පෝෂ් වර්ගයේ මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලබා දී තිබුණේ, ඊට පෙර ලබා දී තිබුණු මෝටර් රථ සියල්ල විවිධ හේතූන් මත කාර්මික දෝශයන්ට ලක්වීම හේතුවෙන් බව හිටපු ජනාධිපති උපදේශක රෝසි සේනානායක මහත්මිය පවසයි.Sri Lanka Latest News
තමන් කිසිසේත්ම සුඛෝපභෝගී මෝටර් රථයක් ඉල්ලා නොසිටි බව පවසන රෝසි සේනානායක මහත්මිය, අදාල පෝෂ් මෝටර් රථය, ශ්‍රාවස්තියේ පුස්කකා තිබූ එකක් බවද පවසයි.
තමන්ට ලබා දුන් අවස්ථාවේ දී එම මෝටර් රථය මහ පාරේ කඩා වැටුණු බවද ඈ පවසයි.
මෙම පෝෂ් මෝටර් රථය, ඇතුළට වත-ුර ගලන, සන්රූෆය වේයෝ කා තිබුණු, කිසි දිනෙක ඩිකිය ඇරගන්න බැරි වූ රථයක් බවද ඈ කියයි.










