සංගීතයක් අහන්න එන්නෙ ආතල් එකක් ගන්ඩ. මං ආවෙ ඒකට. මේ කොරියාවෙ දුක් විඳලා හොයාගත්ත සල්ලි. අපි එව්වා වියදම් කරන්නෙ හෙන ගොඩක් දේවල් හිතලා. ලංකාවට යවන්න ගියත් ඒකෙන් කීයක් හරි කපාගන්නවා. කන්න බොන්න තියෙන සල්ලි ටික වියදම් කරලා අමාරුවෙන් මේ වගේ එකකට ආවම, මුන් ඒකෙන් දේශපාලනේ කරනවා. අපි මාලිමාවට විරුද්ධ නෑ. හෙනම ආසත් නෑ. අපේ කවුරුත් ජේ.වී.පී. එකෙන් මරලා නෑ. ඒක නිසා අපිට එයාලා ගැන අවුලක් නෑ. මේ වෙලාවෙ අනුර කුමාරට ඡන්දෙ දෙන අය දෙයි. එහෙම දෙන එකත් හොඳයි. එයාලත් කරලා බලන්න ඕනනෙ. (Sri Lanka Latest News)
ඒ වුණාට මේ සංගීතයක් බලන්න ගිය වෙලාවෙ රංජන් ලවා ඒක කියවගන්න දඟලන එක ගැන නං එපාවෙනවා සහෝ. මොකක්ද අප්පා, අපි ආවෙ ඔය වාද බයිලා අහන්න නෙමේනෙ අප්පා.
ඒ අස්සෙ සෙට් එකක් නමක් කියලා කෑගහනවා. හැමෝම ඒකෙ නෙමේනෙ. ඒත් මෙයාලා හිතනවා ඇත්තෙ එහෙම. රංජනුත් දැනගන්න ඕනෙ ආව නං සිංදුව කියලා යන්න. අපි රංජන්ට ඡන්දෙ දෙන්න හිතාගෙනෙ මෙතෙන්ට ආව නෙවෙයිනෙ. රංජන් කියන්නෙ කලාකාරායෙක් විදියට එල පොරක්. ඒ නිසා අපි ආදරෙයි. ඒත් ඡන්ද කරන්න ගිහිල්ලා මෙයා කරපු හැම එකක්ම නං අනුමත කරන්නෙ නෑ. මෙයාගෙ පක්ෂය මොකක්ද අරක මේක අපි හොයනවද? නෑනෙ. ඒක නිසා ආව සිංදුවක් කියලා, පොඩි ඩාන්ස් එකක් දාලා ඔක්කොටම ෆන් එකක් දීලා ගියානං ඉවරනෙ.
හැබැයි පස්සෙ ආරංචි වුණා මෙහෙම සීන් එකක්. මෙයාලව මේ ගෙන්නන්නෙ වෙනමම සෙට් එකක්ලු. එයාලා කරන්නෙ මෙයාලට ඔක්කොම වියදම් දීලා මෙහෙට ගෙන්න ගන්න එකලු. ඔය කලාකාරයො කියන සෙට් එක මේ සීන් එකට හෙන ආසයිලු. ආයෙ ගෙන්නන එක නැවැත්තුවොත් කියලා මෙයාලා හෙන බය සීන් එකකලු ඉන්නෙ. ඒකලු මෙයාලා ඔය දෙන සැපක් විඳලා වෙන දෙයක් බලලා කන දෙයක් කාලා යන්නෙ. ඒ නිසා රංජන්ට වුණත් එව්වා නරකයි අවුල් අප්සෙට් කියල පස්ස ගහන්න බෑලු.
අනේ මන්දා ඉතිං ඔව්වා. එයාලා එයාලගෙ සල්ලිවලින් නෙවෙයිනෙ එන්නෙ. එයාලගෙ සල්ලිවලින් නෙමේනෙ ගෙන්නන්නෙත්. මේ ඔක්කොම කරන්නෙ අපේ සල්ලිවලින්. අපි එන්නෙ සල්ලි ගෙවලා. එහෙම ගෙවලා ආපු අපිට ෆන් එකක් ගන්න දෙනවා මිසක් ඡන්ද රැස්වීම් මොකටද? රංජන් ලොක්කට කරන්න දෙයක් නෑ. එයාට වෙන්නෙ මෙයලා කියන එක කරන්න. ඒ කියන එව්වා කියන්න. කිව්වම මෙයා ඔයාලගෙ එකට ඔළුව නැමුවා කියනවා වගේ පොඩි සීන් එකක් දානවා. එව්වා හෙන අවුල් අප්පා. මොනවද මේ ගොං ආතල්.
අපි දන්නවා අනුර කුමාරටවත් මාලිමාවටවත් මේකට කරන්න දෙයක් නෑ. රංජන්ටත් නෑ. එයාලා එයාලගෙ දේශපාලනයක් කරගෙන ඉඳීවි. එයාලට ඕනෙ දිනන්නනෙ. ඒකෙ වරදක් නෑනෙ බ්‍රෝ. ඒත් මෙහෙම එව්වා ආයෙ කරනවා නං ඒව නවත්තන්න කියලා කලින්ම කිව්වා නං නේද හොඳ? නැත්තං වෙන්නෙ අනුරත් එපාවෙලා රංජනුත් එපාවෙලා සිංදුත් එපාවෙලා ආයෙ ෂෝවලට එන එකත් එපාවෙන එක.
මොන මඟුලක් ද අප්පා මේ….
මෙහෙම කියන්න වුණාට සොරි. ඒත් එහෙම නොකියා බෑනෙ. ඒකයි මේක ලිව්වෙ. කොරියාවෙ ඔක්කොම එහෙමයි කියලා හිතන අයටයි මේ කියන්නෙ. අපිට ඔව්වා අදාළම නෑ.
ජගත් හර්ෂණ










