• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CID එකේ ෆයිල් උඩ යන්නේ යට යන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් උඩ එන්නේ යට යන්නේ කොහොමද? ලිපිගොනුවලට අවුරුදු 7ක් උධෘත නොදී තියෙන්නේ කොහොමද? අධිකරණයේ නඩුවක් නැවත් දිනයක් ගන්න මාස 7ක් 8ක් යන්නේ කොහොමද? අල්ලස් කොමිසම නඩු 114ක් ඉල්ලා අස්කරගත්තේ කොහොමද? විනිසුරුවරුන්-නීතිපති දෙපාර්තමේන්තුවේ-CIDයේ-අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපිට තියාගෙන ප්‍රශ්න කරයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 9, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
CID එකේ ෆයිල් උඩ යන්නේ යට යන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් උඩ එන්නේ යට යන්නේ කොහොමද? ලිපිගොනුවලට අවුරුදු 7ක් උධෘත නොදී තියෙන්නේ කොහොමද? අධිකරණයේ නඩුවක් නැවත් දිනයක් ගන්න මාස 7ක් 8ක් යන්නේ කොහොමද? අල්ලස් කොමිසම නඩු 114ක් ඉල්ලා අස්කරගත්තේ කොහොමද? විනිසුරුවරුන්-නීතිපති දෙපාර්තමේන්තුවේ-CIDයේ-අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපිට තියාගෙන ප්‍රශ්න කරයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබ වන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම” වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදීය.

“සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

වසරෙන් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදුව ඇති බවත් එය ලබන වසරේදී අවම කර ගැනීමට නොහැකි නම් ජාත්‍යන්තර දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

2021 වසරේදී අල්ලස් දූෂණ කොමිෂන් සභාව නඩු 69ක් පවරා ඇති අතර නඩු 40ක් ඉල්ලා අස් කර ගෙන තිබේ. 2022 වසරේදී නඩු 89ක් පවරාඇති අල්ලස් හා දූෂණ කමිෂන් සභාව නඩු 45 ක් ඉල්ලා අස්කරගෙන ඇත.

මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට කිව යුතු බවත් විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එක් වසරකදී අල්ලස් හා දූෂණ වරදකරුවන් ලෙස කොස්තාපල්වරු දෙදෙනෙක්, ග්‍රාම නිලධාරීවරයෙක් සහ ලිපිකරුවෙක් අල්ලස් හෝ දූෂණ කමිසම් සභාව විසින් වරදකරුවන් කරනු ලැබ ඇති අතර ශ්‍රී ලංකාවේ නීතිය මකුළු දැලක් ලෙස ක්‍රියාත්මක වී ඇති බව ජනතාව අතර විශ්වාසයක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පොඩි සතුන් එම දැලට හසුවන බවත් ලොකු සතුන් මකුළුදැල බිඳගෙන යන බවත් කියා සිටියේය.

යළි අපේ රට ගොඩනගනවා නම් රාජ්‍ය පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ නොකර සුවපත් රාජ්‍යයක් ඇති කිරීමට නොහැකි බවද කියා සිටියේය.

නීතිය ක්‍රියාත්මක කරන පුද්ගල සහ ආයතන පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති නිසා යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමද යුක්තිය ඉටු කිරීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම නිසා ශ්‍රී ලංකාව අල්ලස දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවද පුරවැසියාගේ බලාපොරොත්තුවලට වටිනාකමක් ලබා දීම එමඟින් හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ජුරේ (JURE) ව්‍යාපෘතිය හරහා දැනටමත් සුපිළිපන්න නිළධාරීන් වශයෙන් රජයේ නිළධාරින් 1000කට අධික පිරිසක් පුහුණු කර ඇත. එම නිලධාරීන් ගෙන් 15 දෙනෙකු සදහා පත්වීම් ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණි .

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න , මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ,වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ,අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලි. එම්. එන්.පී. ඉද්දවෙල, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්ම මහත්මීහු විදේශ තානාපතිවරු ඇතුළු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-12-09

SendShareShare
Previous Post

නිපුනගේ මෝලට පැනලා මෙන්න නැහැයි කියපු හාල් පෙන්නනවා! හැබැයි ඩඩ්ලිගේ මෝලට තවම පැනලා හාල් නම් තාම පෙන්නුවේ නෑ! ඩඩ්ලිට කට්ටිය බයද දන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

පොල්වලින් අමාරුවේ වැටුණු ආණ්ඩුව බේරගන්න කාදිනල් හිමියෝ පෙරට එයි! කාදිනල් හිමියන්ට අයත් පොල් වතුවලින් 130ට පොල් ආණ්ඩුවට දෙන්න පොරොන්දු වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.