• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙනදා ආවේ ආචාර්ය මහාචාර්යවරු! දැන් නටන්නේ නළු නිළියෝ! අලුත් අවුරුද්දේ ටීවීවලට ගිය කලක්! අලුත් නිළියන්ට ප්‍රවීණ නළු තිරිමාදුර මෙහෙම තදට ගැහුවේ ඇයි? Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ටෙලි කාලාව සහ ටෙලි නාට්‍ය නිළියන් ගැන ප්‍රවීණ සම්මානනීය නළු කුමාර තිරිමාදුර කරන ‘තද කතාවක්’ මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා හෝ ගාන සද්දයට වයිරල් වෙමින් යන්නේ කාගේත් අවධානය සොරාගනිමිනි.

කුමාර තිරිමාදුර කියන්නේ නිකන්ම නිකන් රඟපාන්නට ආව පැරෂුට් නළුවෙක් නෙමේය. ඔහු ප්‍රවීණත්වයට පත් සම්මානනීය නළුවකු වගේම හොඳ මට්ටමේ අතිදක්ෂ නිර්මාණකරුවෙකි. වේදිකාව තම තිඹිරිගෙය කරගත් ඕනෑම චරිතයක් ඕවර් ද ටොප් රඟපාන්නට හැකියාව තිබෙන නළුකම ඇඟෙන්ම ගෙනාව අතිදක්ෂ නළුවෙකි. ටෙලිනාට්‍ය ගැන, රූපවාහිනී කලාව ගැන හරි වැරැදි ප්‍රසිද්ධියේ කතාකරන්නට ඔහුට සම්පූර්ණ අයිතියක් ඇත. අනෙක තිරිමාදුර මඳක් තදින් වුවද ඒ කතාකරන හැම කාරණාවක්ම අතිශයෝක්තියක් හෝ කමකට නැති දෙයකැයි කිසිවකුට කියන්නට බැරිය. ඒ කියන කතා සම්පූර්ණයෙන්ම ඇත්තය.

‘රඟපෑම කියන විශිෂ්ට විෂය ගැන නිළිකම කියන කලාත්මක තනතුර ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව ටෙලිනාට්‍යවල රඟපාන්න එන අලුත් කෙල්ලො කියනවා රඟපාන්න ආවේ විනෝදෙටලු. විනෝදාංශයක් විදියටලු. ඇයි දෙයියනේ රඟපෑම කියන්නේ විනෝදාංශයකට කරන එකක්ද? විනෝදාංශ කියලා වෙනම අංග තියෙනවා. ඔන්න කැරම් ගහන එක, දාම් අදින එක, ඕමි ගහන එක විනෝදාංශයක්. ඔන්චිලි පදින එකත් විනෝදාංශයක්. හැබැයි රඟපානවා කියන්නේ ඔන්චිලි පදින එක වාගේ සෙල්ලමක් නෙවෙයි. බලාගෙන යනකොට අද අලුතෙන් එන කෙල්ලෝ රඟපාන්න කියලා ඇවිදින් කරන්නේ ඔන්චිලි පදින එක තමයි.

බලන්න උන් රඟන රැඟිල්ල. චැට් ප්‍රෝග්‍රෑම්වලට එන්නේ කොටට ඇඳලා. කොටට ඇඳලා ආවේ නැත්නම් ප්‍රෝග්‍රෑම් එකට එන්න එපා කියනවලු. එහෙම එන්නේ සල්ලිවලට විකිණෙන්න. ඒ කියන්නේ එයාලා එහෙම ඇඳලා ආවම කෝටිපති බිස්නස්කාරයෝ ඒ අයට සල්ලි දෙනවා. ලස්සන කාර් අරන් දෙනවා. ටෙලිනාට්‍යවල ජනප්‍රිය සම්මානය ගන්න කලාව කොයි තරම් විහිළුවක්ද බලන්න? ඊයේ පෙරේදා ආව නිළි කෙල්ලෝ සමහරු නමවත් අහලා නැති අය ජනප්‍රිය නිළි සම්මාන ගන්නවා. ඇත්තටම මේක මොන තරම් විකාරයක්ද?’

ඒ, තිරිමාදුර ආවේගශීලීව කළ කතාවෙන් කොටසකි. තිරිමාදුර කිව්වේ ඇත්තක්ද? ඔහුගේ කලකිරීම සාධාරණද? ඔහු එහෙම කතාකරපු එක හරිද?
සත්තකින්ම තිරිමාදුර කියූ හැම දේම ඇත්තය. ප්‍රවීණයකු විදියට ඔහු එහෙම කතාකරපු එක හරියටම හරිය. ඔහුගේ කලකිරීම සර්ව සාධාරණය.
එහෙම කියන්නේ ඇයි? එහෙම කියන්න ඕනෑ තරම් හේතු ඇත. ඒ ඕනෑ තරම් හේතු අතරින් එක් හේතුවක් ලෙස මෙදා සිංහල දෙමළ අවුරුද්ද වෙනුවෙන් පෙන්වූ රූපවාහිනී වැඩසටහන් ටිකට ‘මෙන්න කැට’ කියා කිසිම චකිතයක් නැතුව පෙන්නා දීමට පුළුවනිය.

විනාඩියක් දෙකක් අරන් නැවතිල්ලේ හිතලා බලන්න. මෙදා සිංහල දෙමළ අවුරුදු උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් කලාවේ චැනල් හැටහුටාමාර තරගෙට වාගේ පැයෙන් පැයට පෙන්නූ ටීවී ප්‍රෝග්‍රෑම්වල තිබුණේ මොනවද කියලා. ඒ එකම එක වැඩසටහනකවත් හරයක් තිබුණාද? වැදගැම්මක් තිබුණාද? ගතයුත්තක් තිබුණාද? නැහැ. ඒ කිසිවක්ම ඒවායේ තිබුණේ නැත. තිරිමාදුර කිව්වා හරියටම හරිය. ටෙලි කලාව විහිළුවක් විකාරයක් වෙලා ඉවරයි. වෙනදාට සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මොන තරම් කාලෝචිත වැඩසටහන් තිබුණාද? අවුරුදු සිරිත් ගැන, ඒවා අපට ලැබුණේ කොහෙන්ද, ඒ සිරිත්වල හරය අර්ථය කුමක්ද, කලට වෙලාවට එකී සිරිත් ඉටුකිරීමෙන් යහපතක් උදා වෙනවාද, සිරිත් පිටුදැකීමෙන් සීදේවිය ගෙදර දොර අතහැර යන කතාව කොතෙක් දුරට ඇත්තක්ද යන කරුණු කාරණා ගැන හරවත්ව කතාකරන එක වැදගත් වැඩසටහනක්වත් 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රූගතකොට තිබුණේ නැත. වෙන දවස්වල අවුරුදුවල එහෙම වැඩසටහන් එකසිය ගානට තිබුණේය. විද්වතුන් එක පෙළට අසුන්ගෙන කරන ඒ විදියේ හරබර කතා තරගෙට වාගේ කොයික බලන්නද කියන තරගය සමග හැම චැනලයකම වාගේ තිබුණේය.

2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඒ කියපු හැම අවුරුද්දකටම වඩා වෙනස් හැඩයක් ගත්තේය. කොණ්ඩ පාට කරගත් නිළියන්, මේක්-අප් උලාගෙන අවුරුදු උත්සවවලට ඇවිදින් ඉංග්‍රීසි තාලෙට හැසිරුණේ හරි විකාර විදියටය. හිනාවෙන්න අවශ්‍ය නැති තැන්වලත් ඒ අය බඩ අල්ලාගෙන කොක් හඬලමින් හිනාවුණේ කිසිම කමකට නැතුවය. බොහෝ දෙනකු හිටියේ අව් කණ්ණාඩි දමාගෙනය. සමහර අයගේ අව් කණ්ණාඩිය හිස් මුදුණේය. තද රතු පාටට උලාගත් ලිප්ස්ටික් ටික අව් රස්නෙ නිසාදෝ දිලිසි දිලිසී තිබිණි. තම තමන්ගේ සිඟිති දූ පැටියන්ටද එලෙසම වත්සුණු තවරා තිබිණි.

අවුරුදු උත්සව තරගයට වාගේ විකාශය වුවද ඒ එක උත්සවයකවත් ඔන්චිලි පැදීමක්, පංච දැමීමක්, රබන් සුරල් වැයීමක් තිබුණේ නැත. අඩුම ගානේ සිංහල දෙමළ අවුරුද්ද යනු කුමක්ද හෝ එහි සිරිත් ගැන විනාඩියකවත් කතා කරන්නට ඉස්පාසුවක් මේ එක චැනල් එකකටවත් නොතිබුණු එක හිතට දුකය.
රූපවාහිනී චැනල් හැම එකකම වාගේ 2024 අවුරුදු උත්සව වර්ණවත්ව තිබුණේ වෙනත් අංගවලින්ය. එකක නළු සැමියා ලීටර් භාගයක අයිස්ක්‍රීම් පෙට්ටිය තත්පර ගණනට කන තුරු නිළි බිරිය ඔහුට අත්පුඩි ගසමින් ‘තව ටිකයි කන්න කන්න’ කියා දිරිගන්වන ක්‍රීඩාවක් තිබිණි.

තවත් චැනල් එකක තිබුණේ නළු සැමියාගේ ඇස් දෙක රෙදිකඩකින් බැඳ නිළියන් පෙළක් අතරින් තම නිළි බිරියව නිවැරැදිව හඳුනාගෙන හොයාගෙන ඇයව අතින් ඇදගෙන කඩිනමින් දුවගෙන එන්නටය. වැරැදි බිරියට අත දෙන්නට ගිය නළු සැමියන්ට අනෙක් නිළි රොත්තු එතැනදී බොරුවටත් එක්ක හූ කියමින් කෑගැසූ ආකාරය විකාරයක් විය. තව තව ඔය වාගේ බහුරූ කෝලම් හැම චැනල් එකකම අවුරුදු උත්සව අසිරිය වෙනුවෙන් නිර්මාණය වී තිබිණි. ඒවායේ විකාරරූපී බව කොතෙක්දැයි කියනවා නම් ස්වාධීන රූපවාහිනියට අවුරුදු උදාවේ හෝරාව රාත්‍රී 9.05ට සජීවීව විකාශය කරන්නටද අමතකව තිබිණි. මතක හැටියට ඒ වෙලාවේ එහි වූයේ රූප සුන්දරී තරගයකි. ‘ඔන්න අවුරුදු ලැබුවා’ කියන පණිවුඩය සජීවීව රටට දෙන්නට විනාඩි කිහිපයක් ලබාගන්නට බැරි තරමට රූප සුන්දරී තරගය ජාතික මට්ටමේ සේවයක් වූ ස්වාධීන රූපවාහිනියට එතරම්ම වැදගත් වූ හේතුව හිතාගන්නට බැරිය.

‘අනේ ඉතින් අපේ රූපවාහිනී කලාවට ගිය කල’
මෙදා පමණක් නොව අවුරුදු දෙක තුනක සිට ඔය විලම්බීතවල අඩුවක් නොවීය. වෙනසකට ඇත්තේ 2024 අලුත් අවුරුද්ද රූපවාහිනී වැඩසටහන් කලාව හරහා තවත් වැඩි වශයෙන් නැතිනාස්ති වීමය. හැම චැනල් එකකම වාගේ තරගයට මෙන් සිංහල අලුත් අවුරුද්දේ දේශීය අනන්‍යතාව සහ ප්‍රතිරූපය කඩා ඉහිරවා තිබිණි. වැදගත් කතිකාවක්, අවුරුදු සිරිත් ගැන නිවැරැදි මතයක් දෙන හොඳම කාලෝචිත වැඩසටහනක් පෙනෙන තෙක්මානයකවත් තිබුණේ නැත.
බලාගෙන යනකොට තිරිමාදුර කතා කළා හොඳ වැඩිය. ටිකක් සැරට රූපවාහිනී කලාව සහ එහි ක්‍රියාපටිපාටිය ගැන කතාකරන අතර තිරිමාදුර, ‘සමාවෙන්න මම කතාකරන විදිය ටිකක් සැර වැඩි ඇති ඔයාලට’ කියා කිව්වාට සමාව ඉල්ලා මනස් තාප විය යුත්තේ ලංකාවේ රූපවාහිනී චැනල්වල ප්‍රධානීන්ය. එහෙමත් නැත්නම් ඒවායේ වැඩසටහන් මෙහෙයවන්නන්ය. සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙවැනි විකාරයක් ආකාරයට හුවාදක්වන්න මෙතරම් පහසුවට ඔවුන්ට ලයිසන් දුන්නේ කවුරුන්ද? මේවා මේ විදියට ප්‍රදර්ශනය කරන්නට ඔවුන්ට තියෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද?

සිය ගණන් ඇඩ්වර්ටීස්මන්ට් වෙනුවෙන් ඔවුන් අලෙවි කළේ ජාතික උත්සවයක අනන්‍යතාවය නොවේද? හෙට දින අනාගතය බාරගන්නට ඉන්නා ළමා පරපුරට ‘සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය කියන්නේ මෙන්න මේකටයි පුතේ…’ කියා ඇඟිල්ල දිගුකර පෙන්වන්නේ මෙවැනි බහු රූ කෝලම්ද? 2024 වාගෙම 2025ටත් එය මෙලෙස සිදුවේද?

වගකිවයුත්තනි, දෙවියන්ගේ නාමෙන් ලබන සිංහල දෙමළ අලුත් අවුරුද්දටවත් මේ ගැන අවධානය යොමුකරන්නට නුඹලාගේ කොඳු නාරටියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සහරාන් ෂැංග්‍රිලා හෝටලයේ නැවතුණේ 616 කාමරයේ! බෝම්බය ගහන්න කලින් සති 2ක් පුරා හෝටලයේ සියලු කාමරවල හිටපු අයගේ නම් ලයිස්තුවක් හෝටලයෙන් උසාවියට දුන්නා! හැබැයි සහරාන් හිටපු කාමරයේ කලින් සිටි අය ගැන කිසි තොරතුරක් නෑ! එහෙම තොරතුරු නැතිව ඉන්න පුළුවන් කිහිප දෙනකුට විතරයි! ඒ වගේම කාමර අංක 623 හිටපු අය ගැනත් කිසිම තොරතුරකුත් නෑ! කව්ද මේවයේ හිටියේ? රටින් පිටවුණාද? තවම ලංකාවේ ඉන්නවාද? ඇයි ඒ අය නඩුවට ඉදිරිපත් නොකරන්නේ? පාස්කු ප්‍රහාරයේ අලුත් අභිරහසක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කිසිම දේශපාලන නායකයෙක් පාස්කු ප්‍රහාරයේ සැමරුම් උත්සවයකට සහභාගී වෙලා ඉන්නවා දැක්කෙ නෑ! විපක්ෂනායක සජිත් සජබ කතෝලික කමිටුවෙන් සංවිධාන කරපු ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේ දානමය පින්කමකට එක්වෙයි! පාස්කු මහමොළකරුවන් නීතිය ඉදිරියට ගෙන එන බවට යළි පොරොන්දු වෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.