• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා – අපෙන් හොරකම් කරපු සල්ලි තියෙනවා උගන්ඩාවේ! ඒවා ගේන්න ඕනේ නැද්ද? අද – උගන්ඩාවට අරන් ගියේ තෝමස් ඩිලාරෝ සමාගමෙන් කරපු ඇණවුමකට මුද්‍රණය කරපු මුදල්! උගන්ඩා මැණිකේ කට වරද්දා ගත්තාද? Sri Lanka Latest News

October 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනතා මුදල් අවභාවිත කර ඇති ඕනෑම අයකුගෙන් එම මුදල් නැවත අයකර ගැනීම මෙරට ජනතාවගේ බලාපොරොත්තුවක් බව ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසනවා. උගන්ඩාවේ හෝ වෙනත් තැන්වල සඟවා ඇති අයථා ධනය නැවත ලබාගැනීමේ අවශ්‍යතාව ගැන තමන් මීට පෙර සඳහන් කළේ එම අර්ථයෙන් බවද ඇය පෙන්වා දුන්නාය. පසුගියදා මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය ප්‍රකාශ කර සිටියේ තමන් පැවසූ දේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගැනීමට සූදානම් බවයි. (Sri Lanka Latest News)

මාධ්‍යවේදියා
උගන්ඩාවෙන් මුදල් ගේන කතාවක් කියැවුණානේ. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

නිලන්ති කොට්ටහච්චි
මේ කෙටිකාලීන දේශපාලනය ඇතුළේ අවලාදවලට යම් යම් මඩ ප්‍රචාරවලට මම කරපු සමහර ප්‍රචාරයන් පාදක වුණා. මෑත කාලයේ මට නමක් පටබැඳිලා තියෙනවා ‘උගන්ඩා මැණිකේ’ කියලා. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ පැහැදිලිවම ජනාධිපතිවරණ රැලි මාලාවේදී දේශපාලන වේදිකාවේ කරපු සෑම කතාවකදීම මගේ මූලික ඉලක්කය වුණේ මේ රටේ නීතිය, සාමය, යුක්තිය, සාධාරණත්වය නැවත ඇතිකරලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර සහෝදරයට සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මොකක්ද කළහැකි කාර්යභාරය කියන එක. ඒ ඉලක්කගත වෙච්ච ප්‍රතිපත්ති මාලාවේ අපි අපේ විශාලම සැලැස්මේ කොටසක් විදියට ඉදිරිපත් කළා වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ලෝකයේ දියුණු රටවල නීතිය ක්‍රියාත්මක කිරීමේදී එබඳු ආයතන පිහිටුවලා තියෙනවා පාලන තන්ත්‍රය විසින් තමන්ගේ දේශය තුළ හෝ දේශයෙන් පිටත. මහජනතාවගේ මුදල් අයථා විදියට පරිහරණය කරමින්, ආයෝජනය කරමින්, භාවිත කරමින් තියෙනවා නම් ඒවා නැවත අත්පත් කරගන්න පුළුවන් ආයතනයක් පිහිටුවීම. ඔන්න ඔය කොටස ගැන වේදිකාවේ කතාකරන මොහොතේදී ඒ මැද කරපු එක කොටසක් තමයි ‘උගන්ඩාවේ තියෙන සල්ලි නැවත අපේ රටට ගේන්න ඕනේ නැද්ද’ කියලා අහපු ප්‍රකාශය. ඒ ප්‍රකාශය කරන මොහොතෙත් මට පූර්ණ අවබෝධය තිබුණා Thomas De La Rue සමාගම, මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යෑම සිද්ධ කළා. ඒක තමයි මම හිතන්නේ සමාජය විසින් කතිකාවකට ලක්කර ගත්ත පුවත. හැබැයි මේක Thomas De La Rue සමාගම විසින් කරපු ඇණවුමකට අනුව මුද්‍රණය කරපු මුදල් රැගෙන යෑමක්. නමුත් අපි දන්නවා මේ මොහොතේදී උගන්ඩාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල අපේ පෙර පාලන තන්ත්‍රය විසින් අයෝජනය කරපු විවිධ වත්කම් තියෙනවා. කළු සල්ලි සුදු කරපු ඒවා තියෙනවා. ඒවා ප්‍රසිද්ධියේ කරලා නෑ කවුරුවත්. අප්‍රසිද්ධියේ තමයි කරලා තියෙන්නේ. ඒ අප්‍රසිද්ධියේ කරපු මුදල් ආයෝජනවලට අදාළව, මුදල් රැගෙන යෑම්වලට අදාළව අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපේ ආණ්ඩුවක් අපේ බලයක් යටතේ සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ මොහොතෙත් මට කියන්න තියෙන්නේ ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මම පූර්ණ වගකීම දරනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපේ ආණ්ඩුවක් යටතේ යම් විමර්ශන කටයුතු සිදුවේවි. ඒක උගන්ඩාවේ විතරක් නෙවෙයි, අපේ රට ඇතුළේ වුණත්, රටෙන් පිට ඕනෑම රටක වුණත් එහෙම මුදල් රැගෙන ගොස් තියෙනවා නම් සහ වෙනත් නීති විරෝධී ආකාරයකට ආයෝජනය කරලා තියෙනවා නම් ඒකට අවශ්‍ය පියවර ගන්න අපි කිසිම මොහොතක දෙපාරක් හිතන්නේ නැහැ. ඒකට අවශ්‍ය නීත්‍යනුකූල පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදියා
නාමල් රාජපක්ෂ මහත්මයා ඔබේ ප්‍රකාශය පහුගිය දවස්වල අභියෝගයට ලක්කරලා තිබුණා නේද?

නිලන්ති කොට්ටහච්චි
එතුමාට එහෙම අභියෝගයට ලක්කරන්න පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තිබෙනවා. හැබැයි ඒ අභියෝගයට නිසි කලදී නිසි ආකාරයට පිළිතුරු දෙන්න අපි අපේ කණ්ඩායම විදියට සූදානමින් ඉන්නවා.

කෙසේ වෙතත් නිලන්ති කොට්ටහච්චි මහත්මිය පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවේදී සඳහන් කර සිටියේ ‘අපෙන් හොරකම් කරපු සල්ලි තියෙනවා උගන්ඩාවේ. අපිට ඒවා ගන්න ඕනෙ නැද්ද….?’ යනුවෙනි.

SendShareShare
Previous Post

සේනානායක පරපුරෙන් එන වසන්තය! Sri Lanka Latest News

Next Post

එදා නිකම් අනුර..! අද ජනාධිපති අනුර..! ප්‍රථම වතාවට මහා මැතිවරණයේ මාලිමා පක්ෂ වේදිකාවට ගොඩවෙයි! එදා වගේම අදත් ජනතාවගේ ඔල්වරසන් හඬ මැදින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.