• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද දෙකක් ඉවරයි! ඊළඟට මොකද වෙන්නේ? මැතිවරණ කොමිසම දැන් කරන්න හදන්නේ මොකක්ද? Sri Lanka Latest News

November 23, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
සදාචාරාත්මක නෑ! වැඩිය දුර යන එකකුත් නෑ! ඡන්ද නොතියා පළාත් පාලන ආයතනවල නිල කාලය දික් කරන කැටගොඩගෙයි සංජීවගෙයි යෝජනාව ගැන මැතිවරණ කොමිසමත් කතා කරයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්මයා සම්බන්ධ කරගත්තා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පුදුම විදියේ පොරයක් පක්ෂ රැසක් අතර ඇතිවෙලා තිබෙනවා. මේ වෙනකොට (19 වැනිදා වනවිට) පක්ෂ කීයක් ජාතික ලැයිස්තු සඳහා තමන්ගේ නම් එවලා තියෙනවද?

පහුගිය මහ මැතිවරණයට තරග කරපු පක්ෂවලින් 7කට තමයි අවස්ථාව ලැබිලා තියෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීර හිමිකර ගන්න. ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, තමිල් අරසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජන බලය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තමයි එම පක්ෂ. මේ අතර ජාතික ජන බලවේගය තමන්ට හිමිවුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18 සඳහා අදාළ නම් අපට ලබාදීලා තිබෙනවා. සර්ව ජන බලයත් ඔවුන්ගේ නම අපිට ලබාදීලා තියෙනවා ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, තමිල් අරසු කච්චි ඔවුන්ගේ නම් එවලා තියෙනවා. නව ප්‍රජාත්නත්‍රවාදී පක්ෂයට හිමිවුණු ජාතික ලැයිස්තු ධුර දෙකෙන් එකක් සඳහා වන නම අපට එවලා තියෙනවා. සමගි ජන බලවේගයට අදාළ නම් 5 තවම අපට ලැබිලා නැහැ. මුස්ලිම් කොංග්‍රසයයට අදාළ නමත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අදාළ නමකුත් අපට ලැබෙන්න තිබෙනවා. ඒ අනුව මේ වනවිට අපිට නම් 22ක් ලැබිලා තිබෙනවා. ඒ නම් අපි ගැසට් කරලා තිබෙනවා.

රවී කරුණානායක මහතාගේ නම එම පක්ෂයේ ලේකම්වරිය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළා. ඒක ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා නේද?

අපි ගනුදෙනු කරන්නේ පක්ෂයේ ලේකම්වරයාත් සමග. නාමයෝජනා අස්සන් කිරීම, නාමයෝජනා භාරදීම ඇතුළු සියලු කටයුතු අප සිදුකරන්නේ පක්ෂයේ ලේකම්වරයාත් සමග. ඡන්ද ප්‍රතිඵල අනුව අදාළ දේශපාලන පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2ක් හිමිව තිබෙන බව අපි දන්වා යවන්නෙත් එම පක්ෂයේ ලේකම්වරයාට. ඊට පස්සේ පක්ෂයේ ලේකම්වරයා තමයි ඊට අදාළ නම් අපිට එවන්නේ. පක්ෂය අභ්‍යන්තරයේ තියෙන කාරණා සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකියන්න බැහැ. ඒවා කොමිෂන් සභාවට අදාළත් නෑ. මොකද කොමිෂන් සභාව පක්ෂයේ සාමාජිකයෝ නෙවෙයිනේ. යම් දේශපාලන පක්ෂයක අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඒ ගැන ප්‍රශ්න කිරීම සහ ඒ ගැන කටයුතු කිරීමේ බලය තියෙන්නේ සාමාජිකයන්ට හෝ නිලධාරීන්ට. ඔවුන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ගැටලුව. ඒකට මැතිවරණ කොමිෂන් සභාව පලි නැහැ. වගකිව යුතුත් නැහැ. අපිට මොන යම් හෝ පක්ෂයක ලේකම්වරයා විසින් නම් එව්වාම අපි කරන්නේ ඒ නම් ගැසට් කරන එකයි.

රවී කරුණානායක මහත්මයාගේ නම ගැසට් කරලද තියෙන්නේ?

අපිට නම එව්වාම අපි ඒක ගැසට් කරනවා. අපි කිසිම වෙලාවක නම් අපි ළඟ තියාගෙන සති ගණන් කල් මරලා නෑ. ලැබුණු සැණින් අපි ඒක ගැසට් කරනවා. ඒ අනුව මුල්ම දවසේ අපි නම් 19ක් ගැසට් කළා. දෙවැනි දවසේ අපි නම් 3ක් ගැසට් කළා. අද අපිට ආවොත් ඉතිරි නම් 7, අපි ඒක අදම ගැසට් කරනවා. ඒ හැරෙන්න පක්ෂයේ අභ්‍යන්තර කාරණා අපිට අදාළ නැහැ.

රටේ ජනතාව සමානුපාතික ක්‍රමය යටතේ ආසන 196කට මහජන නියෝජිතයන් තෝරා පත්කරගන්නා අතරවාරයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් තෝරා පත්කර එවලා තියෙනවා. එතැනදී කියැවෙන කාරණාවක් තමයි ජාතික ලැයිස්තුවේ නම්කර තිබෙන සාමාජිකයන් 29 දෙනාට අමතරව පැරැදිච්ච අයගේ නමුත් සමහර අවස්ථාවදී ජාතික ලැයිස්තු ලේඛනයේ නම් සඳහන් නොවුණු සහ මහ මැතිවරණයට තරග නොකරන ලද අපේක්ෂකයන් පවා ජාතික ලැයිස්තුවට මුවාවෙලා පාර්ලිමේන්තුවට එනවා කියලා චෝදනාව?

තරග නොකරන ලද පාර්ශ්වයට පළමු වටයේදී එන්න බෑ. මුල්ම වටයෙන් ජාතික ලැයිස්තුවට පත්කිරීම් කරද්දී අනිවාර්යයෙන්ම ඔවුන් අපිට දුන්න ජාතික ලැයිස්තුවෙන් හෝ එම මැතිවරණය සඳහා කොට්ඨාස මට්ටමෙන් නාමයෝජනා භාරදීලා තරග කරලා පරාජය වෙච්ච අපේක්ෂකයන්ගේ නමක් යෝජනා කරන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යවස්ථාව යටතේ. ඒක අතීතයේ සිටම සිදුවෙච්ච දෙයක්. පිටින් ඉඳලා බලන කෙනෙකුට පේන්න පුළුවන් පැරැදිච්ච කෙනෙකුට දෙනවා කියලා. මතක තියාගන්න මේ මැතිවරණ ක්‍රමය පුද්ගල බද්ධ මැතිවරණ ක්‍රමයක් නෙවෙයි. මේ සමානුපාතික නියෝජනය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිමය කාරණා තුළ තියෙන දෙයක්. නමුත් අපේ රටේ සමානුපාතික නියෝජන ක්‍රමය භාවිත කරද්දී මැද හරියේදී මේකට ඈඳගන්නවා මනාප ක්‍රමය. මොකද හේතුව, අපිට දශක ගණනාවක් තිස්සේ අපේ ලේවල දුවන්නේ පුද්ගල දේශපාලනය. නම්වලට, පවුලට, ගමට, ඉස්කෝලෙට වගේ පුද්ගල කාරණා මත පදනම් වෙච්ච දේශපාලනයක් තමයි අපේ ඇඟේ තියෙන්නේ. ඒ නිසාම ප්‍රතිපත්තිය කියන කාරණාවට ප්‍රමුඛත්වයක් නෑ. ඒ නිසාම තමයි සමානුපාතික මැතිවරණයේ මුල් ආකෘතිය වෙනස් වෙලා ඒකට මනාප ක්‍රමය ඇතුළු වුණේ. මනාප ක්‍රමයෙදී අපි ආපහු යන්නේ පුද්ගල බද්ධ ක්‍රමවේදයට. එතැනදී මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය තමයි ඇයි මේ පැරැදිච්ච කෙනාට මන්ත්‍රී ධුරයක් දෙන්නේ කියන එක. මතක තියාගන්න මේක මැතිවරණ ක්‍රමයේ තියෙන ප්‍රතිපත්තිමය කාරණාවක්. පක්ෂයේ ප්‍රතිපත්තියත් එක්ක. ඒ නිසා පක්ෂයට ඕනෙම අවස්ථාවක ඉඩකඩ තියෙනවා මේ ක්‍රමය තුළ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙක් පත්කර ගන්න. ඇත්තටම මුල් සමානුපාතික නියෝජනය ක්‍රමයේ අර්ථය ඒක තමයි. නමුත් මේකට මනාප ක්‍රමය එකතු වුණා. ඊට පස්සේ මේ දක්වා පැවැති මැතිවරණවලදී ඇතිවුණු ම්ලේච්ඡ ගතිවලට හේතුව තමයි මනාප පොරය.

ඔබතුමාටත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මෙන්න අපේ දේශපාලන පක්ෂයේ අපේක්ෂකයන් කියලා පක්ෂවලින් අපේක්ෂකයන්ව ජනතාව ඉදිරියට එවනවා. ඔබතුමා එක පැත්තකින් කියනවා මේ මනාප ක්‍රමය ගැටලුසහගතයි කියලා. ඒ නිසා පක්ෂයේ ප්‍රතිපත්තිය දිනවලා, ඒ පක්ෂයට කැමැති කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්න කියලා?

ඔව්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදද්දී සමානුපාතික නියෝජන ක්‍රමයේ සංශෝධනය ගේනකොට මනාප ක්‍රමයක් තිබුණේ නෑ. මනාප ක්‍රමයෙදී වුණේ සමානුපාතික නියෝජන ක්‍රමය විකෘති වීමක්.

තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තියට ඡන්දේ ලැබුණට පස්සේ තමන්ට කැමැති පුද්ගලයන් පක්ෂයක් විසින් පත්කර ගන්න ක්‍රමයක් ආවොත් ජනතාවට මේ තරම්වත් නිවැරැදිභාවයක් තියෙන පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

ඒක තමයි ප්‍රශ්නේ. ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනවා නම් හොරුන්ට ඇතුළේ ඉන්න බෑනේ. පක්ෂවල ව්‍යවස්ථා අරගෙන බලන්නකො කොච්චර සුජාතයිද කියලා. අපේ අවුල තියෙන්නේ ඔතැනයි.

පරාජිත දේශපාලන නියෝජිතයෝ මන්ත්‍රීවරුන් විදියට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමේ ගැටලුවක් නෑ ව්‍යවස්ථාවට අනුව. එම පක්ෂවල ව්‍යවස්ථාව අනුවත් ඒකේ ගැටලුවක් නැත්නම් අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාවක් නෑ. ඒ ඒ දේශපාලන පක්ෂත්, සාමාජිකයොත් සියලු දෙනාම මේක අනුමත කරනවා නම් මැතිවරණ කොමිසම කොහොමද ඒක ප්‍රශ්න කරන්නේ? මොකද අපි ආයතනයක් විදියට කරන්නේ පවත්නා නීතිය ක්‍රියාත්මක කිරීමයි.

ඔබ කිව්වා මේ වෙද්දී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් හැර සෙසු ධුරවලට පුද්ගලයෝ නම්කරලා අවසානයි කියලා. අපි පහුගිය කාලේ දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට එන්නේ මහ මැතිවරණය අවසන් වෙලා මාස 8කට විතර පස්සේ. මේක ඉතා බරපතළ තත්ත්වයක්. මේක නීති විරෝධී කියලා කියැවෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යවස්ථාවට අනුව?

ඔව්. මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරලා සතියක් ඇතුළත තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම්කරන්න ඕනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළා 15 වැනිදා. ඒ නිසා අපි සියලු පක්ෂවලට ලිඛිතව දන්වලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. මොකද 21 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙනවා. ඒ අනුව අපි හිතනවා ඉදිරි දින කීපය තුළ ඉතිරි නම් අපිට එවයි කියලා.

එව්වේ නැත්නම් මොකද වෙන්නේ?

එව්වේ නැත්නම් අපිට තියෙන්නේ නීත්‍යනුකූලව පත්කිරීමක් නොකර ඉන්න. දිස්ත්‍රික්ක මට්ටමෙන් 5%ට අඩුවෙන් ඡන්ද ගත්ත සියලු දේශපාලන පක්ෂ අපි ගණනය කරන්නේ නෑ. ගිය වර 66,000කට ජාතික ලැයිස්තුවෙන් කෙනෙක් පත්වුණා. මෙවර 87,000ක වගේ ප්‍රමාණයටත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් එනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් තෝරාගන්නේ කොයි ආකාරයටද?

ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරාගන්නේ මැතිවරණය අවසානයේ සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 29න් බෙදලා. 29න් බෙදුවාම ලැබෙන උත්තරයෙන් එක් එක් දේශපාලන පක්ෂය ලබාගත්ත සංඛ්‍යාව බෙදාගෙන යනවා. එහෙම බෙදාගෙන ගියාම පූර්ණ සංඛ්‍යා ලැබෙනවා. පළමු වටයේදී එම පූර්ණ සංඛ්‍යාවලින් 29 හරිගියේ නැත්නම් අපිට යන්න වෙනවා බැලන්ස් එකට. මේකේ පූර්ණ වශයෙන් ගිහිල්ලා තිබුණා 17ක් ජාතික ජන බලවේගයට. ඊට පස්සේ ඉතිරියෙන් තමයි තව එකක් එන්නේ. ඒ නිසා හැම ඡන්දයකටම වටිනාකමක් තිබෙනවා.

ජාතික ලැයිස්තුවට නමක් එවන්නේ නැතුව මාස 8ක් තියාගෙන ඉඳලා ඊට පස්සේ එවන නම්, අර රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ එවන ඒවා නීත්‍යනුකූලයිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බැලුවාම ඒකේ නීත්‍යනුකූල බවක් දකින්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ ප්‍රතිඵල ප්‍රකාශ කරලා සතියක් තුළ එවන්න කියලනේ. හැබැයි කිසි තැනක එහෙම නොවුණොත් මොකද කරන්නේ කියන එක සඳහන් වෙලා නැහැ.

මෙවර මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් දකින්න ලැබුණා පෙර මැතිවරණයට වඩා. ඡන්ද ලක්ෂ 53ක් මෙවර ඡන්දය ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. ඇයි මේ ජනතාවගේ උනන්දුව අඩුවෙලා තියෙන්නේ ඡන්දය දෙන්න යන්න?

ගිය පාර 79%ක් තිබුණා. මේ පාර 69%ක් වෙලා තියෙනවා. 10%ක අඩුවීමක් දකින්න පුළුවන්. ළඟ ළඟ මැතිවරණ පැවැත්වෙන අවස්ථාවලදී ඡන්ද වැටීමේ පොඩි අඩුවක් දකින්න ලැබෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. මම දකින්නේ, අපි හැමෝම කැමැතියි දිනන කෙනකුට ඡන්දේ දෙන්න. මගේ අපේක්ෂකයා දිනනවා නම් තමයි අපි කැමැති ඔහුට ඡන්දේ දෙන්න. ඒ දිනන මානසිකත්වයත් එක්ක තමයි අපි ඉන්නේ. නමුත් සමාජ මාධ්‍යවල ඉන්න අයට දැනෙන්න ඇති ආණ්ඩු බලය ගන්න ඕනේ කියලා තරග කළේ කවුද කියන එක. හැමෝම හැදුවේ ‘ප්‍රබල විපක්ෂයක්’ ‘එඩිතර විපක්ෂයක්’ ‘විපක්ෂයේ වෙනසක්’ කරන්න. අඩු ගානේ බලයේ හිටපු ආණ්ඩුවට අදාළ දේශපාලන පක්ෂ පවා උත්සාහ කළේ විපක්ෂ නායකකම ගන්න. එතකොට ඒගොල්ලන්ගේ අනුගාමිකයන්ට මොකක්ද වෙන්නේ? අපි දුන්නත් නැතත් කොහොමත් විපක්ෂයනෙ කියලා මතයක් හැදෙනවා. එතකොට ඒ පාක්ෂිකයෝ ඡන්දේ දෙන්න ඡන්ද මධ්‍යස්ථානයට එයිද? පරදිනවා නම් මැච් එක බලයිද? නෑනේ. අපේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා ඒ වෙලාවේ. ඒක තමයි වුණේ දිගටම. මේක මගේ පෞද්ගලික මතය. පාක්ෂිකයා ඡන්ද මධ්‍යස්ථානයට ගෙන්වා ගැනීමේ වගකීම තියෙන්නේ දේශපාලන පක්ෂවලට. කොමිෂන් සභාවට බෑ පාක්ෂිකයෝ ගෙන්වලා ඡන්දේ දෙන්න කියන්න. කවුරු හරි කියනවා ඡන්ද ප්‍රතිශතය අඩුවීමට කොමිෂන් සභාව වගකියන්න ඕනේ කියලා මම කියන්නේ ඔහු පිස්සෙක් කියලා. එහෙනම් ඡන්ද ප්‍රමාණයක් වැටිලා තියෙන්නේ කොහොමද? අදාළ පක්ෂ තමන්ගේ පාක්ෂිකයෝ ටික ගෙන්නගෙන තියෙනවනේ ඡන්ද පොළට. ඒ වැරැද්ද තමයි ඡන්දය ප්‍රකාශ කිරීම අඩුවීමට හේතුව.

මැතිවරණ ක්‍රියාවලිය අතුළේ වියදම් නියාමනය කිරීම සම්බන්ධයෙන් විශාල කතාබහක් තිබෙනවා. ජනාධිපතිවරණයේ වියදම් නියාමනය කිරීමට පනතක් ක්‍රියාත්මක වුණා. එහිදී අපේක්ෂකයන් ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් ඔබතුමා සෑහීමකට පත්වෙනවද? තුන්දෙනෙක් තොරතුරු ලබාදුන්නේ නෑ කියලත් කියවුණා නේද?

තොරතුරු ලබා නොදුන් තිදෙනාට අපි නඩු පවරීමට අදාළ කටයුතු සූදානම් කරලා තිබෙනවා.

කවුද ඒ තුන්දෙනා කියලා කියන්න පුළුවන්ද?

බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ, යාපනෙන් තරග කරපු අරියනේත්‍රන් මහත්මයා සහ සරත් කීර්තිරත්න මහත්මයා. ඊට අමතරව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් නම්කරපු කණ්ඩායම් 10ක් ඉන්නවා. ඒ අනුව මේ 13ටම අදාළ ගොනු අපි පොලිසියට භාරදීලා තියෙනවා. මොකද නඩු පැවරීම කරන්නේ පොලිසියෙන්.

පහුගිය ජනාධිපතිවරණයට අදාළව යම් අපේක්ෂකයකුට ලැබුණු පරිත්‍යාගයන් හෝ ආධාර මුදල් සහ ඔහුගේ වියදම් වාර්තා අතර පරස්පරතාවක් ඇතිවුණොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද?

ඒක දන්නේ දුන්න අය සහ ගත්ත අයනේ. එහෙම අවස්ථාවකදී දුන්න කෙනාට පුළුවන් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ නඩු දාලා, නඩු විභාගයෙන් පස්සේ ධුරය අහෝසි කිරීම දක්වා ඒක යන්න පුළුවන්.

මහ මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් සම්බන්ධයෙන් වන නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

මහ මැතිවරණයට තරග කළා අපේක්ෂකයන් 8,888ක්. ඉන් ජයග්‍රහණය කළේ 225යි. මේ 8,888 දෙනාම තමන්ගේ වියදම් ප්‍රකාශ ලබාදිය යුතුයි දෙසැම්බර් මාසේ 06 වැනිදාට පෙර. තමන්ගේ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරිවරයාට.

පසුගිය මහ මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයේදී කොපමණ මුදලක් වියදම් වුණාද?

අපි තවම සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරණයේ ගෙවීම් කරලා අවසන් නැහැ. ජනාධිපතිවරණයට ඇස්තමේන්තු කරලා තිබුණු බිලියන 10න් බිලියන 3ක් විතර ඉතුරු කරගන්න පුළුවන් වුණා කියලා මම බොහෝ විට හිතනවා. පාර්ලිමේන්තු මැතිවරණයට අපි ඉල්ලලා තිබුණා බිලියන 11ක්. ඒකෙනුත් සැලකිය යුතු මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් දැන් යෝජනා වෙලා තියෙනවා. කොයි කාලේ වගේ ඒ මැතිවරණය පැවැත්වෙයිද?

අධිකරණ තීන්දුව දුන්න ගමන්ම පවත්වන්න ඕනේ කියන එකයි මගේ මතය වුණේ. නමුත් අධිකරණ තීන්දුව ලැබෙනකොට අපි හිටියේ ජනාධිපතිවරණය මැද. ජනාධිපතිවරණය සහ පළාත් පාලන මැතිවරණය කියන්නේ එකිනෙකට සම්පූර්ණයෙන් පරස්පර මැතිවරණ දෙකක්. ඒ නිසා දෙකම එකට කරන්න බැහැ. ජනාධිපතිවරණය අවසන් වෙලා සති දෙකක් විතර යනකොට නැවත මහ මැතිවරණය කැඳෙව්වා. ඒ අනුව ආයෙත් ප්‍රශ්නයක් මතුවුණා පළාත් පාලන මැතිවරණය සහ මහ මැතිවරණය කියන දෙකම එකට තියන්නේ කොහොමද කියලා. ඒ මැතිවරණ දෙකත් එකිනෙකට වෙනස්. ඒ නිසා දැන් අපිට අවස්ථාව තියෙනවා පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පවත්වන්න. උසස් පෙළ විභාගය අවසන් වුණාම මැතිවරණයට අදාළ දිනය ප්‍රකාශ කරන්න පුළුවන් වේවි. ඒ වගේම ඒ සඳහා අයවැය අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන්කර ගන්නත් අවශ්‍ය වෙනවා. බොහෝ විට ජනවාරි මාසයේ වගේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව ලැබේවි කියලා මම හිතනවා.

Mee Massoo TV යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඡන්දයක් පැරදුණාම නායකයෝ වෙනස් කරන්න දඟලන… පක්ෂ ඇතුළේ කුමන්ත්‍රණ කරන සජබ කුරුඳුවත්තේ ටයිකෝට්කාරයන්ට පැරදිලත් තිස්ස හොඳ පාඩමක් කියලා දෙයි! Sri Lanka Latest News

Next Post

තවත් කේස් එකක් පත්තු වෙයි! දේශබන්දුටයි තවත් පොලිස් ලොක්කන් 4 දෙනෙක්ටයි උසාවි එන්න කියයි! Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.