• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනූෂගේ කාලේ විදෙස්ගත ශ්‍රමිකයන්ට ගෙන්වන්න දීපු විද්‍යුත් වාහන බලපත්වලින් ගහපු ගේම් එකින් එක එළියට එයි! වාර දහයේ සිට 39 වතාවක් රට ගියපු 108 දෙනෙක්ටත් බලපත්‍ර දීලා! රට නොගිය 4 දෙනෙකුටත් බලපත්‍ර දීලා! ඒ 4 දෙනාගේ ගිණුම්වලට ඩොලර් ලක්ෂ ගණන් ආවේ කොහොමද? බලපත්‍ර ලයිසන් 64ක් විගණනයට දීලත් නෑ! එකසිය තිස් අට කෝටි හතළිස් ලක්ෂයක බදු ආදායමක් ආණ්ඩුවට නැති වෙලා! I Sri Lanka Latest News

December 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අධි ආරක්ෂිත රථ 13ක් ඇතුළු වාහන 28ක් රක්ෂණය කර නැති බව හෙළිවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ වැඩසටහන යටතේ එම නිශ්චිත කාලයේ දී වරින් වර විදෙස්ගත වූ පුද්ගලයන් හාරසිය දහනව දෙනකුගේ ගිණුම්වලට ඇමරිකානු ඩොලර් පන්කෝටි පනස් හය ලක්ෂයකට අධික මුදලක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්දහස් හයසිය හැට අටකට අධික මුදලක්) බැර වී ඇතැයි අනාවරණය වී තිබේ.Sri Lanka Latest News

මෙම පුද්ගලයන් අතරින් එකසිය අටදෙනෙක් වාර දහයේ සිට වාර තිස් නවයක් දක්වා වූ වාර ගණනක් විදේශගත වී තිබෙන බවත් හෙළි වී ඇත.

මේ බව හෙළි වී ඇත්තේ එම වැඩසටහන සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් වන අතර දින තුනත් දහයත් අතර කාලයක් විදේශගතව සිටි පුද්ගලයෝ පස් දෙනෙක් ද දින දහනවයත් මාස තුනත් අතර කාලයක් විදේශගතව සිටි පුද්ගලයෝ දස දෙනෙක් ද ඒ අතර වෙති.

මෙම බලපත්‍ර හිමිකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂා කර යම් අක්‍රමිකතාවක් සිදු කර තිබේ නම් ඒ සඳහා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් රජයට සිදුව ඇති අලාභයන් ඔවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.

මෙම පුද්ගලයන් සඳහා ද බලපත්‍ර ලබා දීමට එවකට කම්කරු හා විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශය කටයුතු කිරීම හේතුවෙන් සලකා බලන ලද කාලසීමාවේදී ගිණුම්වලට කවරාකාරයකින් හෝ ලැබී ඇති ප්‍රේෂණ මුදල පිළිබඳව පමණක් අවධානය යොමුකර තිබූ බව ද එම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර එම කාලසීමාවේ දී විදේශගත නොවූ පුද්ගලයන් සිව් දෙනකුට ද බලපත්‍ර නිකුත් කර තිබේ. එම තැනැත්තන්ගේ ගිණුම්වලට ඇමරිකානු ඩොලර් හාර ලක්ෂ හතළිස් පන් දහස් නවසිය හතළිස් දෙකක (ආසන්න වශයෙන් රුපියල් දාහතර කෝටි විසි නවලක්ෂයක්) විදේශ ප්‍රේෂණ ලැබී ඇති බවත් පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. ඒ අතරින් තිදෙනෙක් සියයට සියයක් ද අනෙක් බලපත්‍රලාභියා සියයට හැත්තෑ තුනක් ද වශයෙන් ගිණුම්වලට ලැබී තිබූ ප්‍රේෂණ ඉවත් කරගෙන තිබී ඇත. විදේශගත නොවූ පුද්ගලයන්ගේ ගිණුම්වලට ලැබී තිබූ මෙම විදේශ මුදල් ප්‍රේෂණ මුදල් විශුද්ධිකරණය මගින් හෝ වෙනත් අනීතික ආකාරයකින් ලද මුදල් නොවන බවට අමාත්‍යාංශය තහවුරු කරගෙන නොතිබූ බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම වැඩසටහන යටතේ බලපත්‍ර එක්දහස් හැත්තෑ හතක් නිකුත් කර තිබේ. මෙම බලපත්‍රයක හිමිකම ලැබීමට විදේශගත වී සිටිය යුතු අවම නිශ්චිත කාලසීමාවන් අමාත්‍යාංශය නිශ්චය කර නොතිබූ බව ද පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම වසරේ ජුනි මාසය වන විට ආනයනය කර තිබූ වාහන 510ක් සඳහා පමණක් සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ හැටේ සිට එක්කෝටි විසිලක්ෂය දක්වා ඉහළ දැමීම නිසා රුපියල් එකසිය තිස් අට කෝටි හතළිස් ලක්ෂයක බදු ආදායමක් රජයට අහිමි වී තිබෙන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

බලපත්‍ර ගොනු හැට හතරක් විගණන පරික්ෂාවට ඉදිරිපත් කර නොමැති අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී විනිවිදභාවය ආරක්ෂා කර නොතිබූ බවට ද විගණකාධිපතිවරයා නිගමනය කර ඇත.

ඉකුත් 2022 මැයි මස පළමු වැනිදා සිට 2023 වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා කාලය ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

-අරුණ

SendShareShare
Previous Post

ඔන්ලයින් පනත! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත! විධායක ජනාධිපති ක්‍රමය! මර්දනකාරී නීති ඉවත් කරන්න මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා! අවුරුද්දක් දෙකක් ගිහින් කරලා වැඩක් නෑ! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ආණ්ඩුවට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බෙංගාල බොක්ක ආපහු කැළඹෙයි! ආයෙත් මිලිමීටර් 100 පන්නලා වහින්නයි යන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.