පසුගිය කාල සීමාවේදී බාල බෙහෙත් නිසා අසරණ තත්ත්වයට පත් වූ සියගණනක් දිවයින පුරා විසර සිටින බැවින් ඔවුන්ගේ ප්‍රශ්නවලට සානුකම්පිතව සවන් දෙන ලෙස සමග ජන සන්ධාන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනවිය ගෙන් ඉල්ලා සිටියි.Sri Lanka Latest News
බාල බෙහෙත් නිසා වින්දිතයන් බවට පත් වූ රෝගීන් නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන් සංදේශයක් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීම ඊයේ සිදු කරනු ලැබීය.
බාල ඖෂධ වංචාවන්ට සම්බන්ධ නිලධාරීන් රැසක් තවමත් සේවය කරන බවත්, වංචා සම්බන්ධ පරීක්ෂණ සඳහා වර්තමාන සෞඛ්‍ය පරිපාලකයන්ගෙන් ප්‍රමාණවත් සහයක් ලැබෙන බව නොපෙනෙන බැවින් අදාල නිලධාරින් ඉවත් කිරීමටද කඩිනමින් කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
දේශපාලන පක්ෂ බේදයකින් තොරව මෙරට මහජනතාව සෞඛ්‍ය අර්බුදය නිසා පීඩාවට පත්ව ඇති බැවින් ඔවුන් වෙනුවෙන් අඛණ්ඩවම තමන් පෙනී සිටින බව ද ඔහු සඳහන් කළේය.










