• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිවුවා නේද වදකහ සුදිය! සුදිය පොං!!! Sri Lanka Latest News

March 18, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘කරදර පොදි බැඳ ගැලපිට පටවා,
කරුමයෙ කළු ගොනු පෙරටුව බැඳගෙන
මේ ජීවන මඟ මා යනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාලන
ගී පද මුවගින් මිමිණෙනවා’

අපේ නිවෙස අසලින් ගලාබසින මාඔයේ (අරනායක අසුපිනි ඇල්ලෙන් ආරම්භ වී කොච්චිකඩෙන් මූදට වැටෙන) ගල් ඇන්දක් උඩට වී කකුල් දෙක වතුරට දමාගෙන හැන්දෑවේ මිනිස් පුළුටක් නැති ඔය වෙලාවේ ඉර බැස යන හැටි, අවට ගස්වැල් නිදාගෙන සිටින හැටි, කුරුල්ලන් පේළි පේළි සුදු පුළුන් කැටි ගාටන ළා නිල් පාට අහසේ පියාඹා යන හැටි, මහ ඔය දෑලේ උසට උසේ වැවුණු කොළ පාට උණගස්වල සිහින් සුළං රැල්ලට සැලෙන අග්ගිස් (මුදුන්) උඩට නැගගත් කොක්කු ඔන්චිලි පදින හැටි හිතේ හැටියට විපරම් කරමින් සිටිද්දී ටිකක් ඈත නිවෙසක නාලිකාවකින් හෝ වෙනත් කුමක් හෝ එවන් විකාශන යන්ත්‍රයකින් ඔය ගීතය වාදනය වෙන අන්දම ඇහුණු මේ ලියුම්කරුට පිස්සු නොහැදුණා පමණි. Sri Lanka Latest News

කියන්නට අමතක වෙන්න ගිය තවත් දෙයක් ඇත. මිනිසකු තබා මිනිස් පුළුටක් හෝ පේන්න නැතිව පරිසරය පාළුවට ගොස් තිබූ ඔය වෙලාවේ, හෙමින් සීරුවේ වැඩි කලබලයක් නැතිව පහළට ගලන වතුර පාර “කුචු කුචු” ගාමින් මට තේරුම්ගත නොහැකි මොකක්fදා් හරුපයක් (විස්තර කළ නොහැක්කක්) කොඳුරමින් ගිය බව නම් සැබැවි.

ඔන්න ඔය දේවල් මැද්දේ මා කරකවා අතෑරියා සේය.

මිහිපිට උපන් මානව වර්ගයාගේ පිටමත අමරදේව අර කියන කරදර පොදිය පටවාගෙන (පටවා ගෙන කියනවාට වඩා පටවා ඇතැයි යන්න නිරවද්‍ය කීමය). බුදු දහමේ ඉගැන්වෙන ඔය කියන බර පොදිය සංසාර පොට්ටනියකි. ඒ ජන්මයෙන් ජන්මයටම ආත්මයෙන් ආත්මයට ගෙනෙන්නකි. ගායකයන් පමණක් නොව ලේඛකයන් කවියන් පවා ඔය පොදිය කිසි දිනෙක තම නිර්මාණවලින් අතහරින්නේම නැතිව පොදි ගසා ගන්නා එකකි.

“වදයක් වේදනාවක් නිරතුරු ගන්නා
මහ කටු ගොඩක් පොදියක් බැඳ කර පින්නා
නොවිඳින දුකක් විඳ හසරක් නොම දන්නා
ගමනක යෙදී මෙතුවක් පියවර මැන්නා“

ආදී වශයෙන් කියන්නේ එබැවිනි. එහෙත් අපි සියලු දෙනාම ඔය ජාතියේ පොදි (පොට්ටනි) පිට තව තවත් පොට්ටනි පටවා ගන්නවා මිස එකක් හෝ අතනොහරින්නෝමය. බුදුන්වහන්සේ දේශනා කළෝ ඔය පොදියේ විපාකානිශංසමය.

බුදුන් ධරමාන (ජීවමාන) සමයේම (මට මතක හැටියට) පායාසරංජය නම් කෙළෙඹි පුත්‍රයෙක් විසුවේය. මෑන්ගෙ බිස්නස් එක වර්තමානයේ වත්තල ජාඇළ පැත්තේ උදවිය සේ මාංශ සඳහා සූකරයන් (ඌරන්) ඇති කිරීමය. ඔහුට තිබුණේ විශාල ඌරු ගාලකි. (පව්කාර වැඩේ වුවත් කෝච්චිවල මාල කඩනවාට වඩා මේ වැඩේ යහපත් බව ඇතැම්හු කියති)
බිස්නස් එක ජයට කෙරුණු අතර මෑන්ට පොඩි අප්සට් එකක් ගියේ නොහිතූ අන්දමට ඉඩෝරයක් (නියඟයක්) ඇතිවී සතුන්ට කෑම තබා වතුර පොදක් හෝ දීමට නොහැකිව එකා දෙකා මියෑදෙන්නට වූ විටය.

ඔන්න ඔය අතරේ කෙළෙඹියාට හදිසියේ වෙනත් දනව්වකට ගොස් ඒමට වැඩක් සැට් වූයෙන් එහි ගොස් එන අතර කරුවල වැටෙන්න කලින් ගෙදර එන්න ඕනෑ නිසා ෂෝට් කට් එකක් සොයා ගත්තේය. ඒ කෙටි පාර වැටී තිබුණේ නගරයේ කෙළවර මහා ගල් පර්වතයක් පාමුලිනි. ගිනිගහන අව්වේ ඔය කියන ෂෝට්කට් එකෙන් එනවිට මිනිහාට හතර මහ නිධානය පහළ වූ අන්දමේ සන්තෝසයක් ඇතිවිය. ඊට හේතුව මෙසේය.

යථෝක්ත නගරයේ පොදු වැසිකිළි පද්ධතියක් ස්ථාපනය කර නොතිබුණෙන් නගර වැසියන් ඒ වෙනුවට භාවිත කළේ අර ගල් පර්වතය උඩට ගොස් ඉඳගෙන පල්ලෙහාට වැටෙන්නට කටයුතුකිරීමය. වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පැවති ඔය “චාලිත්තරය” නිසා මිනිස් කාරණා ඒ පර්වතය පාමුල කඳුගැසී තිබුණේය. එපමණක් නොව අවුරුදු දෙක තුනක් තිස්සේ පැවති ඉඩෝරය නිසා ඒ සත්ව ආහාර අටුකොස් ගානට (තැම්බූ කොස් මඳුළු දුමේ දමා වියළාගත් රසවත් කෑමක්) කරකුට්ටං (හොඳටම වියළී) වී තිබුණේය.

එය දුටු කෙළෙඹියා “අද නං මගේ ඌරු මහත්වරුන්ට දවස් ගානකට දෙන්ඩ ආහාර සපයන්න වසනාව ලැබුණා” යන සිතුවිල්ලෙන් පස්වනක් ප්‍රීතියට පත්ව මිනිහාගේ ලොකු සළුවට විශාල ප්‍රමාණයක් එක්කර ලොකු පොදියක්) පොට්ටනියක් බැඳගෙන හිස මත තබගෙන ගමන ආරම්භ කෙළේය.

මේවාට වතුර මුසුකර හැඳිගා තලප ගණනට පදම්කර දුන්කල අරුං “බුසුබුසු” ගගා කටට දෙකට ගසාතෝරන (ගිලදමන) අන්දම ගැනද (හරියට අපේ ලොක්කා අපට 2048 දී දෙන සංවර්ධනේ මෙන්) සිහි කරමින් යන කල්හි “හැමදා නියං (නියඟ) එකදා වැහි වළාවේ” (වසර ගණනාවක නියඟය එක වැස්සකින් නිමාකර යන ගැමි යෙදුමකි)යන අන්දමට පටන්ගත් වැස්ස ලවක් දෙවක් නැතුව දෙන්ඩ පටන්ගත්තේය.

වැහි වතුරට පෙඟුණු අර පොට්ටනියේ බඩු මෑන්ගේ කේශාන්තයේ සිට මුහුණ කට හරහා පාදාන්තය දක්වා ටිකෙන් ටික ගලා බසින්නට පටන් ගත්තේය. කෙටි මඟ ගෙවී නගරය මැදට එන විට උන්නැහේගේ සරුවාංගයම “අරෙව්වැංවැ” (අර එව්වැං) ප්ලාස්ටර් කෙරුවා වගේ නොව ගැහුවා වගේ තැවරී තිබුණේය.

ඔය අතරේ වැස්සට බේරෙන්නට කඩපිල්වලට වී බලා සිටි මේ අරුමපුදුම කෝලම දැක මේකාට පිස්සු යැයි කියමින් කෑගසන්නට වූවෝය. ඊළඟට පිස්සෙක් යැයි කියන්නට වූහ. එහෙත් නම්මඩාල්ට කාණ ඉල්ලේ. (මිනිහාට වගේ වගක් නැත). ඊළඟට හූ වැල පටන් ගත්තේය. අන්තිමේ දී මිනිහා නගරයෙන් පන්නා දමන ලද්දේය.

බෞද්ධ සාහිත්‍යයේ එන ඔය කතාව කියන්නට සිද්ද වුවේ කෙළෙඹියා පොදිය කරගසාගෙන ඒමට වඩා “පොදිය සුං” (සුන්) කරගත් හැටි කියන්නටය. එකල ඒ කෙළෙඹියා ඒ පොදිය එසේ සුංකර ගත්තත් මෙකල එක්කෙනකු කරන්නේ එහි අනිත් පැත්තය. නොහොත් “සුදිය පොං” කරගැනීමය. අනිත් අතට මෙසේ “පොං” කර ගන්නේත් නිකං “සුදියක්” නෙමේය.

“ඈයිෂ්… අප්පා.ආ..”. කියන්ඩත් ආශික්ය… “වදකහ සුදිය”ය.

“ගෙදර හිටිය ලංසි කෙල්ල කළු වුණාට බීව නේද වදකහ සුදිය…..”

කෙල්ලන් ලස්සන වෙන්න මනෝ ගසාගෙන වදකහ සුදිය බීවේ (මතක හැටියට) 1954 දීය.

බිවූ සියයට අනූනමයයි දශම නමයකටම (99.9%) දෙපැත්තෙකන්ම යන්ඩ පටන් ගත්තේය. වමනය සහ පාචනය (බඩේලිය යාම) හැදුණේය.
එදා මිනිස්සු ඒවා බීවෝය. මෙදා මිනිස්සුන්ඩ පොවනු ලබන්නෝය.

ලොක්කා සුදිය හදන්නේය. සාගලලා, අකිලලා, වජීරලා නියමිත අට එකට නොහිඳවාම අමුවෙන්ම ගෙඩි පිටින් පදමට ප්‍රතිවාප යොදා පොවන්නෝය. අවශ්‍ය වුවහොත් වස්ති කිරීමටද ඔවුහු දක්‍ෂයෝය.

උදේට බෝතලේ තුන්වරක් හොලවා පානය නිර්දේශයය. සවසට බී තුන් වරක් බඩ සෙලවීමය. හරියට හුලා හුප් නටන පරිද්දෙනි. එදා 1954දී පානය කළේ සූර්යග්‍රහණය දවසේය. ඊට පාදක වූයේ උරච්චි කළ (නෑබිලියක හෝ බෙහෙත් ඇඹරුම් ගලක හෝ අතුල්ලා) වද කහ සමග එළකිරි පානය කිරීමය.

සූර්යග්‍රහණය මධ්‍යය එළැඹි විට එසේ පානය කිරීමෙන් රූප සම්පත්තිය වැඩිවන බව ‘ලංකාදීප’ පත්‍රයේ පොඩි ප්‍රවෘත්තියක් (අඟල් දෙකක පමණ) ලෙස පළවීමෙන් රූප සම්පත්තිය වැඩිකර ගැනීමට එසේ කළාහුය.

එවක ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා ඩී.බී. ධනපාල මහතාය. හිතුවාට වඩා වැඩේ දුරදිග ගොස් මරික්කාර් මංත්‍රීතුමා කියන්නා සේ කෙළවා ගත්තේය. සූර්යග්‍රහණය නිමාවී පැය දෙකක් යන විට ලංකාවේ සියලු රෝහල් පිරුණේය. පොලිසිය ධනපාල මහත්තයා සොයාගෙන ආවෝය. පැරණි නිඝණ්ඩුවක (වෙද පොත්) තිබූ වට්ටෝරුවක් අනුව වෛද්‍ය උපදෙස් මත පළකළ බව කී කතුවරයා මාත්‍රාව නියමිත ප්‍රමාණය ඉක්මවා ගැනීම අර්බුදයට හේතුව බවද විස්තර කළේය.

ඔය අතීත කතාවය. එහෙත් කාලයාගේ වාලුකා (වැලි) තලයෙන් වැසී තිබූ ඔය කතාවේ ඇටකටු වසර හැත්තෑවකට පමණ පසුව අපේ ලොක්කා ගොඩ ගත්තේ රෝයල් තෝමියන් බිග් (පි)ග් මැච් එක දවසේය. ඒ ජොලියටත් එක්ක “කළු ලංසි” කෙල්ල මතක්වීමෙනි.

වැඩේ ටොපේ ටොප්ය. ජොලේ ජොලිය. ඇත්තෝ කති බොති නටති. තවත් දේවල් කරති. එහෙත් නැත්තෝ හූල්ලති. අත් දෙක දෙපරැන්ද අස්සේ ගසා තුංකුදුවී කුද ගහගනිති. හුප්පේය.
රෝයල් තෝමියන් ගච්ඡන ඇතැම් චීන ඌරු බේබි හාමුලාට ඕවා ටොයිස් වැඩය. එහෙත් අපේ ගංවල කැඳ උගුරක් හෝ දෙන්නට නොහැකි උන්ගේ දරුවන්ට “අබ සරණං” ගච්ඡාමිය.
මේ වන විට අපේ රටේ සියයට හැත්තෑවකට ආසන්න දරුවෝ පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙති. කාටත් පැහැදිලි ශුද්ධ සිංහලෙන් කියන්නේ නම් කන්න නැති බවය. මහ එවුං තුන් වේලෙන් කන්නේ දෙවේලක් පමණි. ඒත් කෑමක් නොව ලෙවකෑමකි. ඇවිදින ඇටසැකිලි පාර තොටේ එමටය.

මා කැමැති චිත්‍රපට කීපය අතුරින් ඉතාම සිත්ගත් කතා දෙක තුන අතරින්ද බෝරිස් පැස්ටර් නෝව්ගේ ඩොක්ටර් ෂිවාගේ කතාවට හිමිවන්නේ විශේෂ තැනකි. එය මා බැලුවේ නවසිය (1963) තරමේ දීය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ඕමාර් ෂෙරීෆ්ය. ඔහුද මා කැමැති නළුවන්ගෙන් කෙනෙකි. නිළිය ද ඒ මට්ටමේය. ඇය ජුලී ක්‍රිස්ටිය. අද මේ දෙදෙනාම නැත්තෝය.
කතාව රුසියාවේ සාර් රජුට එරෙහි විප්ලව සමය පාදක කරගත්තකි. රටේ ආහාර අහේනිය වැනි පීඩාකාරි ප්‍රශ්න නිසා විසඳුම් ඉල්ලීමට පිරිසක් මහ මන්දිරයක් වටලා උද්ඝෝෂණය කරන්නට වූහ. ඒ වන විට ඒ මාලිගයේ පැවැත්වෙමින් තිබුණේ ප්‍රභූවරුන්ගේ සාජ්ජයකි. ඒ අවස්ථාවේ උද්ඝෝෂකයන් මතට කඩා වැදුණු රජුගේ හමුදා භටයෝ ඉතාම කුරිරු අන්දමින් මේ පිරිස වෙඩිතබා කඩුගා (කපාකොටා) මරා දැමූහ.

අපේ රට පාලනය කළ පරංගි පාලකයන්ගෙන් දුර්ජනම තිරිසනා අසවේදු බව ඉතිහාසය කියයි. මව්වරුන් විලාප තබද්දී මූ කුඩා බිලිඳුන් උදුරා කිඹුලන්ට කෑමට විසිකළ බවද, අතදරුවන් උඩ විසිකර කඩුමුණ අල්ලා සිටි බවද පොතපතේ විස්තර කෙරේ.

මේ වන විට අපේ වැඩි දෙනකුට පාන් රාත්තලක් මිලට ගැනීමට වත්කමක් නැත. දරුවකුට කිරි කඳුළක් දීමට වත්කමක් නැත්තෝ බෙහෙවි. ග්‍රෑම් හාරසියයේ කිරිපිටි පැකැට්ටුවක් රුපියල් අටසියයට වැඩිය. බොහෝ දෙනකුට රැකියා අහිමිව ගියේය. අප සමග සේවය කළ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් මහ මඟය. පෞද්ගලික ආයතන නන්නත්තාරය. වසර තිහ හතළිහක් රාජකාරි කළ ඇතැම් විශ්‍රාමිකයින් වැඩිදෙනාගේ විශ්‍රාමික වැටුප රුපියල් තිස්දාහකට අඩුය.

වයසක දෙදෙනා පමණක් සිටින පවුලකටද බෙහෙත් ටික ගන්නවත් ලබන වැටුප ප්‍රමාණවත් නැත. විශ්‍රාමික ගුරුවරු, ලිපිකරු මහත්වරු කුලී වැඩ සොය සොයා යති.

මේ තත්ත්වය රටේ පවතිද්දී කුලියාපිටියේ ආරම්භක රැස්වීමේ දී මහදැනමුත්තා සහ ගෝලබාලයෝ කෙළපු පිස්සු ටික මතක්වන විට ඇඟේ මාළු නටනවාය. ඒ රැස්වීම තිබූ වපසරියේ රාජකාරිය භාරව සිටි පොලිස් මුලාදෑනියකු (ලොක්කෙකු) මේ ලියුම්කරු සමග කී කතාවක් නිසා එවකට අගමැති ආර්. ප්‍රේමදාස fදාරේගේ ජනාධිපති මැතිවරණ සමය සිහිපත් කෙළේය.

දණින් වැටී ජීවත් වනවාට වඩා හිටගෙන මියයාම බොහෝම හොඳා යැයි ඒ සමයේත් කී වීරයන් විසින් මැතිවරණය තහනම් කරනු ලැබ තිබිණි. මැතිවරණ රැස්වීම් බලන්නට යන උන් පවා මරණ බවට තර්ජනය කර තිබුණේය. චන්දය දාන්න ගියොත් අත කපන බවටද නිල (අණ) කරවා තිබුණේය.

අම්මා පල්ල බොරුවක් මුසාවාදයක් කියනවා නොව ඒ දණ්ඩනවලට අසුව අංග ඡේදනයට ලක්වූවෝද ගෙවල් fදාරවල් පමණක් නොව ජීවිත පවා අහිමි කරගත්තෝද සෑහෙන නොව නොසෑහෙන සංඛ්‍යාවක් ලැයිස්තුගතව ඇත්තාහ.

මොනවා කළත් ප්‍රේමදාස මහත්තයාද ඇරියේ නැත. රැස්වීම් පැවැත්තුවේය. මිනිස්සුත් ගෙවල්වලට වී කොහේ හෝ ගිය වග ඇඟවෙන්නට fදාර ජනෙල් අගුළු දාගෙන මීක් ශබ්දයක් නැතුව රැස්වීමේ කෙරෙන කියන කතා ඇසුවෝය.

ගමේ (ප්‍රදේශයේ) මිනිසුන් කිසිවකු රැස්වීමට නොආවත් පිට්ටනිය පිරෙන්නට මිනිස්සු උන්හ.
දඹුල්ල නගරයේ පැවැත්වුණු රෑස්වීමක වාර්තාව ගැනීමට මේ ලියුම්කරු ගිය අතර, ලොකු පොල්ගෙඩි අකුරෙන් නගරයේ ගස් දෙකක ඉතා ඉහළින් අපූරු බැනර් එකක් දමා තිබුණේය. ඒ කොල්ලන්ගේ වැඩකි.

“අගමැති ප්‍රේමදාස දඹුල්ලේදී මැද කොළඹ ජනතාව අමතයි” යන්න එහි ලියා තිබුණේය. ඔය කතාව ලියන්නට හිතුණේ යථෝක්ත කුලියාපිටියේ පොලිස් නිලධාරියා කී කතාව නිසාය. කුලියාපිටියට ජන ගඟ ගැලූ බව කියන්න යාපනෙං හිටං මිනිස්සු ඇද්දා. ගැලුවා නෙමෙයි පොම්ප කෙරුව ඔහු කීවේය.

පසුගියදා කොළඹ කාසල් වීදියේ තැප්ප්‍රබෝන් එන්ටර්ටේන්මන්ට් ශාලාවේදී ලොකුතුමා තරුණ තරුණියන් පිරිසක් සමග සුහද සාකච්ඡාවක් පැවැත්වූවේය.

එහිදී එක් තරුණියකගේ ඉල්ලීම වූයේ ලව් ප්ලේස් “එකක් හෙවත් ප්‍රේම කරන්ඩ ස්ථානයක් ස්ථාපනය කර දෙන ලෙසටය. ලොක්කා ඒක ඕකේ කෙළේය. යුවතිය ඉල්ලුවේ එතැන රෙදි ඇතුව ලව් කරන්නද?රෙදි නැතුව ලව් කරන්නදැයි පැහැදිලි නැත. එහෙත් ලොක්කා ඒක ඕකේ කෙළේ රෙදි ඇතුවය. එහෙනං ඉතිං රටම ඕකේය. (අනේ අපුච්චේ අපේ රටේ හැටි)

හැබැයි එතන පොළොවේ පයගසා සිටි කොල්ලෙක් නම් ප්‍රශ්නයක් ඇසුවේය. ඒකට නං ලොක්කා උත්තර දුන්නේ බුදුන් දවස විසූ අජිත කේශකම්බිලි නමැති ශාස්තෘන්ගේ අමරා වික්ඛේපවාදයෙනි.
ජිත යනු දිනූ (ජයග්‍රාහකයාය) තැනැත්තාය. (ජිතවා මුනින්දෝ) අජිත යනු එහි විරුද්ධ පැත්තය. පරාජිතයාය. නොහොත් එතෙක් ජයක් නොලද තැනැත්තාය.

කෙස්වලින් තැනූ පොරා්නයක් (බ්ලැන්කට්) පැලඳ සිටි හෙයින් හෙතෙම අජිතකේශ කම්බිලි වූවේය. අමර යනු ආඳාය. ආඳාගේ සිරිත ලිස්සා යාමය. අජිතකේශ කම්බිලිගෙන් කිසිවකු යමක් විමසූ කල්හි එය එසේ විය හැකිය (තතාපි මේනෝ) නැතහොත් එය එසේ නොවිය හැකිය. (නෝ නෝතිපි මේ නෝ) යන පරිදි අහුනොවන්නට උත්තර දී මඟහැර යාමේ (අමරා වික්ඛේප) වාදය එතුමා අනුගමනය කෙළේය.

මහින්දලා හොරකං කළ බව කියන ධනය ආපසු අය කර ගන්නේදැයි අර තරුණයා ඇසූ ප්‍රශ්නයට අපේ රනිල් මහත්තයා නොහොත් ජේ.ආර්. ජයවර්ධන නායකතුමාගේ බෑනා ප්‍රශ්නෙට උත්තර දුන්නේ අන්න ඒ අන්දමටය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පැය 24යි! මරණ 6යි! ඉස්කෝලෙ යන ළමයි දෙන්නෙකුත් මැරිලා! VIDEO I Sri Lanka Latest News

Next Post

කැනඩාවේදී ඝාතනය වූ දර්ශනී සහ දරුවන්ගේ අවසන් කටයුතු සිදුකරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.