සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.
පහරකෑමට ලක් වූ අවුරුදු 4 1/2 ක දරුවා ද පොලිස් භාරයට ගත් බව පොලීසිය තවදුරටත් පැවසුවේය.
පොලිස් භාරයට ගත් දරුවා ව මේ වනවිට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
adaderana









