ජනාධිපතිවරණ නීති උල්ලංඝනය කළ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු පුද්ගලයන් 100ක් පමණ පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
පසුගිය සඳුදා වනවිට පොලිසිවලට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 401කි.
එම සිද්ධීන් අතරින් ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට වැටෙන සිද්ධීන් 123ක් වාර්තා වී ඇති අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 278ක් පිළිබඳ පැමිණිලි ලැබී තිබූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
එම සිද්ධීන්වලට අදාළව වාහන 13ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අතර, මැතිවරණයට පසු කිසියම් කලබලකාරී සිද්ධීන් ඇතිවුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන පොලිස් කොමිසම යටතේ ක්‍රියාත්මක නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග සංවිධාන කොට ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එම්. රත්නායක මහතා ‘මව්රට’ට පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










