හාලිඇල නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථාන දෙකකට ඊයේ (27) දින අළුයම ඇතුළුවි ඇති සොරුන් පිරිසක් විසින් එම විහාරස්ථානවල තිබු මුදල් සොරාගෙන ගොස් ඇති බව හාලිඇල පොලිසිය පවසනවා.Sri Lanka Latest News
එලෙස සොරුන් ඇතුළු වි ඇත්තේ හාලිඇල සිරි බිම්බාරාම සහ බෝගහමඩිත්ත ජේතවනාරාමය යන විහාරස්ථාන දෙකට බවද පොලිසිය කීය.
සිරි බිම්බාරාම විහාරස්ථානය වෙත ඇතුළුවි විහාර ගෙයි තිබු පින් කැටය කඩා එහි තිබු මුදල් හා විහාරාධිපති හිමි වැඩ සිටි ආවාස ගේ තිබු රුපියල් හැත්තෑ දහසකට ආසන්න මුදලක් පැහැරගෙන ඇති මොවුන් විහාරස්ථානයේ සවිකර තිබු ආරක්ෂිත කැමරා පද්ධතියද ගලවාගෙන ගොස් ඇති බවත් බෝගහමඩිත්ත ජේතවනාරාමයේ විහාර ගෙයි කවුළුුවකින් ඒ තුලට ඇතුළු වී පින් කැටය රැගෙන ගොස් චෛත්‍යය අසලදි එය කඩා මුදල් රැගෙන ගොස් ඇති බවට කරුණු වාර්තා වි ඇතැයිද පොලිසිය පවසයි.
එම විහාරස්ථාන දෙකෙහි පින්කැටවල කොපමණ මුදලක් තිබුනාද යන්න පිළිබඳව නොදන්නා බවද විහාරාධිපති හිමිවරුන් විසින් පොලිසියට පවසා ඇත.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ , බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන නිලධාරීන් ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් හාලිඇල පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය










