හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් වෛද්‍ය පහසුකම් සඳහා ලබාදී තිබූ ගිලන් රථ සේවාව අත්හිටුවීමට රජය ගත් තීරණය දේශපාලන පළිගැනීමක් බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසයි.Sri Lanka Latest News
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ හමුවකදී රංජන් රාමනායක මහතා මෙසේ පැවසුවේය.
එය හලාවතදී පැවැත්විණි.
රටේ පැවැති යුද්ධය නවතා දැමීමට ඉමහත් කාර්යභාරයක් සිදුකළ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය නොසලකා තීරණයක් ගැනීම තමා එකඟ නොවන බවත් ඉන්දියාවේ සත්‍යජිත් රායිට පවා ගිලන් රථ සේවාවක් ලබාදී තිබූ බවත් රාමනායක මහතා මෙහිදී කීවේය.









