• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට හොඳ නැති රනිල්ට හොඳ වුණු රෝහිත ලන්ඩනයෙන් එළියට දාමු! Sri Lanka Latest New

November 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රටට හොඳ නැති රනිල්ට හොඳ වුණු රෝහිත ලන්ඩනයෙන් එළියට දාමු! Sri Lanka Latest New
Share on WhatsAppShare on Facebook

බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස රෝහිත බෝගොල්ලාගම පත්කරනු ලබන්නේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. එම පත්වීම හරහා බි්‍රතාන්‍යයට යන ඔහු, ශ්‍රී ලංකාවේ කීර්තියට සහ රාජ්‍යතාන්ත්‍රිකභාවයට කැළලක් වන ආකාරයේ සිදුවීම් රාශියක් සිදුකර ඇති බවට පසුගිය මාස කිහිපය පුරාම වාර්තා වුණා. (Sri Lanka Latest New)

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අද්විතීය ස්ථානයක් හිමිකරගෙන සිටි අභාවප්‍රාප්ත ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ දියණිය වන ගයාත්‍රී කේමදාසට රෝහිත බෝගොල්ලාගමගේ අදූරදර්ශී ක්‍රියාවක් හේතුවෙන් මුහුණ දීමට සිදුවූ ලැජ්ජාසහගත සිදුවීම ඉන් ප්‍රධානයි. මෙම නින්දිත ක්‍රියාව සිදුව තිබුණේ 2024 මැයි මස 12 වැනිදා එංගලන්තයේ ශාන්ත මරියා දෙව් මැඳුරේදීයි. එදින එහි විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර, එය සංවිධාන කර තිබුණේ එරට ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලක් විසින්. පස්වරු 3 සිට පැය 2ක කාලයක් මේ ප්‍රසංගය වෙනුවෙන් වෙන්කර තිබුණු අතර, ඒ සඳහා ලංකාව නියෝජනය කරමින් ආරාධනා ලැබ තිබුණේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය වන ගයාත්‍රී කේමදාසටයි. ඒ අනුව ගයාත්‍රී, එම ප්‍රසංගයට සහභාගි වීම සඳහා එංගලන්තයට පැමිණියා. ප්‍රසංගය නැරැඹීමට බි්‍රතාන්‍ය ජාතිකයන් ඇතුළු විදේශිකයන් 500කට ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර, බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, ඇමැතිවරු, සාමි මන්ත්‍රීවරු, ඉංජිනේරුවරු, වෛද්‍යවරු, ව්‍යාපාරිකයන් ඇතුළු සුවිශේෂ ආරාධිතයන් පිරිසක්ද ඒ අතර සිටියා.

මෙම සුවිශේෂ සංගීත ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන ලෙස බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමටද ආරාධනා කර තිබුණා. බෝගොල්ලාගම එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන බවට විශාල ප්‍රචාරක්ද සංවිධායක මණ්ඩලය විසින් දියත් කර තිබුණා. එසේම ඔහුට විශේෂ දේශනයක් පවා එහි වෙන්කර තිබුණා. එසේ තිබියදී අවසාන මොහොතේ බෝගොල්ලාගම ප්‍රකාශ කර තිබුණේ තමන් එම උත්සවයට සහභාගි නොවන බවටයි. එම ප්‍රකාශයත් සමග උත්සවයේ සංවිධායකවරු සහ ගයාත්‍රී කේමදාස පත්ව තිබුණේ දැඩි අපහසුතාවකටයි. ශ්‍රී ලංකාවේ සංගීත ශිල්පිනියකගේ සහභාගිත්වයෙන් එංගලන්තයේ පැවැත්වෙන සුවිශේෂ උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා හිටි හැටියේ ඊට සහභාගි නොවන බව ප්‍රකාශ කිරීම හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරන්නටද වුණා.

බි්‍රතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ එම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරන මහකොමසාරිස්වරයා ලෙස සහභාගි වී අපේ රටට විශාල වාසියක් සහ ගෞරවයක් අත්පත් කරදීමට තිබූ අවස්ථාවක් රෝහිත බෝගොල්ලාගම විසින් එදා එලෙස පැහැර හැරියා. රෝහිත බෝගොල්ලාගම කේමදාස දියණියට සිදුකළ මෙම නින්දිත ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට සිදුවූ කැළලද සුළුපටු නැහැ.
ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය වූ ගයාත්‍රී කේමදාස රාජ්‍ය අනුග්‍රහය පවා සහිතව එම අවස්ථාවට සහභාගි වී සිටියේ තමන්ගේ සංගීත දැනුම, හැකියාව සහ පෞද්ගලික සබඳතා පාවිච්චි කරමින්. ඒ හරහා ඇය උත්සාහ කළේ අපේ රටට කීර්තියක් අත්පත් කරදීමටයි. නමුත් බෝගොල්ලාගම සිදුකළ එම කඩාකප්පල්කාරී ක්‍රියාව හරහා ගයාත්‍රී කේමදාසගේ එම අපේක්ෂාවන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ අපේක්ෂාවන්ද බොඳව ගියා.
පසුව, සංගීත ප්‍රසංගයේ සංවිධායක මණ්ඩලය, බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගේ නොපැමිණීම සම්බන්ධයෙන් ගයාත්‍රී කේමදාසගෙන් විමසා තිබූ අතර, ඒ අවස්ථාවේ ඇය පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

රෝහිත බෝගොල්ලාගමට මෙම සුවිශේෂ වැඩසටහනට සහභාගි වන ලෙස 2024 මාර්තු 27 වැනිදා සිට අවස්ථා ගණනාවකදීම දැනුවත් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණා. ඒ, ඊමේල් පණිවුඩ, වට්ස්ඇප් පණිවුඩ සහ දුරකතන ඇමතුම් මගින්. ඔහු එම සෑම අවස්ථාවකදීම පවසා තිබුණේ තමන් එම උත්සවයට සහභාගි වන බවටයි. එසේ තිබියදී උත්සවය ආරම්භ වීමට මඳ වේලාවක් තිබියදී ඔහු ඊට නොපැමිණෙන බව දැනගෙන ඇති සංවිධායකයන් ඔහුව දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ දරා තිබෙනවා. නමුත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දක්වා නැහැ. අවසානයේ බෝගොල්ලාගම වෙනුවට බි්‍රතාන්‍යයේ නියෝජ්‍ය මහකොමසාරිස් මනෝරි මල්ලිකාරච්චිව හෝ එම අවස්ථාවට සම්බන්ධ කරගැනීමටයි සංවිධායකයන් උත්සාහ දරා තිබුණේ. නමුත් විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇයද එම අවස්ථාවට සහභාගි වීම මගහැර තිබුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රධාන ආරාධිත අමුත්තා මෙම අවස්ථාවට සහභාගි නොවන බව දැනගත් ගයාත්‍රී කේමදාස, එවක අදාළ විෂය භාර අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධනට දුරකතන ඇමතුමක් ලබාදී මෙම සිදුවීම ගැන පවසා තිබෙනවා. මහකොමසාරිස්වරයා උත්සවයට නොපැමිණෙන නිසා ඒ වෙනුවෙන් යම් මැදිහත් වීමක් කරන ලෙස ඇය ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඒ අනුව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා, හිටපු විදේශ කටයුතු ඇමැති අලි සබි්‍රට සහ තවත් කිහිප දෙනකුට කතාකොට මේ වෙනුවෙන් පියවරක් ගන්නා ලෙස දැනුම් දී තිබූ නමුත් එයද සාර්ථක නොවූ තැන බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා රෝහිත බෝගොල්ලාගමට දුරකතන ඇමතුමක් ලබාදී පවසා තිබුණේ කෙසේ හෝ සංගීත ප්‍රසංගයට සහභාගි වන ලෙසයි. එහෙත් ඒ අවස්ථාවේ බෝගොල්ලාගම පවසා ඇත්තේ තමන් එවැනි ප්‍රසංගයක් පිළිබඳ නොදන්නා බවයි. එසේ වුවද බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ කාර්යාලයේ ඔහුගේ අතිරේක සහකාරිය ලෙස කටයුතු කරන ලෝචනා ජයසිංහ නම් නිලධාරිනියටද මාසයක පමණ සිට සංවිධායක මණ්ඩලය විසින් දුරකතන ඇමතුම්, වට්ස්ඇප් පණිවුඩ සහ ඊමේල් හරහා මෙම උත්සවය සම්බන්ධයෙන් දැනුම් දී ඇත. එවැනි පසුබිමකයි රෝගිත බෝගොල්ලාගම මෙම අවස්ථාව හිතාමතාම මහගැර ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් එල්ල කර තිබුණේ. මේ, රෝහිත බෝගොල්ලාගමට එල්ල වූ එක් චෝදනාවක් පමණයි.

බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්වීමට පෙර සිටම රාජ්‍ය ධනය අවභාවිත කිරීම් ඇතුළු විවිධ දූෂණ අක්‍රමිකතා සිදුකළ අයෙක් ලෙස රෝහිත බෝගොල්ලාගමට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයක්. එසේම රෝහිත බෝගොල්ලාගම බි්‍රතාන්‍යයේදීත් විවිධ වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මීට වසර ගණනකට ඉහතදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ‘ප්‍රමුඛ’ බැංකුවේ සභාපති ලෙස එකල කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු නමැත්තාගේ බිරිය සමග එක්වී රෝහිත බෝගොල්ලාගම බි්‍රතාන්‍යයේ නිවාස විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කර, ඒ හරහා විශාල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවද සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව බි්‍රතාන්‍යයේ නඩු පවා ගොනුවී ඇති බව සඳහන්ය. මෙවැනි චෝදනා සහිත පුද්ගලයෙක් බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළත්, ඔහුව මහකොමසාරිස් ලෙස බි්‍රතාන්‍ය රජය පිළිගෙන තිබුණේ නැහැ. ඊට හේතුව වී ඇත්තේ බෝගොල්ලාගමට එල්ලවී ඇති විවිධ චෝදනායි.

එසේම, රෝහිත බෝගොල්ලාගමගේ පුත්‍රයා වන දක්ෂිත බෝගොල්ලාගමටද දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. සිංගප්පූරු ජාතිකයකුට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි පීකොක් බීච් නම් සංචාරක හෝටල් ජාලයේ පරිපාලන නිලධාරියෙක් ලෙස දක්ෂිත බෝගොල්ලාගම කලක් කටයුතු කර ඇති අතර, එම කාලයේදී කූට ලේඛන සකස් කර අදාළ සිංගප්පූරු ජාතිකයාගේ දේපළ කිහිපයක් තමන් යටතට පවරා ගැනීමට දක්ෂිත බෝගොල්ලාගම උත්සාහ දරා තිබෙනවා. එම වංචාව හෙළිවීමෙන් පසු දක්ෂිතට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කරන අතරතුර, ඔහු එයින් බේරීම සඳහා බි්‍රතාන්‍යයට ගොස් සිටිනවා. ඔහු මේ වන විටත් බි්‍රතාන්‍ය මහකොමසාරිස් වන තම පියාගේ නිල නිවෙසේ රැඳී සිටින බව වාර්තා වනවා.

මේ අතර, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිවෙසේ සේවය කළ පුද්ගලයෙකු මීට දින කිහිපයකට පෙර දරුණු හිංසනයකට ගොදුරුව ඇති බවද වාර්තා වුණා. තමන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් අදාළ සේවකයා බි්‍රතාන්‍ය පොලිසිය දැනුවත් කර තිබුණද මහකොමසාරිස්වරයාට ලැබී තිබෙන රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හේතුවෙන් අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර බැලීම සඳහා බි්‍රතාන්‍ය පොලිසියට ඒ මොහොතේ හැකියාවක් ලැබී නැහැ. එම සිදුවීමෙන් පසු රෝහිත බෝගොල්ලාගමගේ නිවෙසේ සේවය කළ එම සේවකයා හදිසි ගුවන් ගමන් බලපත්‍රයකින් දිවයිනට එවා ඇති බවද වාර්තා වනවා.
ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ මෙම ප්‍රශ්නකාරී හැසිරීම සම්බන්ධව මෙන්ම දේශපාලන පත්වීම් ලෙස විදේශීය දූත මණ්ඩලවලට පත්වීම් ලද පුද්ගලයන් සම්බන්ධව විමර්ශනයක් සිදුකර ඉදිරි පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, විදේශ අමාත්‍ය විජිත හේරත් පසුගිය 29 වැනිදා සඳහන් කළා. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම සම්බන්ධව සහ ඔහුගේ වියදම් සම්බන්ධව විවිධ චෝදනා පැනනගිමින් ඇති බවත්, ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඇමැතිවරයා එහිදී කියා සිටියා. මහකොමසාරිස්වරයෙක් යනු රටක නියෝජනයක් බැවින් එක්වරම සිදුකරන හදිසි කැඳවීම් රටක් ලෙස රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු සඳහා ගැටලු මතුකරන බැවින් කෙටි කාලසීමාවක් තුළ මෙම මහකොමසාරිස්වරයා සම්බන්ධව පියවර ගන්නා බවත්, රජය කිසිම අවස්ථාවක කිසිවෙක් ආරක්ෂා නොකරන බවත් විජිත හේරත් අමාත්‍යවරයා සඳහන් කළා.

විජිත හේරත් අමාත්‍යවරයා, රෝහිත බෝගොල්ලාගමගේ මෙම ගැටලුකාරී හැසිරීම සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ පවසා සිටියා.
‘එක්සත් රාජධානියේ දැනට සිටින මහ කොමසාරිස්වරයා සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති පහුගිය කාලේ අන්තර්ජාලයේ පළවුණා. ඒ එක්කම දේශපාලන පත්වීම් පිළිබඳවත් ප්‍රශ්න කිරීම් තිබුණා. ඉතා පැහැදිලියි. යම් යම් තානාපති කාර්යාලවල, මහකොමසාරිස් කාර්යාලවල කටයුතු කරන අය පිළිබඳ සමහර අවස්ථාවල චෝදනා ඉදිරිපත් වෙලා තිබුණා. චෝදනාවක් ආවම ඒ චෝදනා පිළිබඳ විභාග කරලා පියවර ගැනීම තමයි අමාත්‍යාංශයක් විදිහට අපි කරන්නේ. මෙතුමා සම්බන්ධයෙනුත් ආපු තොරතුරු අපි සොයලා බැලුවා. ඒ මහකොමසාරිස්වරයාගේ ගෙදර කටයුතු සඳහා සේවකයන් දෙදෙනෙක් ගෙනිහින් තිබුණා. ඒක මෙතෙක් කල් පැවැති ක්‍රමවේදය. ඒ අයට පඩිනඩි ගෙවන්නේ ආණ්ඩුවෙන්. ඒක පවතින ක්‍රමය. එක සේවකයෙක් මීට කලින් පැනලා ගිහින් තිබුණා. දෙවැනි සේවකයා සම්බන්ධව තමයි මේ ප්‍රශ්නය මතුවුණේ. ඔහුගේ පාස්පෝට් එක තියාගත්තා කියලා තමයි පැමිණිල්ල ඇවිත් තිබුණේ. ඒ සම්බන්ධව පොලිසිය මහ කොමසාරිස්වරයාගේ නිවෙසට ගිහින් තිබුණා. ඒ අනුව ඒ සේවකයාට නැවත පාස්පෝට් එක ලබාදීලා දැන් ලංකාවට ඇවිත් ඉන්නවා. එතකොට ලංකාවට ගෙන්වා ගැනීමේදී විදේශ අමාත්‍යාංශයෙන් ඒ වියදම් දරනවා. ඒක තමයි ක්‍රමය. ඒ විදේශ දූතමණ්ඩල සඳහා ලබාදීලා තියෙන පහසුකමක්. ඒ පහසුකම අනුව ඒ සේවයකයන්ගෙ වැටුප් ගෙවීම, යාම් ඊම් වියදම් දැරීම ආණ්ඩුව මගින් දරනවා.

කොහොමත් මෙතුමා සම්බන්ධව සහ මෙතුමාගේ වියදම් සම්බන්ධව විවිධ චෝදනා පැනනගිමින් තියෙනවා. ඒ ගැන සොයාබලමින් සිටිනවා. රටක නියෝජනයක් තමයි මහ කොමසාරිස්වරයෙක් කියන්නේ. එක පාරට හදිසි කැඳවීම් කළාම රටක් විදිහට අනෙක් රටවල් එක්ක ගනුදෙනු කරද්දි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ඒ නිසා ක්ෂණිකව ගෙන්වාගන්න එක නෙමෙයි, කෙටි කාලසීමාවක් තුළ ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඔවුන් ආරක්ෂා කරන්නේ නෑ. ඔහුට කාර් රථයක් අරන් තිබුණා. මාධ්‍යවල පළකරලා තිබුණා සුඛෝපභෝගී රථයක් කියලා. ලංකාවේ ආණ්ඩුවෙන් හෝ විදේශ අමාත්‍යාංශයේ සල්ලිවලින් නෙමෙයි ඒ වාහනය අරන් තිබුණේ. එතුමාගේ පුද්ගලික මුදල්වලින්. එය අපේ වැය බරක් නෙවෙයි. බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයා සම්බන්ධව මෙය තමයි පැහැදිලි කිරීම….’

SendShareShare
Previous Post

විජයව මැරුවා වගේ මාවත් මරන්නද මේ හදන්නේ? චන්ද්‍රිකාට කේන්ති යයි! පොලිසිය බාර ලේකම්ට තද ලියුමක් ලියයි! I Sri Lanka Latest News

Next Post

බදුල්ල මාරක KDU බස් අනතුරේ බස් එක එලවලා තියෙන්නේ බීලා ඇක්සිඩන්ට් එකක් කරලා මාස 5කට ලයිසන් එක අත්හිටවපු ඩ්‍රයිවර් කෙනෙක්! Sri Lanka Latest News

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.