ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු පැවසුවේ මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවය.
ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබේ.
ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරන බව ඔහු පැවසුවේය.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන බව රජය මේ වන විට නිවේදනය කර ඇත.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසුවේ නව සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් පත් කිරීම නව අමාත‍්‍යවරුන්ගේ කාර්යභාරයක් බවය.










