• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජේ.ආර්. ඩොලර් බිලියන 4යි! රණසිංහ ප්‍රේමදාස ඩොලර් බිලියන 1.7යි! ඩී.බී. විජේතුංග ඩොලර් බිලියන 1යි! චන්ද්‍රිකා ඩොලර් බිලියන 3.1යි! මහින්ද විතරක් ඩොලර් බිලියන 31ක්…! රට බංකොලොත් වුණේ 75 වසරක සාපෙන් නෙමෙයි! මහින්ද වැඩකට නැති වැඩවලට ණය ගැනීමෙන්! ඒකට රතු මල්ලිලාත් වග කියන්න ඕන! VIDEO I Sri Lanka Latest News

February 26, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට බංකොලොත් වුණේ 75 වසරක සාපය හේතුවෙන් නොවන බවත් අධික ලෙස ණය ගත් නිසා බවත් ශ්‍රී ලංකාව මේ වනවිට ඩොලර් බිලියන 90 ක් ණය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

ඩොලර් බිලියන 90 ක ණයෙන් ජේ ආර් ජයවර්ධන ඩොලර් බිලියන 4 ක් රණසිංහ ප්‍රේමදාස ඩොලර් බිලියන 1.7 කි , ඩි බී විජේතුංග ඩොලර් බිලියනයක් , චන්ද්‍රිකා කුමාරතුංග අඩොලර් බිලියන 3.1 ක් ගෙන තිබෙන බවත් මහින්ද රාජපක්ෂ ඩොලර් බිලියන 31 ක් ණය ගෙන තිබෙන බවත් මරික්කාර් මහතා කීවේය.

මහින්ද රාජපක්ෂ මෙතරම් ණය මුදලක් ගෙන තිබෙන්නේ නැව් එන්නැති වරයවල් හදන්න , ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපලවල් හදන්න , මිනිස්සු නැති සම්මන්ත්‍රණ ශාලා හදන්න බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා මෙසේද පැවැසීය.

‘‘රනිල් වික්‍රමසිංහ සමඟ අපි අවුරුදු 20 ක් විතර වැඩ කරලා තිබෙනවා. අපි දන්න රනිල් වික්‍රමසිංහ පරදින්න ඡන්ද ඉල්ලන්නේ නෑ. හෙන ගහනවා වගේ බදු ගහලා තිබෙන නිසා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අද රටේ ජනතාවට මුහුණ දෙන්න නොහැකි වෙලා තිබෙනවා. බිල් වැඩිකරලා , රටේ දරුවන්ගේ අධ්‍යාපනය , අනාගතය විනාශ කරලා ජනතාවගේ රීරි මාංශ උරාබිලා එක ප්‍රසිද්ධ රැස්වීමක්වත් කරගන්න බැරි තත්ත්වයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්වෙලා සිටිනවා.  රාජ්‍ය උත්සව වලට විතරයි අද ජනාධිපතිවරයා සහභාගි වෙන්නේ.  2005 පස්සේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිනට ජනාධිපති වුණා මිසක් ඡන්දයකින් ඉල්ලන්නේ නෑ. ඔහු ජනතාව අතරට යන්න බයයි.

රට බංකොලොත් වුණේ 75 වසරක සාපය නිසා නෙවෙයි. ණය අරගත්ත නිසා තමයි රට බංකොලොත් වුනේ. ඩොලර් බිලියන 90 ක් අපි ණයයි. මේ ණයෙන් ජේ ආර් ජයවර්ධන අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 4 යි. මේ ණයෙන් රණසිංහ ප්‍රේමදාස අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 1.7 යි. ඩි බී විජේතුංග අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියනයයි. චන්ද්‍රිකා කුමාරතුංග අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 3.1 යි. මේ සියල්ල එකතු කළාට ඩොලර් බිලියන 9.8 ක් වෙනවා. මහින්ද රාජපක්ෂ අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 31 ක්. මහින්ද රාජපක්ෂ මෙතරම් ණය මුදලක් අරගෙන තිබෙන්නේ නැව් එන්නැති වරයවල් හදන්න. ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපලවල් හදන්න , අධිවේගි මාර්ග හදන්න , මිනිස්සු නැති සම්මන්ත්‍රණ ශාලා හදන්න. ණය අරගෙන වැඩ කළාම තමයි වැඩියෙන් හොරකම් කරන්න පුලුවන් වෙන්නේ. ලෝකයේ දියුණු වෙන කිසිදු රටත් මෙවැනි දේවල් කරන්නේ නෑ. ආයෝජකයෙක් ගෙනල්ලා ඒ ආයෝජකයා මාර්ගයෙන් තමයි සංවර්ධන ව්‍යාපෘති සිදුකරන්නේ.

මහින්ද රාජපක්ෂව ජනාධිපති කළේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස. රාජපක්ෂලාට සුනාමි වංචාව සම්බන්ධයෙන් චෝදලා එල්ල වෙලා තිබියදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් මහින්ද රාජපක්ෂව ජනාධිපති කළේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස. මහින්ද රාජපක්ෂගේ කාලයේ සිදුවුණ හොරකම් වංචා දූෂණ නිසා රට බංකොලොත්වුණානම් , රාජපක්ෂවරු ගත්ත ණය නිසා රට බංකොලොත් වුණානම් ඒ්කට ජනතා විමුක්ති පෙරමුණේ පිරිස වගකිව යුතු නැද්ද?

එල් ටී ටී ඊ සංවිධානය අනුගමනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය, රට ලේ විලක් කරලා , රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට රට පත්කරේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස. 75 වසර ඇතුළත තමයි ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා සමඟ එකතු වෙලා ආණ්ඩුවක් නිර්මාණය කළේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂව ජනාධිපති කළෙත් ජනතා විමුක්ති පෙරමුණ. ඒ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති වෙලා හිටියේ අනුර කුමාර දිසානායක. ඔහු එක වැවක් හැදුවද? ජනතා විමුක්ති පෙරමුණේ චන්ද්‍රසේන විජයසිංහ තමයි ධීවර ඇමැති වෙලා හිටියේ. එක මාලු කර්මාන්ත ශාලාවක් හැදුවද? ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත ග්‍රාමීය ආර්ථික ඇමැතිධූරය දැරුවා ඔහු එක සමුපාකාරයක් හැදුවද? රට අසාර්ථක රාජ්‍යක් බවට පත් කරන්න , ණය බරින් මිරිකුණ රාජ්‍යයක් බවට ලංකාව පත් කරන්න මහින්ද සහ චන්ද්‍රිකා සමඟ දායක වුණේ ජනතා විමුක්ති පෙරමුණ.

2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ කෝටි 45,000 ක ආධාර ආයෝජකයෝ ලංකාවට ගෙනාවා. උද්ඝෝෂණය කරලා සියලු ආයෝජකයන්ව රටින් එලවලා දැම්මා. එදා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරලා තිබුණානම් අද රටට මේවැනි තත්ත්වයක් උදා වෙන්නේ නෑ.

රාජ්‍ය ආදායම වැඩි කළොත් පමණයි බදු අඩු කරන්න පුලුවන්, බදු අඩු කළොත් පමණයි භාණ්ඩ වල මිල අඩුවෙන්නේ. භාණ්ඩ වල මිල අඩු කළොත් පමණයි ජනතාවට සහනයක් ලබාදෙන්න පුලුවන් වෙන්නේ. අපනයනය වැඩි කිරිමෙන් , අලුත් වෙළඳපොලවල් තුළට ඇතුළත් වීමෙන් සහ විදේශ ආයෝජන ගෙන ඒමෙන් රටේ රාජ්‍ය ආදායම වැඩිකරන්න පුලුවන්. රටේ සෞඛ්‍ය වෙළඳපොල විවෘත කරන්න ඕන. අධ්‍යාපන වෙළඳපොල විවෘත කරන්න ඕන. තොරුතරු තාක්ෂණ වෙළඳපොල විවෘත කරන්න ඕන. මූල්‍ය වෙළඳ පොල විවෘත කරන්න ඕන. ‘‘

SendShareShare
Previous Post

කාලගුණය හදිසියේ වෙනස් වෙයි! තද සුළං-අකුණු සමග මහ වැසි වහින්න පටන් ගන්නවලු!  I Sri Lanka Latest News

Next Post

ඉඳුරුවෙන් පපුව පිච්චිලා යන කතාවක්! ගෙදර තියාගෙන ඇප උපස්ථාන කරමින් සිටි අම්මා හදිසියේම මියයයි! දුක දරාගන්න බැරිව පොඩි පුතා පැය කීපයක් ඇතුළත පපුව පැළී මැරෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.