මහමැතිවරණය පැවැත්වීම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණද ලබන 23 වැනිදා ව්‍යවස්ථාදායක සභාව හදිසියේම රැස්වීමට තීරණය කර තිබේ.
එදින දහවල් 12ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත අතර ජනාධිපති නීතීඥ ලක්ෂ්මි මේනකා විජේවික්‍රම මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති නාමයෝජනාව මෙහිදී සලකා බලනු ඇති බව පැවසේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ව්‍යවස්ථාදායක සභාව මෙසේ රැස්වන්නේ පළමු වතාවටය.
හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.








