ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ලංකාවට පැමිණි පසු ජනාධිපතිවරයා , සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ඔවුන්ව හමුවී සාකච්ඡා කළ නමුත් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අදහසක් ප්‍රකාශ කර නැති බවත් ඒ වගේම ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඉදිරිපත් කර තිබෙන යෝජනා පිළිගන්න නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේ , සුවසැරිය ගිලන්රථ සේවාව සහ මෙට්ට්‍රික්ටොන් 5000 ක් ගබඩා කළ හැකි ප්‍රභාෂ්වර කෘෂි ගබඩාව කෙසේ හෝ පවත්වාගෙන යන බවත් එම ව්‍යපෘති දෙක කිසිලෙසකින් නවත්වන්න ඉඩ ලබාදෙන්නේ නැති බවත්ය.
අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය
වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.
‘‘ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කතා කරමින් සඳහන් කළා රටේ ආර්ථිකය හොද තත්ත්වයකට හැරෙමින් පවතින බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා කතා කළා. නමුත් රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි හිරවීමක සිටින්නේ. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන තුරු කිසිදු කටයුත්තක් සිදුකරන්න නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලීන් ඉක්මනින් අවසන් කර ගත යුතුයි කියලත් ජනාධිපතිවරයා පවසනවා.
ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ලංකාවට පැමිණි පසු ඔවුන් ජනාධිපතිවරයා , සමගි ජනබලවේග කණ්ඩායම , ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම හමුවුණා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු අදහසක් ප්‍රකාශ කරලා තිබුණේ නෑ. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරලා තිබෙන යෝජනා පිළිගන්න බෑ. ඊට හේතුව වන්නේ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ යෝජනා අනුව 2028 දී තමයි මුහුණත අගය කපා දැමීම සිදුකරනු ලබන්නේ. රටේ ආර්ථිකයේ සාර්ථකත්වය මනින්න ඔවුන් එක්සත් ජනපද ඩොලර් වලින්. ඒ අනුව තමයි ඔවුන්ගේ මුහුණතා අගයෙන් කොටසක් කපා හැරීම තීරණය වෙන්නේ. අපි ගණන් හදලා තිබෙන ආකාරයට 2028 වනවිට මුහුණත අගය කපා දැමීමෙන් ලැබෙන්නේ සියයට 7 ක වගේ ප්‍රමාණයක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කරලා තිබුණේ නෑ.
දේශීය ණය ප්රතිව්යුහගතකිරිමේදී අර්ථ සාධක අරමුදලට දැවැන්ත පහරක් වැදුනා. රජය කලින් ප්‍රකාශ කරලා තිබුණේ නෑ අර්ථ සාධක අරමුදල සිදුකරන දේ පිළිබඳව. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරිම පිළිබඳව රජය කිසිදු අදහසක් පළ කරලා තිබුණේ නෑ. ඒ සියල්ල සිදුකළේ ජාත්‍යන්තර ණය හිමියන්ගේ අවශ්‍යතාවය නිසා කියලා පසුව රජය සඳහන් කළා. එසේ නම් මෙහි සමානාත්මතාවයක් තිබියි යුතුයි.
දේශීය ණය හිමියන් අපහසුතාවයට පත් කරලා ජාත්‍යන්තර ණය හිමියන්ට සියයට 7 ක් පමණ මුහුණ අගය කපා හැරීම සම්බන්ධයෙන් වෙන කිසිදු දේශපාලන පක්ෂයක් ඔවුන්ගේ මතය සඳහන් කළේ නෑ. නමුත් සමගි ජනබලවේගය මෙම ක්‍රියාදාමයට එකඟ වන්නේ නැති බව සඳහන් කරන්න කැමැතියි.
රජය ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා , ඒ යෝජනාව ණය හිමියන් සිදුකළ යෝජනාවට වඩා හොඳයි. ඒ යෝජනාව හරහා සියයට 7 කට වඩා අඩු ප්‍රමාණයකට මුහුණ අගය කපා හැරීම අඩුවෙන්නේ නැති බව පේනවා. නමුත් මේ යෝජනාව complex යෝජනාවක්. එම යෝජනාවේ විකල්ප 64 ක් තිබෙනවා.
ඔවුන් අපිට සඳහන් කළා complicated වැඩි නිසා එවැනි තැනකට ගමන් කරන්න බෑ. සිංහල මාධ්‍ය මේ සම්බන්ධයෙන් කතා වෙන්නේ නෑ. නමුත් කතා විය යුතු කාරණයක්. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් වෙලා. රජයට පීඩනයක් ගෙනල්ලා. විරෝධතා ඉදිරිපත් කරලා. උත්සහ කරන්න ඕන වැටෙන්න යන වලෙන් බේරෙන්න. අපි විශ්වාස කරන්නේ මේ පාර්ශ්වයන් සමඟ ශක්තිමත් negotiation එකක් තියෙන්නේ ඕන.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කටයුතු වලදී ‘ලසාඩ්’ සහ ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ මූල්‍ය සහ නීති උපදේශක සමාගම් ලංකාව සමඟ සිටිනවා. අනිත් පැත්තෙන් රොක්ස්ටයිල් සහ වයිට් ඇන්ඩ් කෙස් කියන සමාගම්. ණය ප්‍රතිව්‍යුහගතකරණය කාගේ නායකත්වයෙන්ද සිදුවෙන්නේ කියන ප්රශ්නය තිබෙනවා. ලසාඩ්’ සහ ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකාවට උපදෙස් ගන්න තෝරාගත්ත ආයතන. මේ සඳහා දේශපාලන නායකත්වයක් ලංකාවේ දකින්න ලැබෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී , විද්වත් සාකච්ඡාවක් නෑ.
2028 වනතුරු බැඳිමකට යටත් කරන්න යන අවස්ථාවේ කවුද ජනතාව වෙනුවෙන් හඩ නගන්නේ. සමගි ජනබලවේගයේ ආර්ථික කණ්ඩායම පමණක්ද මේ සම්බන්ධයෙන් ඉදිරිපත් විය යුත්තේ. විශ්ලේෂණාත්මක මත පලකිරිමක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අත්සන් කළාට පස්සේ සියලු දෙනා පාරට එයි. ඊට පස්සේ විරෝධය පළ කරයි. එතකොට දේශපාලන වාසියක් ගන්න පුලුවන්. ඇත්තටම කැක්කුමක් තිබෙනවා නම් අපිත් එක්ක එකතුවෙන්න. ජනතාව සමඟ කළ යුතු දේ ජනතාවට දරා ගන්න හැකි දේ කළ යුතුයි කියන තැනට පැමිණෙන්න.
තමව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකය ලැබිලා නෑ. තුන්වෙනි වාරිකය ලැබෙන්න පැරිස් ක්ලබ් එකේ පිරිස , ජපානය , චීනය එකඟ වෙන්න ඕන. පුද්ගලික ණය හිමියන් සමඟ එකඟතාවයක් අත්සන් කලේ නැති වුණාට ධනාත්මකව ඒ දෙසෙ යනවා කියන එකඟතාවය තියෙන්න ඕන. මේ කිසි දෙයක් නෑ. මෙලෙස එකඟතාවයක් ඇති කර ගත්තේ නැතිනම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකයට මොකද වෙන්නේ. සටන් කරලා රට වෙනුවෙන් ලබාගත යුතු දේ කරන්නේ නැතිව ඡන්දයට කලින් ඉවර කර ගන්න ඕන කියන තැනට ගියොත් රටට වාසියක් වෙයිද?ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අපිත් සමඟ විවාදයකට එන්න කියලා ඕනම කෙනෙක්ට ආරාධනා කරනවා. ඒ වගේම ආණ්ඩුව බංකොලොත් වෙන්න කලින් අපි අනතුරු ඇඟෙව්වා. අපි කිව්වා රට බේරගන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියලා. අවසානයේ රට බංකොලොත් කරලා ජනතාව අගාධයකට ඇඳලා දැම්මා.‘‘
විමද්‍යගත අයවැයෙන් ලබාදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සල්ලි නෙවෙයි
‘‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට තමන්ගේ ප්‍රදේශයේ වැඩ කරන්න ඉල්ලිම් අනුව විමද්‍යගත අයවැයෙන් මුදලක් ලබා දෙනවා. දේශපාලන බේදයකින් තොරව හැමෝටම මුදල් ලබාදිලා තිබෙනවා. අපි මේවායින් කිසිදු වාසියක් නෑ. විද්යගත අයවැයෙන් මුදල් ආණ්ඩුවේ පිරිසට විතරක් මුලින් ලබාදුන්නා. අණ්ඩුවේ පිරිසට විතරක් දුන්නාම අපි සටන් කළා. කිසිදු ආකාරයකට මේ මුදල් පුද්ගලයෙකුට ලැබෙන්නේ නෑ. මේ මුදල් ලැබෙන්නේ ජනතාවට. විමද්‍යගත අයවැයෙන් ලබාදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සල්ලි නෙවෙයි. විමද්‍යගත අයවැයෙන් මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ ජනතාවගේ කිරිපිටි පැකට් එකෙන් , ඉන්ධන ලිටරයෙන් අයකරපු බදු මුදල්.‘‘
ආණ්ඩුවේ හිටියත් , විපක්ෂයේ හිටියත් සුවසැරිය කරගෙන යනවා
‘‘මේ වනවිට සුවසැරිය ගිලන්රථ සේවාවේ ගිලන් රථ 322න් 56ක් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එහෙම කියලා අපි සුවසැරිය වැටෙන්න කටයුතු කරන්නේ නෑ. ඒක කිසිලෙසකින්වත් කරන්නේ නෑ. ආණ්ඩුවේ හිටියත් , විපක්ෂයේ හිටියත් සුවසැරිය කරගෙන යනවා. පුලුවන්නම් නවත්වලා පෙන්වන්න. සුවසැරිය ගිලන්රථ සේවාව 1300 කගෙන් සිදුකරන්න බෑ. 2000 කට කාර්ය මණ්ඩලය වැඩි කළ යුතුයි. මේ වනවිට බඳවාගැනිමට අවසරය ලබාදිලා තිබෙනවා. නමුත් මුලික වැටුප 35,000 යි. දිරි දිමනා 15,000 යි. පැය 24 ක සේවාවක් කොහොමද මෙවැනි වැටුපකට සිදුකරන්නේ. සුවසැරිය ගිලන් රථ සේවාවේ සිටින පිරිසට තැනැක් නෑ. පොලිසියේ ඉන්නේ. ලෝකයේ තිබෙන විශ්ෂ්ඨතම ගිලන් රථ සේවාවක් ලෙස සුවසැරිය ගිලන් රථ සේවාව බව ලෝක බැංකුව පවසනවා. 1990 කියන්නේ අත්‍යාවශ්‍ය සේවාවක්. ආණ්ඩුව මේ ගැන සොයාබලා කටයුතු කළ යුතුයි. 1990 ට වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් තිබෙනවානම් කියන්න. සුවසැරිය ගිලන් රථ සේවයට සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ සහ භාණ්ඩාගාරය සම්පුර්ණ සහාය ලබාදෙන බව සදහන් කළා. මේ සඳහා ජනාධිපතිවරයා ද සහාය ලබාදිය යුතුයි. සුවසැරිය ආරම්භ කරන අවස්ථාවේ රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ වගේම සුවසැරිය ගිලන් රථ සේවාව ලංකාවට ලබාදෙන වැඩසටහනේදී මාත් සමඟ සිටියේ ඉන්දියානු මහකොමසාරිවරයා.‘‘
ප්‍රභාෂ්වර කෘෂි ගබඩාව අනිවාර්යෙන් විවෘත කරනවා
‘‘ආණ්ඩුවේ හිටියත් , විපක්ෂයේ හිටියත් ලංකාවේ පළමුවන තෙතමනය හා උෂ්ණත්වය පාලනය කරන්න හැකි මෙට්ට්‍රික්ටොන් 5000 ක් ගබඩා කළ හැකි ප්‍රභාෂ්වර කෘෂි ගබඩාව අනිවාර්යෙන් විවෘත කරනවා. පුලුවන්නම් නවත්වන්න. අපි ආණ්ඩුවෙන් ගියාට පස්සේ සුවසැරිය විනාශ කරන්න කටයුතු කළේ නෑ. ආණ්ඩුවෙන් ගියා කියලා ප්‍රභාෂ්වර කෘෂි ගබඩාව නවත්වන්න කියලා උද්ඝෝෂණය කළේ නෑ. අපි මිනිස්සුන්ට වැඩ කරන්න ආවේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂයේ සිටිමින් කොපමණ වැඩ කොටසක් සිදුකරනවද. සක්වල , හුස්ම වැඩසටහන් කරන්නේ ආණ්ඩුවේ ඉදලා නෙවෙයි. රටේ හිටපු කිසිම විපක්ෂ නායකවරයෙන් මෙවැනි වැඩකටයුතු කරලා නෑ.‘‘
සමගි ජනබලවේගයට බලයක් ලැබුණොත් වැටිලා තිබෙන රට ගොඩගන්න අපිට පුලුවන්
‘‘සමගි ජනබලවේගයට බලයක් ලැබුණොත් වැටිලා තිබෙන මේ රට ගොඩගන්න අපිට පුලුවන්. ඉදිරි අවුරුදු 10 තුළ සියයට 10 ක ආර්ථක වර්ධනයක් ගේන්න අපිට පුළුවන්. අපි රට වටේ තිබෙන තාප්ප කඩලා ලෝකය සමඟ පාලම් බඳිනවා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව 2023 වෙද්දි ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික වර්ධනයක් ලගාකරගෙන තිබෙනවා. එන අවුරුදු 10 තුළ ලෝකයේ සීඝ්රයෙන්ම සංවර්ධනය වන කලාප තමයි තමිල්නාඩුව , අන්ද්‍රා , කේරළ , කර්ණාටක , තෙලන්ගනා. මේවා රටවල් නෙවෙයි. නමුත් රටවල් වගේ විශාලයි. චෙන්නායි වගේ නගරයක ලංකාව වගේ මිනිස්සු ඉන්නවා. මේ ප්‍රාන්ත තමයි ඉදිරියේදී සීඝ්රයෙන් වර්ධනය වන්නේ. ඊට කිලෝමිටර් 18 කින් 20 ක් එහා පැත්තේ ලංකාව ඉන්නවා. ආර්ථික වර්ධනය වන්නේ එන අවුරුදු 10 හෝ 15. ඒ නිසා අපි කළ යුත්තේ ඔවුන් සමඟ එකතු වෙලා ලංකාව ගොඩනගන එකයි. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ අපි වැටිලා තිබෙන මේ රට ගොඩගන්නවා. ඒකට තමයි අපි ජනතාවට ඇත්ත කියලා අවස්ථාවක් ඉල්ලන්නේ.‘‘










