ලෝක වටේ ඇවිදලා ඒ සල්ලි වලින් සතුටු වෙයල්ලා. අපි දුප්පත් ජනතාව මත තව තවත් බදු ගහලා උන්ගේ රීරි මාංශයම හූරගෙන කාලා සෞඛ්‍ය වියදම සොයා ගන්නම් කියන එක නේද? මේක සමාජවාදි ජවිපෙ ප්‍රතිපත්තිය නම් නොවේ. මාලිමාවේ නව ලිබරල්වාදය නලින්ද සහෝදරයත් වැළඳ ගෙන ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.

ඒ වගේම තිස්තුන් කෝටියක් දෙවියන් සිටින බව විශ්වාස කරන්නේ හින්දු ආගම තුලයි. කතරගම දෙවියන් කියන්නෙත් හින්දු බෞද්ධ දෙපාර්ශවයම අදහන දෙවි කෙනෙක්. මේ දේව සංකල්පයන් සරදමට ලක් කිරීම නිරාගමික නලින්ද සහෝදරයාට ගැලපෙන්න පුළුවන්. නමුත් අපේ ව්‍යවස්ථාවෙන් සියළුම ආගම් වල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගකීම රාජ්‍යයට පවරා තිබෙනවා. ඒ නිසා ඇමති ධූරය භාර ගන්නා අවස්ථාවේ ව්‍යස්ථාව රකින්න ප්‍රතිඥා දුන්නු නලින්ද ඇමතිතුමාට ආගම් සරදමට ලක් කිරීම ගැලපෙන්නේ නෑ කියන එක එතුමාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.

දානය කියන්නේ බුදු දහමේ එන දස පුන්‍ය ක්‍රියාවන්ගෙන් පළමු පුන්‍ය ක්‍රියාව. ඒ දානය අදිරිමත් කරනවා කියන්නේ බෞද්ධ සංස්කෘතියට පහර ගහනවා කියන එකයි. නිරාගමික ව්‍යවස්ථාවක් ඕනෑ කියන අගමැතිවරියක් සිටින ආණ්ඩුවකින් අපට මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

SendShareShare
Previous Post

කෝටි 5000ක් බදු නොගෙවා පොල්තෙල් ගේන්න අවසර දුන් ප්‍රබලයා කව්ද? පිටිපස්සේ ඉන්න නිලධාරීන් කව්ද? ඉහළම දඬුවම් දෙනු! නොගෙවූ බදු වහා අය කර ගනු! VIDEO I Sri Lanka Latest News

Next Post

සුවසැරියත් ක්ලීන් කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.