රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් වරදකරු වී දස වසරක සිරදඩුවමකට යටත්ව සිටි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝගය කර තිබේ.Sri Lanka Latest News
ඒ ඔහු ඉදිරිපත් කර තිබුණු අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත්, තවමත් ඔහුට නිදහස ලැබී නැත.
ඊට හේතුව තවත් නඩු දෙකක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තීන්දු ලැබී තිබීමයි.
ඉන් එක් නඩුවක් වන්නේ, ඔහු දැනට විවාහ වී සිටින ත-ුන්වන බිරිද සමග වූ විවාහය ඉස්ලාම් ආගමික සම්ප්‍රදාය උල්ලංඝණය කරමින් සිදු කරගෙන ඇතිබවට එල්ල වූ චෝදනාවට අදාල නඩුවයි.
එමෙන්ම, අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරී කරමින් සිටිය දී ලැබුණ තෑගි භාණ්ඩ අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් ද ඉම්රාන් ඛාන් වරදකරු වී තිබේ.










