ගල්කිස්ස වෙරළ තීරයේ රුපියල් ලක්ෂ 800කට අධික මුදලක් වැයකොට වත්මන් ආණ්ඩුව මගින් පිරවූ වැලි තට්ටුව මුහුදට ගසාගෙන යාම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එල්ල වන චෝදනා පිළිබදව ඒ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පිළිතුරු ලබා දී තිබේ.
ඒ මහතා පෙන්වා දෙන්නේ තම අමාත්‍යංශය යටතේ සියලු කටයුතු ශක්‍යතා අධ්‍යයනයන් ඔස්සේ සිදු කළ බවත්, වත්මන් ආණ්ඩුව ඒ කිසිවක් නොමැතිව මෙම ව්‍යාපෘති දියත් කර ඇති බවය.










