• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාචාර්ය ජී.එල්. පීරිස් කියන්නේ රනිල්ගේ ගුරුවරයෙක්! අද තමන්ගේ ගුරුවරයාට සට්ටැඹිරාල කියන තත්ත්වයට රනිල් ඇදවැටිලා! පරාජයේ අඳුරු සෙවනැලි දැකලා රනිල් දැන් වියරු වැටිලා ඉන්නේ! එතුමා රාජපක්ෂවරුන්ගේ සට්ටැඹිරාල! රාජපක්ෂලාට ජනමතයක් නෑ කියලා දැනගත්තාම රාජපක්ෂලාගේ සට්ටැඹිරාලට කේන්ති ගිහින්! VIDEO I Sri Lanka Latest News

March 12, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
99 ඉල්ලලා පැරදුණා! 2005 ඉල්ලලා පැරදුණා! 2010 පරදින නිසා ඉත්තෙක් දැම්මා! 2015 වෙන අශ්වයෙක්ගේ පිටේ නැග්ගා! මේ සැරේ ජනාධිපතිකම පිනට ලැබුණා! 2024 පරදින නිසා ඉල්ලන්නේ නෑ! රනිල් ජනාධිපතිවරණයට නොඑන බව මරික්කාර් කැට තියා කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහචාර්ය ජී.එල් පිරිස් මහතා කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ගුරුවරයෙකු බවත් තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (12) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.

‘‘රටේ සිටින තරුණ පරම්පරාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සීයා කෙනෙක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියට ලංකාවේ සිටින සියලුම පළාත් පාලන අපේක්ෂකයන්ව ගෙනල්ලා පොඩි විනෝදයක් ගත්තා.  ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ පැවැති ජන රැළිය නම් කරලා තිබුණේ සැබැව කියලා.  2017.01.07 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලියාපිටියේදී කිව්වා වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා කියලා.  වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් කෙසේවෙතත් බයිසිකලයක් හදන කර්මාන්ත ශාලාවක්වත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හදා ගන්න බැරි වුණා. වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් කුලියාපිටියේ හදනවා කියලා ජනතාව රැවැට්ටුවා වගේම ජනතාව රවට්ටන වැඩක් තමයි සැබැව කියලා කුලියාපිටියේදී පැවැත්වුවේ.  

මාස 17 ක කාලයක සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කරනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා ත්‍රිකුණාමලය ආයෝජන කලාපයක් කරනවා කියලා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් කරනවා කියලා.
ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරයකට ගිය අවස්ථාවේ ඔහු කිව්වා ගාල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කලාපයක් කරනවා කියලා. මේවැනි දේවල් කිව්වට තවම කිසිදු දෙයක් රට වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරලා නෑ.

2024 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනොත් ඔහු අවුරුදු 80 පැනපු ජනාධිපතිවරයෙක්. අවුරුදු 80 පැනපු ජනාධිපතිවරයෙකුට රටේ තරුණ පරම්පරාව පිළිබඳව කිසිදු හැඟිමක් නෑ. එවැනි ජනාධිපතිවරයෙකුට රටේ ඕනෑම දෙයක් විකුණන්න පුලුවන් , රටේ ඕනෑම දෙයක් නැති කරලා දාන්න පුලුවන්. ඕන තරම් ණය ගන්න පුලුවන්. එහෙම වුණාම රටේ ජනාධිපති නෙවෙයි ණය කාරයා බවට පත්වෙන්නේ ණය කාරයෝ වෙන්නේ රටේ තරුණ ප්‍රජාව.

සියයට 18 කින් වැට් බද්ද වැඩි කරපු , තෙල් මිල වැඩි කරපු , විදුලි බිල වැඩි කරපු , භාණ්ඩවල මිල වැඩි කරපු , අත්‍යාවශ්‍ය සේවාවන මිල වැඩි කරපු , රටේ අධ්‍යාපනය කඩාකප්පල් කරපු , රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරපු , ප්‍රමිතියෙන් තොර ඖෂධ ගේන්න අවස්ථාව උදා කරපු පුද්ගයෙක් තමයි රටේ ජනාධිපතිලෙස අද පත්වෙලා සිටින්නේ. එවැනි නායකයෙකුට අපේ රටේ දේපළ විකුණන්න , අපේ රට ණය උගුලට ඇදලා දාන්න , වැනි ඕනෑම දෙයක් සිදුකරන්න පුලුවන්.
රාජපක්ෂලාගේ සට්ටැබිරාල කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වලා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුණේ පිනට. රනිල් වික්‍රමසිංහට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 29,000 ක් ගන්න බැරිවුණා. මම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 97,000 ක් ගත්තා. මගේ ගාණටවත් ඡන්දය ගන්න බැරි පුද්ගලයෙක් රාජපක්ෂලාගේ සට්ටැබිරාල වෙලා ඉන්නවා. රාජපක්ෂලාට ජන මතයක් නෑ කියලා දැනගත්තාම රාජපක්ෂලාගේ සට්ටැබිරාලට කේන්ති යනවා. ඒකට වෙන වෙන පුද්ගලයින්ට බැනලා වැඩක් නෑ. සමගි ජනබලවේගය සහ සමගි ජනසන්ධානය කෙරෙහි තියෙන , ඉරිසියාව , කුහකකම , වෛරය , ක්‍රෝදය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කුලියාපිටියේදී සිදුකළ කතාවෙන් එළියට ආවා.

ශිෂ්ඨ සම්පන්න මිනිස්සු විදිහට අපි තවම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කතා කරන්නේ සර් කියලා. රනිල් වික්‍රමසිංහ අපේ හිටපු නායකයා. ඔහුගේ සියලු වැඩවලට විරුද්ධයි නමුත් අපි ඔහුට සර් කියලා කතා කරනවා. ඒක තමයි යුක්ති ගරුක සමාජයක විදිහ. මහචාර්ය ජී.එල් පිරිස් කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ගුරුවරයා. තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වෙලා තිබෙනවා. පරාජයේ අඳුරු සෙවනැලි දැකලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වියරු වැටිලා ඉන්නේ.‘‘

රනිල් වික්‍රමසිංහ කියන්නේ නූල් සුත්තර කාරයෙක්. ඔහුගේ ගැටවලට සමගි ජනබලවේගය අහුවෙන්නේ නෑ

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විදිහට වැඩ කරන්න සමගි ජනබලවේගය සූදානම් නෑ. රටේ රාජ්‍ය මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ කියන විදිහට වැඩකරන්නත් සමගි ජනබලවේගය සූදානම් නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ රටේ විපක්ෂ නායකවරයාට වෙනම සාකච්ඡා කරන්න පුලුවන්. විපක්ෂය විදිහට එය කරලත් තිබෙනවා. ඉදිරියේදීත් අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරන්න ගිවිසුමේ හවුල්කාරයන් ලෙස විපක්ෂය පත්කරන්න තමයි උත්සහ කරන්නේ. ඒකට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ සිදුකරන සාකච්ඡාවට විපක්ෂයටත් ආරාධනා කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් ඡන්දයක් පවත්වන්න ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ නූල් සුත්තර කාරයෙක්. ඔහුගේ ගැටවලට සමගි ජනබලවේගය අහුවෙන්නේ නෑ. සාකච්ඡා පැවැත්විය යුත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ණය හිමියන් යන දෙපාර්ශ්යම සමඟයි. රනිල් වික්‍රමසිංහ රටේ වැට් බද්ද වැඩි කරන්න , බිල් වැඩි කරන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවලට සමගි ජනබලවේගය එකඟවෙන්නේ නෑ. ආදායම් මාර්ග වැඩිකරගනිමින් ගෙවීමේ හැකියාව වැඩි කරලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සියලුම කොන්දේසි වලට එකඟනොවී රටට හිතකර කොන්දේසි තෝරාගෙන නොගැලපෙන දේවල් ඉවත් කිිරිම කළ යුතුයි. එයයි සමගි ජනබලවේගයේ ස්ථාවරය.

සමගි ජන බලවේගය මහාචාර්ය ජී.එල් පීරිස්ට කවදාවත් හොරා කියලා බැනලා නෑ

‘‘සමගි ජන බලවේගය මහාචාර්ය ජී.එල් පීරිස්ට කවදාවත් හොරා කියලා බැනලා නෑ. මහාචාර්ය ජී.එල් පීරිස් හොරෙක් කියලා කිසිදු තැනක සඳහන් වෙලත් නෑ චෝදනා ලබලත් නෑ. ඔහු උගත් බුද්ධිමත් පුද්ගලෙයක්. පොදුජන පෙරමුණ පිහිටුවන්න දිනවන්න කටයුතු කළා. ඒ ඔහුගේ දේශපාලනය. රටේ තිබෙන දේශපාලන පක්ෂවල හොද මිනිස්සුත් ඉන්නවා. හොරුත් ඉන්නවා. කවදාවත් සමගි ජනබලවේගය මහින්දානන්ද අලුත්ගමගේ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , එස් එම් චන්ද්‍රසේන , රෝහිත අබේගුණවර්ධන , වගේ පුද්ගලයන් සමඟ දේශපාලනය සිදුකරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බියගම වධකාගාරයක් සම්බන්ධයෙන් කොමිසමකුත් පත් කරා. එහෙම කිසිදු චෝදනාවක් නැති පුද්ගලයෙක් තමයි මහාචාර්ය ජී.එල් පීරිස්.‘‘

සියලුම පක්ෂවල සිටින හොඳ පුද්ගලයින් සමගි ජනසන්ධානයට එකතු කරගත යුතුයි

‘‘සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය ගොඩනැගීමේ වැඩ කටයුතු ඉතා සාර්ථාකව සිදුකරගෙන යනවා. පුලුල් සන්ධානයක් ගොඩ නැගීම සඳහා රටේ තිබෙන දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන , වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරගෙන යනවා.සන්ධානය සමගි ජනසන්ධානය රටේ බිහිවන පුළුල්ම සන්ධානය බවට පත් කරනවා. දූෂිත පුද්ගලයින් සමගි ජනසන්ධානයට ගන්න නෑ. සියලුම පක්ෂවල සිටින හොඳ පුද්ගලයින්ව සමගි ජනසන්ධානයට එකතු කරගත යුතුයි. 1989 පස්සේ කවුරුවත් තනියම දිනලා නෑ.‘‘

SendShareShare
Previous Post

රනිල් එජාපයේ නායකයා කියන එක කුරුණෑගල රැස්වීමෙන් ඔප්පු වුණා! එතුමා පොහොට්ටුවේ නායකයා නෙමෙයි! හැබැයි අපෙත් එක එක්කෙනා පෞද්ගලික මත නම් කිය කියා යනවා! ඒකට මම එකඟ නෑ! පොහොට්ටු පක්ෂ මූලස්ථානයෙන් නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් එන්න කිව්වාම ගියේ නැති සජිත් ලබන සතියේ IMF ටීම් එක හමුවෙනවා! මේ රටේ මව්වරුන්ගේ-දරුවන්ගේ සහ ළදරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය මගහරවා ගැනීමට ආධාරක වැඩසටහනක් ඉල්ලන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.