ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.Sri Lanka Latest News
ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට එක්වෙයි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා එරට සංචාරය කිරීමට නියමිතය.
ජනාධිපති වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා එම සමුළුවේ ඉහළ පෙළේ හමුව සඳහා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුව මැයි 18 සිට 25 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවැත්වෙයි.










