පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොළ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේ.Sri Lanka Latest News
අනතුරින් පාසල් තුවාල ලැබූ පාසල් ළමුන් සහ දෙමව්පියන් 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාලබේ රාහුල විද්‍යාලයේ ළමුන් පිරිසක් රැගෙන රන්ටැඹේ බලා ගමන්කරමින් තිබූ බස් රථයකි.
වරකාපොළ ප්‍රදේශයේදී බස් රථය ඇළකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.









