• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලය ගන්න දේශපාලඥයෝ දැන දැන අවබෝධයෙන් බොරු කියනවා! බලය අරගෙනත් බොරු කියනවා! හැබැයි ඒ දේශපාලන බොරුකාරයන්ට එරෙහිව පියවර ගන්න නීති නෑ! මේ බොරුව තේරුම්ගන්න අපේ රටේ මිනිස්සුන්ටත් දේශපාලන දැනුමත් නෑ! ඒ නිසා සර්වජන ඡන්ද බලය මේ රටට වැඩක් නෑ! කෘතහස්ත නීතිවේදියෙක් කියන මේ කතාවත් අහන්න වටිනවා! I Sri Lanka Latest News

December 30, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

චන්ද්‍රපාල වික්‍රම වීරසුරිය යනු දශක හතරකට වැඩි කාලයක් මහනුවර කේන්ද්‍ර කොට ගනිමින් සමාජ දේශපාලන කටයුතු වල නිරත වන කෘතහස්ත නීතිවේදියෙකි.මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූ හෙතෙම සිය ආර්ථික  සමාජ දේශපාලන දැක්ම ජනගත කිරීමට උත්සාහ ගත්තේය. Sri Lanka Latest News

දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට දේශපාලනය ගමන් ගත් විවිධ දිශානතියන් හා ඉන් සමාජයට අත් වූ වටිනාකම් මෙන්ම රටේ ඉදිරිය වළක්වා ලූ බොහෝ සිදුවීම් පිළිබඳව මනා පරිචයක් ඇති නීතිඥ චන්ද්‍රපාල වික්‍රම වීරසුරය මහතා සමඟ පවතින සමාජ දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් kandy prime news කළ සංවාදයකි මේ.

ශ්‍රීලංකාව සමාජ දේශපාලන කඩාවැටීමකට ලක්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ජනතාවට බොරු කියන,එම බොරු සමාජ ගත කරමින් රට පරිහානියට ගෙන ගියද ඒ කිසිම දේශපාලකයෙකුට එරෙහිව පියවර ගැනීමට ප්‍රමාණවත් නීති රට තුල නොමැති විමයි.

මේ දිනවල ශ්‍රීලංකාවේ දේශපාලනයේ නිරත වන පිරිසකගේ ආචාර්ය මහාචාර්ය උපාධි සුදුසුකම් වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සමාජයේ පුලුල් කතා බහක් පැවැතියද ඔවුන් මහජන නියෝජිතයින් බැවින් එම උපාධි සහතික ව්‍යාජ වුවත් නිතීය මගින් ගත හැකි කිසිදු පියවරක් නැහැ. ඔවුන් බොරු කර ඇත්තේ මහ ජනතාවට බැවින් ඒ පිළිබඳව තීන්දුවක් ගැනීම ජනතාවට භාර කටයුත්තක් වී තිබෙනවා.ඕනෑම බොරුවක් පවසා බලය ලබා ගැනීමේ හැකියාව රටේ තිබෙනවා.

“මම හිතන විධියට මේ රටට සර්වජන ඡන්ද බලය සුදුසු නැහැ.ඡන්දය භාවිතා කිරීමේදී දේශපාලනය පිළිබඳව ජනතාව දක්වන ඉතා අඩු උනන්දුව මෙන්ම ඔවුන්ට දේශපාලන වශයෙන් ඇති අඩු දැනුම රටේ බොහෝ ප්‍රශ්න වලට හේතු වී තිබෙනවා.එදා සර්වජන ඡන්ද බලය අපිට ලබා දෙන්න ජනතාව ඊට සුදුසු දැයි සෙවීම සඳහා සෝල්බරි සාමිවරයා ගොවීන් ළගට පවා ගිහින් දැනුම විමසා තිබෙනවා.ඒත් එදා එසේ ගොවීන් ලෙස කුඹුරු වලට බස්සවා තිබී ඇත්තේ ඉහළ පැළැන්තියේ ඉංග්‍රීසි කතා කරන පිරිසක් බවට පසුව සමාජයේ කතා බහක් ඇති වුණා.අපි අදටත් මුහුණ දෙමින් සිටින්නේ එදා කළ බොරුවට බවයි ඇතැමුන් ගේ මතය වී ඇත්තේ.සර්වජන ඡන්ද බලය ලැබී දශක ගණනාවක් ගියත් ඡන්දය කියන දේ සැබෑ අරුත රටේ ජනතාව හරියට තේරුම් ගෙන නැහැ.ඒකයි මම කියන්නේ අපේ රටට මේ ආකරයේ සර්වජන ඡන්ද බලයක් සුදුසු නැහැ කියලා”

මේ ආණ්ඩුව බලයට ඒමට යොදා ගත්තේ හිටපු දේශපාලකයින්ගේ දූෂණය වංචාව කියන මාතෘකාවන්. ඒ අනුව රටේ දේශපාලනය පිළිබඳව ජනතාව අතර පැවැති පිළිකුල දේශපාලන වෛරයක් බවට අවුස්සා බලය ලබා ගැනීමට ඔවුන්ට හැකි වුණා.දැන් ඒ ලබා ගත් බලය රැක ගත යුතුයි.ඒ සඳහා තවත් නොයෙකුත් බොරු සමාජ ගත කරමින් සිටිනවා.දැන් කතා කරන දේශපාලනයේ උගත්කම් ආචාර්ය මහාචාර්යකම් පිළිබඳ කතා බහත් එහෙම දෙයක් කියලයි මම නම් හිතන්නේ.අපේ රටේ දේශපාලනය කිරීමට අධ්‍යාපන සුදුසුකම් කිසිම තැනක ඉල්ලන්නේ නැහැ.උගතුන්ට පමණක් නොවෙයි ඕනෑම තරාතිරමක අයෙකුට රටේ පාලන බලය ඉල්ලන්න පුලුවන්.ඒකට බාධාවක් නැහැ. උගත් කමයි දේශපාලනයයි කියන්නේ දෙකක්.මම උදාහරණයක් කියන්නම්.මේ රටේ දේශපාලනයේ එක්තරා මහාචාර්ය වරයෙක් හිටියා. ඔහු ආණ්ඩු ගණනාවක ඇමති ධූර දැරුවා.නමුත් කිසි දිනෙක ඔහු ජනතාවගේ ආකර්ෂණය දිනා ගත් දේශපාලන නායකයෙකු වුණේ.එනෙක් අතට හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා ගැන බැලුවොත් ඔහුට ලොකු අධ්‍යාපන සුදුසුකම් තිබුණේ නැහැ.නමුත් ඔහු යම් දුරකට සාර්ථකව රට පාලනය ගෙන ගියා.ආචාර්ය මහාචාර්ය වරු බොහෝ දෙනෙකුගෙන් හොදින් වැඩ අරන් රට පාලනය කිරීමට ඔහු සමත් වුණා.ඒ නිසා අපි කියන්නේ මේවා ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගහන්න මතු කරන බොරු දේවල්. දැන් ආණ්ඩුව කතා කළ යුත්තේ රටේ ජනතාවට සැබෑ ලෙස බලපාන බඩු මිළ අඩු කිරීම ගැනයි.imf එක සමග කටයුතු කිරීමේ දී රටට සිදු වන වාසි අවාසි පිළිබඳවයි.

රටේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ චන්ද්‍රපාල වික්‍රම වීරසුරිය මහතා පවසන්නේ දේශපාලන පක්ෂ වලට ඇති අසීමිත බලය රටේ පිරිහීමට බලපෑ ප්‍රධාන සාධකයක් බවයි.

අපේ රටේ දේශපාලන පක්ෂ තමයි මැතිවරණ වලදී අපේක්ෂකයින් ඉදිරිපත් කරන්න්නේ.මෙතනදී එම පක්ෂ ඔවුන් සතු බලය අසීමිත ලෙස යොදා ගන්නාවා.එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අභිලාෂය අනුව කටයුතු කරන ඕනෑම කෙනෙක් මැතිවරණයට ඉදිරිපත් කරනවා.අනෙකුත් පක්ෂත් එහෙමයි.ශ්‍රීලංකාවේ කිසිම පක්ෂයක් තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැහැ.බලය දුන් අයුරින් එම පක්ෂ ජනතාවට එපා වෙලා බලයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමේ දී එම පක්ෂ බිංදුවට වැටෙන්නේ ඒ නිසයි.

දැන් බලන්න ,මේ අය බලය ලබා ගන්නේ ඔවුන් කිසිම වරදක් නොකළ අය බවත් දේශපාලනයේ නිරත අනෙකුත් සියලු දෙනා දූෂිතයන් බව සමාජයට ඒත්තු ගන්නවලා.මහජනතාවට දේශපාලනය පිළිබඳව තිබුණ වෛරය වැඩි කළා.පවතින දේශපාලනය ගැන වෛරයෙන් හිටපු ජනතාවට හොද තල්ලුවක් ලැබුණා.රට හදන්න රට වැටී තිබෙන තැනින් ගොඩගන්න වැඩපිළිවෙළක් මේ අය ඉදිරිපත් කළේ නැහැ.

ශ්‍රීලංකාව සමාජ දේශපාලන ආර්ථික වශයෙන් ගොඩ ගැනීම සඳහා පුළුල් දැක්මක් සහිත වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මා ඇතුළු සමස්ථ සමාජයම අපේක්ෂා කරන්නේ පවතින සමාජ දේශපාලන ක්‍රමයේ වෙනසක්.ඒ වෙනස කිරීමට පාලකයින්ට පමණක් බැහැ.ඒ වෙනස කිරීමට නම් රටේ ජනතාවත් විශාල කැප කිරීමක් කළ යුතුයි.ස්වශක්තිය මත පිහිටා කටයුතු කිරීමෙන් පමණයි මේ රට වැටී ඇති තැනින් ගොඩ ගත හැක්කේ. රට ගොඩනැගීමට අවශ්‍ය ඕනෑ තරම් සම්පත් අපේ රටේ තිබෙනවා. එම සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් කිසිවෙකුට අතනොපා නැගිටින සමාජ ආකල්ප රටේ ජනතාව අතර මෙන්ම පාලකයන් අතර ඇති කළ යුතුයි .එම ආකල්පය ජනතාව අතරට ගෙන ගොස් ඒ පිළිබඳව දැනුමෙන් සන්නද්ධ කර ස්වශක්තියෙන් නැගී සිටිය හැකි ජනතාවක් සහිත රටක් බිහි කිරීම වෙනුවෙන් මා කැප වෙනවා.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

පොල්තෙල් වැඩි වුණා..! මොනවද හිතෙන්නේ..? මොනවා හිතෙන්නද? කාලා නාලා ඉන්නේ..! වැඩක් නෑ කතා කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිසියේ ගොඩකට ලෙඩ ගොඩක්! වැඩබලන පොලිස්පතිතුමාගෙන් පොලිසියට නියෝගයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.