අද පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන් 40ක පමණ පිරිසක් සහභාගී වී සිටීම සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බවක් දැනගන්නට ඇත.Sri Lanka Latest News
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී සිටියද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ඊට සහභාගී වී නොමැති වීම විශේෂ සිදුවීමක් වී තිබේ.
ඒ අනුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙම තත්ත්වය ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දී ඇත්තේ මේ ආකාරයට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරු සහභාගී වීම අවම මට්ටමක පැවතීම බරපතළ ගැටලුවක් බවකි.
මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා ඊට අවශ්‍ය පියවර ගත යුතු බවද නියෝජ්‍ය කතානායකවරයා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ.









