• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුටුගැමුණු ගෝඨා! පරාක්‍රමබාහු රනිල්! නන්නත්තාර ස්ටාර්ස්ලා! Sri Lanka Latest News

May 19, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

දේශපාලකයන් සමග පයුරුපාසානම් පවත්වන්නට ගිහින් තම ප්‍රතිරූපයට හානි කරගත් ශ්‍රී ලාංකේය සුපිරි තාරකාවන් ගැන කතන්දර අපි කොතෙකුත් අසා ඇත. එලෙසම ශ්‍රී ලාංකේය කලාකරුවන් දේශපාලන වේදිකාවලට පය තැබීම අද ඊයේ විතරක් නෙමේය. එක්දහස් නවසිය හැට හැත්තෑව අවධියේ ඉඳන්ම සිදුවිය. විශාරද නන්දා මාලනිය සිරිමාවෝ බණ්ඩාරනායකට පක්ෂව කතාකරනකොට විශාරද පට්ටම් නැති ජනාදරයට පත් අපේ ගීත කෝකිලාව ලතා වල්පොල එජාපයට පක්ෂව වේදිකාව තරණය කළාය. ජනකාන්ත නළු විජය කුමාරතුංග අත ලකුණින් තරග කරන විට ඔහුට හිතවත්කම් පෑ සිංහල සිනමාවේ හෙළ රැජින මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ජනප්‍රිය නිළි සෝනියා දිසා සහ ජනප්‍රිය නළු රවීන්ද්‍ර රන්දෙණිය අලියා ලකුණින් තරග කළ ජේ.ආර්. ජයවර්ධනට සහාය පළකිරීමට වේදිකාවට නැග්ගේ ඉහත කී හිතවත්කම්වලට කිසිදු පලුද්දක් නොවන විදියටය. ඒ කාලයේ දේශපාලනය සහ නළු නිළි කලා හවුලෙහි පයුරුපාසානම් ඇතිවූයේ ඉතාම සදාචාරාත්මක විදියටය. මැතිවරණය වෙනුවෙන් ඒ ඒ නායකයන්ට සහාය දක්වන ඔවුන් ජයග්‍රහණයෙන් හෝ පරාජයෙන් පසුව සතුටින් විසර ගියහ. සෙට් එකේදී ෂූටින්වලදී එකා මෙන් වැඩ කළහ. ඒ ඒ කාලයේ දේශපාලනයේ සහ කලා හවුලෙහි තිබුණු පයුරුපාසානයෙහි ස්වභාවය විය. මඩ ගසාගැනීම් ඇනකොටා ගැනීම් අපහාසයන් එහි තිබුණේ නැත. රෙදි නැතුව කඩේ යන සීන් එහි තිබුණේ නැත. (Sri Lanka Latest News)

ඒ, එදාය. එදා එහෙම වුණාට අද සහ ඊයේ පෙරේදා එහෙමත් නැතිනම් මීට වසර කිහිපයකට උඩදී තේරුම් ගැනීමට තවත් පහසු විදියට කියනවා නම් රාජපක්ෂලාගේ මැතිවරණ කෙරුවාවලදී කලාකරුවන්ගේ හවුල සම්පූර්ණ වෙනස් ස්වරූපයක් ගත්තේය. අපේ ප්‍රවීණ කලාකරුවන් එදවස මහින්ද රාජපක්ෂලාට විකිණුනේ ලක්ෂ එකසිය දෙසිය තුන්සිය ගණන්වලටය. එහෙමත් නැතිනම් ලොකු ලොකු තනතුරු හෝ තාන්න මාන්නවලටය. මේ කියන කලා හවුල දේශපාලනය සමග තම සුපිරි තරුභාවය කලවම් කරගත්තේ ඉහත කී කලාකරුවන් කළ තාලයට නොවේය. එය වෙනම තාලයක් විය. ඒ තාලයෙහි වූයේ එකිනෙකාට මඩගැසීම් පාවාදීම් සහ රෙදි නැතිව කඩේ යන කලාවකි. එතැන ලැජ්ජා බව හෝ චාරයක් තිබුණේ නැත. වැදගත්කමක් හෝ සංයමයක් තිබුණේ නැත. රාජපක්ෂලා සමග පෙළගැහෙන්නට නොඑන කලාකරුවන්ට ප්‍රසිද්ධියේම හෝ මඩ ගහන්නට මොවුන් බය වුණේ නැත. ප්‍රසිද්ධියේ වට සාකච්ඡා තියන මේ අය කලා නිර්මාණලවලදී මෙන්ම සම්මාන උළෙලවලදීද සැලකුවේ රාජපක්ෂලාට ගැතිකම් කරන්නන්ට විතරය. මහින්දලාගේ සල්ලි මල්ලෙහි බලය ඒ තරමට බරට තිබිණි. ඔවුන් රාජපක්ෂලාට සලකන්නට වූයේ දෙවියන්ට බුදුන්ට වාගේය. සමහර කලාකරුවන් නම් මහින්දව බුදුහිමියන්ට සමාන කළ අවස්ථාද තිබිණි.

මහින්දට පසුව ගෝඨා දේශපාලන ගේම් එකට බැස්සේය. එතකොටද මහ විශාල පරිමාණයේ කලා කවයක් ඔහුට ඡන්ද 69 ලක්ෂය ගන්නට අවශ්‍ය මඟ පාදා දුන්හ. අවුරුද්දක් හමාරක් ගෙවීයන විට රට ප්‍රපාතයට වැටෙන්න ගනිද්දී රාජපක්ෂලාගෙන් පඬුරු පාක්කුඩම් සහ තාන්නමාන්න ගත් කලා කවය වාෂ්ප වී ගියේ අසුරු සැණින්ය. ලංකාවේ මිනිසුන් සුදහ ගින්දරේ විලාප දෙනකොට තෙල් පෝලිම්වල තාත්තලා එකා පිට එකා මැරෙන කොට කලා කවය හැදූ එකම එක කලාකරුවෙක්වත් ඒ වෙනුවෙන් හඬක් නැඟුවේ නැත. අඩු ගානේ මාධ්‍යයකටවත් පැමිණ ඒ වෙනුවෙන් එක සුහද සාකච්ඡාවක්වත් පැවැත්වූයේ නැත. ඔවුන් හිටි අඩියේ වහං විය. ඔවුන්ව අමතන්නට තිබූ සෙලියුලර් දුරකතන අංක ක්‍රියා විරහිතව තිබිණි.

ඒ සාපලත් පාලනයෙහි අච්චු අපේ රටේ අසරණ මිනිසුන් තවමත් විඳවන්නේය. ගයාන් වික්‍රමතිලක නම් රාජපක්ෂලාට කඩේ ගිය ගොංකම සහ පවුකාරකම ගැන මනස්තාප කඳුළු සලමින් වෙනත් දේශපාලන මතයකට ආවඩමින් තවත් රැඟිල්ලක් රඟමින් සිටින්නේය.
ඒ අතර වාරයේ ඔන්න තවත් කලා කවයක් වික්‍රමසිංහ ආණ්ඩුව වටා පෙළගැහෙමින් සිටියි. මාධ්‍ය හරහා ඔවුන් පැවැත්වූ පළමු වටමේස සාකච්ඡාවේදීම එය දැකපු කාගේත් හිතට නැගුණේ ‘අඩේ මේ අර ගෝඨාභයට කඩේ ගිය කට්ටිය නේද?’ කියන කාරණයයි.

සත්තකින්ම ඒක සම්පූර්ණ ඇත්තය. එතැන සිටියේ ලක්ෂ 69ක ඡන්ද ගන්න ගෝඨාභය රාජපක්ෂට කඩේ ගිය කලා කවයෙන් එක් කොටසකි.

ඒ කියන්නේ කලාකරුවන් ආයෙමත් ජෝගි නටන්න පටන් අරන්…?
ඔව්. කලාකරුවන් ආයෙත් ජෝගිය පටන් අරන්. ඔවුන් කියන්නේ රාජපක්ෂලා කාබාසිනියා කර දැමූ රට එක්සේසත් කොට ආර්ථික අතින් යම් තැනකට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ කියාය. ආර්ථික අතින් රනිල් කළ නගාසිටුවීම කොතැනදැයි කියා දුක් විඳින දහසකුත් එකක් අසරණයන් තවම දන්නේ නැත. රනිල් වික්‍රමසිංහ ගැන මෙලෙස පාරට්ටු කරන්නට ඔවුන්ට හේතු පාඨ වූ කාරණය කුමක්දැයි අප නොදනිමු. කුමක් හෝ අල්ලසක් ඔවුන් මේ වෙනුවෙන් ගත්තාද නැද්ද කියා තවම දන්නේ නැති වුවද මේ කට්ටිය රනිල් වටා එක්රොක් වූයේ මී වදය කඩා ඔහුට දී අත ලෙවකන්නට නම් නොවන වග ඒකාන්තයෙන්ම විශ්වාසය.

මොන විගඩම කෙලෙස සිද්ධ වුවද මේ කලාකරුවන් කිහිප දෙනා මහ ඉහළින් වර්ණනා කොට පම්පෝරි ගැහුවේ මහබැංකුව හොරාකෑ බවට චෝදනා එල්ල වූ අයකුවය. පසුගිය ජනාධිපතිවරණයේදී මේ කලාකරුවන් පිරිස ගෝඨාට කඩේ ගියේ මහබැංකු හොරාව නීතිය ඉදිරියට ගේන්න යැයි කියා ඔහුව ජනාධිපති පටුවේ අසුන්ගන්වන්නටය. ජාති වැඩේ කියන්නේ ගෝඨා අරගලය හමුවේ පල්ලම් බැස ගියාට පසුව එම නළු නිළි කාණ්ඩයෙන් කොටසක් අද මාධ්‍ය සාකච්ඡා තියමින් පවසා සිටින්නේ චෝදනා එල්ල වූ ඒ පුද්ගලයාවම ජනාධිපති පුටුවේ තියන්නට කියාය. අනේ ඉතින් මේවාට මොනවා කියා කියන්නද? නොකියාත් බැරිය. ඒ තරමටම කට කොකියනවාය.

‘අනේ කාලේ වනේ වාසේ’ අන්න ඒ පිරුළ නම් මේ කොලොප්පමට ගැළපෙන්නේය.
‘කන්න ඕනෑ වූ විට කබරගොයි මසුත් තලගොයි මස් වෙන්නේය’
‘කලකදි වහලු – කලකදි රස වෙනවාලු’

අන්න ඒ පිරුළු ද මේ සෙප්පඩ විජ්ජාවලට ගැළපෙන්නේය. ඒ මොන පිරුළු තැනුවත් ඒවායින් මේ ජෝකර්ලාට වැඩක් නැත. මොකද කියනවා නම් සිංහල ප්‍රස්ථාව පිරුළක අර්ථය දන්නවා නම් ඔවුන් ‘රනිල් වික්‍රමසිංහ තමයි ජනාධිපතිකමට නියම සුදුස්සා’ කියා කියන්නේ නැත. විශේෂයෙන්ම ‘මහබැංකු හොරකම කළ එවුන්ට දඬුවම් දෙන්නට නම් අපි ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙමු’ යැයි කියා මැතිවරණ කැම්පේන් එකේදී එදා රටවැසියන් හමුවේ පැවැසූ ඔවුන් නැවත ඒ හොරකමට සම්මාදම් වූ බවට චෝදනා එල්ල වුවත් රටේ ජනාධිපතිකමට සුදුසුය කියා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අද පවසා සිටින්නේ ඔවුන්ට අබ ඇටේක තරමටවත් මොළයක් නැති නිසා නොවේද? රනිල් මේ කලාකරුවන්ව බිලීබා ගත්තාද? ඒ වෙනුවෙන් යම් අල්ලසක් දුන්නාද කියා දන්නේ නැත. කෙසේ වුවද කිසිවක් නොලැබුණද නිකමටවත් ඔවුන් වික්‍රමසිංහ ආණ්ඩුවට හෝ එහි නායකයාට සුදු හුණු ගෑම අනුමත කරන්නට බැරිය. එයට හේතු කිහිපයක්ම වේ. ඒ එක් හේතුවක් වන්නේ මහබැංකු හොරුන්ට දඬුවම් දෙන්න යැයි කියා මේ රටේ අසරණ මිනිසුන්ගේ ඡන්ද 69 ලක්ෂයක් ගන්න ඔවුන් ගෝඨාභයට කඩේ ගිය එකය.

අනෙක මෙදා ඔවුන් ජනාධිපතිකමට සුදුසුය කියා මොරගසන්නේද බැංකු හොරා යැයි එදා ඔවුන් විසින්ම හංවඩු ගැසූ ඒ දේශපාලන චරිතයමය.
අනෙක එදා මේ කලාකරුවන් ගෝඨා ඇන්දුවේ දුටුගැමුණුටය. මෙදා ඒ කලාකරුවන් රනිල්ව අන්දන්න හදන්නේ පරාක්‍රමබාහුටය. ඉතින් දෙව්ලොව දෙවියනේ… මේ අවනඩුව කියන්නේ කාටද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආවා ආවා යූටියුබ් කුණුහරුප ටෙලිවිෂන් එකටත් ආවා! Sri Lanka Latest News

Next Post

වැස්සේ පළමු ප්‍රතිපලය එයි! පුත්තලම ගංවතුරෙන් යටවෙයි! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.