• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරිසියා කරලා වැඩක් නෑ-කුහකකම් කරලා වැඩක් නෑ… මඩ ගහලා වැඩක් නෑ… මිනිස්සු ශිහාන්ට ආදරේ කරන්නෙ ඇයි කියලා හොයපල්ලා I Sri Lanka Latest News

February 25, 2024
in Exclusive, Heart, News
Reading Time: 29 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රියැලිටි කලාව අද වාගේ වසංගතයක් නොවූ කාලෙක මීට අවුරුදු ගණනාවකට කලින් හරියටම කියනවා නම් අවුරුදු දහසයකට පමණ කලින් සිරස සුපර් ස්ටාර් වැඩසටහන ආලින්දයේ සිනමාවට පය තිබ්බා. ස්මාර්ට් ෆෝන් උණ ලංකාවට මේනියාවක්ව තිබුණේ නැති, බට්න් ෆෝන්වලට වැඩි හරියක් දෙනා හුරුවෙලා හිටපු ඒ දවස්වල මිනිස්සු පුදුම විදියට ටීවී එකට ඇබ්බැහි වෙලා හිටියා. ඒ විදියට ටීවී එක ගෙදර හැමෝගෙම සතුට වෙච්ච එකේ සිරස සුපර් ස්ටාර් වැඩසටහන හැමෝම වාගේ හරි ආදරෙන් වැලඳගත්තා.(Sri Lanka Latest News)

මැද සාලේ ටීවී එක වටේට පුටු තියාගෙන ටෙලිනාට්‍ය විතරක් බල බල හිටපු ප්‍රේක්ෂකයන්ට සුපර් ස්ටාර් තරගය නිව් විෂන් එකක් වුණාය කිව්වොත් ඒක සම්පූර්ණ ඇත්තක්. සති අන්තෙට යන ටෙලිනාට්‍ය ටිකක් අතෑරලා දාලා ළමා ළපටි තරුණ තරුණියන් වගේම වැඩිහිටියොත් ලංකාවේ හැම පළාතකින්ම ඇවිදින් සින්දු කියන්න වරම් ඉල්ලන කෙල්ලො කොල්ලන්ගේ රංගනයටයි විනිසුරු මඬුල්ලේ ප්‍රවීණයෝ ඔවුන්ට දෙන තීන්දු දිහාවෙයි කැපිලා යන ආධුනිකයන්ගේ කඳුළු සහ අවසාන වටයට තේරෙන කට්ටියගේ එක එක ජාතියේ ආලවට්ටම් දිහාවෙයි බලාගෙන හිටියේ තුෂ්ණිම්භූත වෙලා වගෙයි.

ඒ තුෂ්ණිම්භූත බව තුළ තිබුණේ දුක සතුට මුසුවූ අමුතුම ජාතියේ ආතල් එකක්. ඒ ආතල් එකට මැදිවෙලා හිටපු සුපර් ස්ටාර් රසික රසිකාවියන් අතර සමස්තයක් විදියට ගත්තම හැමෝගෙම වගේ හිත දිනාගත්ත තරුණ හාදයෙක් හිටියා. ඔහු ආවේ ගම්පහ පැත්තෙන්. ඉගෙනගත්තේ කඳාන ඩි මැස්නඩ් කොලෝජ් එකෙන්. වයස යන්තමට විසිඑක පිරුණා විතරයි. කන්කලු හඬ ස්වරයත්, සිත්කලු පෙනුම සහ ප්‍රාසාංගිකත්වය හැඩට තිබුණු නිසාත් මේ මැස්නඩ් කොල්ලා අවසාන පස්දෙනා වෙනකල්ම තරගය තුළ තමන්ගේ දස්කම් පෙන්නුවා. දවස හරියටම මතක නැති එක් ඉරිදා රෑක හැම අතින්ම ටැලන්ටඩ් වෙච්ච මේ තරුණ ගැටයා සුපර් ස්ටාර් තරගයෙන් අහේතුකව කැපිලා ගියා.

‘අයියෝ දෙයියනේ…’ කියලා හැමෝම වාගේ අත් දෙක ඔළුවට තියාගන්න තරමට ඔහුගේ කැපීයෑම කාටත් ෂොක් එකක් වුණා. පහුවදා උදේ බස් එකේ කෝච්චියේ හන්දි ගානේ වාගෙම වැඩබිම්වලත් කතාබහට ලක්වුණේ අහේතුකව කැපිලා යන්න ගිය මේ සුපිරි තරුව ගැනයි.
කවුද ඒ අවාසනාවන්ත සුපිරි තරුව?

නම මොනවට කියන්නද? නොකිව්වත් ඒ නම හැමෝම වාගේ දන්නවා ඒ ශිහාන් මිහිරංග බව. උප්පැන්නෙ හැටියට ඔහුගෙ නම ශිහාන් මිහිරංග බෙනට්. තවත් ආටෝපෙට කියනවා නම් සමහර පිරිසක් අදටත් ශිහාන් මිහිරංගව හඳුන්වන්නේ ඔටුනු නොපලන් සුපිරි තරුව විදියටයි. ඒකේ ආයෙ කතා දෙකක් නැහැ. ඒක අවිවාදාත්මකයි. එහෙම කියන්නේ ඇයි කියලා අහනවා නම් උත්තරය හරිම සරලයි. ශිහාන් කියන්නේ අද සංගීත කලාවේ සුපිරි බ්‍රෑන්ඩ් එකක්. එහෙමත් නැත්නම් ප්‍රාසාංගික කලාවේ ඉහළ මිලකට අලෙවි වන තරුවක්. සුපිරිතම තරුවක්. අද විතරක් නෙවෙයි ශිහාන් එදත් තරුවක් වෙලා හිටියා. අවසාන පස්දෙනා අතරින් කැපෙන කොටත් ශිහාන් සුපිරි මට්ටමක හිටියා.

ඒ හින්දයි ඔහු අහේතුකව කැපිලා ගිය සවසට පහුවදා කොන්වන්ට්වල කෙල්ලෝ ඉන්ටර්වල් එකේදී තම තමන්ගේ මිතුරියන් එක්ක දුක කිය කියා ඇස් කෙවෙනිවල කඳුළු පිහ පිහ ඇඬුවේ. ප්‍රයිමරිවල ඉගෙන ගන්න පුංචි දරු දැරියොත්, ‘අයියෝ අම්මා ශිහාන් අයියා ඊයේ කැපිලා’ කිය කියා ස්කූල් වෑන්වලින් බැහැලා මූණු බෙරි කරගෙන දුක්වෙන තරමට එදත් ශිහාන් හැම වයස් මට්ටමකම හදවතේ ගායකයා වෙලා හිටියා. ප්‍රවීණ ගායක රූකාන්ත අවංකවම පත්තරේකට කියලා තිබුණා තමා ගැයූ ‘ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ’ සින්දුවයි, ‘මම ඇහැව්වා හොරෙන් හදවතින්’ සින්දුවයි ටේ‍රන්ඩ් එකක් විදියට තරුණ හිත් අතරට වැඩිපුරම යන්න ගත්තේ ශිහාන්ගේ හඬින් ඒක සිරස සුපර් ස්ටාර් රවුන්ඩ්වලට කියවෙන්න ගත්තට පස්සෙයි කියලා.

ඒ තරම් උමතුවක් වුණු ශිහාන් අවසාන පස්දෙනා අතරින් කැපිලා ගියේ ඇයි?

අදටත් ඒකට උත්තර නැහැ. ඒ කපාදැම්ම මජර කැපිල්ලට හේතුවකුත් නැහැ. හැබැයි ඒ කැපිල්ල අහේතුක කාරණයක් හෝ අවාසනාවක් වුණෙත් නැහැ. එහෙම කියන්න හේතුව වුණේ ශිහාන්ට මොබිටෙල් එකේ අවුරුදු ගානක ඇග්‍රිමන්ට් එකක් ගහන්න වාසනාව ඒ කැපිල්ලෙන් පස්සේ උදාවුණු නිසාය.

‘අර ශිහාන් ඇඩ් එකට ඉන්න මොබිටෙල් පැකේජ් එක දෙන්න’

තරුණ කෙල්ලෝ කොල්ලෝ විතරක් නෙවෙයි තරුණ ගෑනු උදවිය එක්ක මැදිවියේ ගැහැනු කට්ටියත් ශිහාන්ගේ ඇඩ් එකට වශී වෙච්ච පාරට පාවිච්චි කර කර හිටිය ෆෝන් පැකේජ් එකක් අයින් කරන්න ගත්තා. ඒකෙන් වුණේ ඔහු ඇඩ්වටයිසින් කලාව තුළත් ටේ‍රන්ඩ් එකක් වෙච්ච එකයි. සමහර යෞවන යෞවනියන්ගේ පෙම් හබවලට පවා ශිහාන්ගේ තරු නාමය හේතු වුණේ ඒ කෙල්ලන්ගේ හිත්වල එයාලගේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලට වැඩිය තැනක් ඔහුට හිමිව තිබුණු නිසයි.
ඒ කියන්නේ ශිහාන් මිහිරංග කියන්නේ තනිකරම ක්‍රෂ් එකක්.

පැහැදිලිවම ශිහාන් ක්‍රෂ් එකක්. ක්‍රෂ් එකක් විතරක්ම නෙවෙයි ටේ‍රන්ඩ් එකක්. තවත් විදියකට කියනවා නම් බ්‍රෑන්ඩ් එකක්. එදා විතරක් නෙවෙයි, අදටත් ඒක එහෙමයි කියන එක පහුගිය පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් දිනය දවසේ ශිහාන් සහභාගි වුණු මියුසිකල් ෂෝ එකේදීම ඔප්පු වුණා. මයිකල් ජැක්සන්ව, ජස්ටින් බීබර්ව බදාගන්න, එයාලට රෝස මල් දෙන්න, එයාලාගේ මූණු අතගාලා හිත සනසාගන්න සුදු කෙල්ලෝ හඬාවැටෙන තාලෙ රැල්ලක් කලාවක් ලංකාවේ ඕඩියන්ස්වලට ගෙනාවේ ශිහාන් මිහිරංග කියන ඔටුන්න අහිමි වූ සුපිරි ගී තරුවයි. කුහක මානසිකත්වයක් තියෙන සමහර නරුම පිරිස,

‘ඕවා බහුබූත. අපේ හදවතේ නම් ඉන්නේ දමිත් අසංක අයියයි චාමර අයියයි විතරයි…’ කියලා කමෙන්ට් කළාට ශිහාන් මිහිරංග වෙනුවෙන් ඕඩියන්ස්වල හැදුණු ආකර්ෂණීය රැල්ල සත්තකින්ම උමතුවක්. ජේ.වී.පී.කාරයන්ටත් ඒ ශිහාන් උමතුව ඒ දවස්වල දරාගන්න බැරිව ගියා මතකයි. ශිහාන්ගේ හඬට කියන සින්දුවට අනුව ඔහු කරන ප්‍රසන්ටේෂන් එකට ඒ කාලෙත් වයස් භේදයක් නැතුව ගැහැනු හිත්වල ඇතිවුණු වශියට ජේවීපී අදහස් දරන පිරිස කැමැති වුණේ නැහැ. එයාලට ඒක ඇහේ කටු අනින සීන් එකක් වුණාට එතැනත් තිබුණා පැහැදිලිවම ඊර්ෂ්‍යාව.

හැබැයි ශිහාන්ට ඒවායේ වගක් තිබුණේ නැහැ. ශිහාන් කියන්නේ ස්ටේ්‍රට් ෆෝවර්ඩ් චරිතයක්. අන්න ඒ නිසයි ඔහු හිරු ස්ටාර් එකේදී බය නැතිව කෙළින්ම කියන්න ඕනෑ ටික කියලා අයින් වෙලා යන්න ගියේ.

‘කොච්චර සින්දු කිව්වත් මොන තාලේ ටේ‍රන්ඩ් එකක් තිබුණත් මම ප්‍රවීණයෙක් නෙවෙයි. මම මැරෙනකල්ම රියැලිටි තරුවක් විතරයි. ඒ බැජ් එක, ඒ ලේබල් එක කවදාවත්ම මට ගලවන්න බැහැ. කවදාකවත් මාව ප්‍රවීණයන්ට අයිති අසුනක ඉන්දවන්නෙත් නැහැ. මට එහෙම ප්‍රවීණ, ප්‍රබුද්ධ කියන ලේබලය තුළ ඉඳන්න ඕනෙත් නැහැ’

හිරු ස්ටාර් එකේදී ශිහාන් බය නැතිව එහෙම කිව්වේ තමාට අමුතු ජාතියේ පුස් පාට් එකක් දාන්න ආව හිරු ස්ටාර් විනිසුරු මඬුල්ලේ ඉඳගෙන හිටපු විශාරද ප්‍රවීණයකුටයි.

‘කොයි විදියට ආවත් මොන තාලේ රැල්ලක් ඇතිකළත් අපි ඔයාලා හැමදාමත් රියැලිටි තරු විතරයි පුතා. අන්න ඒක මතක තියාගන්න’

ශිහාන් මිහිරංග හිරු ස්ටාර් තරගයට ආව ආධුනික තරුණ ගායකයකුටත් ඒ ටික මූණටම කිව්වා. එහෙම කිව්වේ ප්‍රවීණ ප්‍රබුද්ධ ලේබලය ඔහුටත් පහර දෙන්න අරන් තිබුණු නිසයි. ප්‍රවීණය, ප්‍රබුද්ධය කියන පැත්තේ ඉන්න බොහොමයක් දෙනා ශිහාන් මිහිරංග කියන සුපිරි තාරකාව ඇතිකරලා තියෙන මේ ටේ‍රන්ඩ් එකට කැමැති නැහැ. ශිහාන්ට විතරයිද ඔවුන් එහෙම කළේ? නැහැ. ප්‍රබුද්ධ කියන ලේබලය එයාලා විසින්ම ඇති කරගත්ත මේ අමුතු ජාතියේ පිරිස මිනිස්සුන්ගේ හදවත තුළ නොමැකෙන මතකයක් තැබූ එච්.ආර්. ජෝතිපාලට වාගෙම සුනිල් පෙරේරාටත් පීචං හැන්දෙන් තමයි බෙදුවේ. පීචං කියන්නේ විශාරද පට්ටම් තියෙන ප්‍රබුද්ධ පිරිස ඒ පට්ටම් නැති කලාකරුවන්ට ගහපු ලේබලයයි.

මේ ලේබල් ගැහිල්ලට මුල් පියවර තිබ්බේ එදා මල් ගස් වටේ දුවන සින්දු තියෙන චිත්‍රපට හදපු අද මහා ප්‍රබුද්ධයෙක් කියලා පිළිගන්න මහාචාර්යවරයෙක්. ප්‍රබුද්ධය, පීචංය කියලා ඔහු ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැගලා හිටපු සුනිල්ට ජෝතිපාලට විතරක් නෙවෙයි, තව තව ගායකයන්ට තමාගේ වටේ තමන්ට ඕනෑ විදියට රවුමක් ඇඳගෙන ඒ රවුම ඇතුළේ ඉඳන් පහර ගැහුවා. ඒ ගැහිල්ල ගැන ජිප්සීස් නායක සුනිල් සින්දුවලිනුත් කිව්වා. හැබැයි ඉතින් අර කියපු ප්‍රබුද්ධය කියන මහාචාර්යවරයා එයාගේම මතයට අනුව පීචං කියලා ලේබල් ගහපු ජනප්‍රිය හදවතේ ගායක ජෝතිපාලගේ අවමඟුලට ඇවිදින්,

‘එච්.ආර්. ජෝතිපාල කියන්නේ මිනිස්සුන්ගේ හදවතේ ගායකයා, ලංකාවේ මොහොමඩ් රාෆි’ කියලා කතාව දුන්නේ ලොරි ටෝක්වලින්. ඒක මේ ක්ෂේත්‍රයේ හැටි. කලාකාරයන්ගේ හැටි. ඒක තනිකරම කුහකකම.

ඒ කුහකකම කාලයක් ටිකක් හරි යටපත් වෙන්න ගත්තේ රියැලිටි කලාව හරහා තරුණ කෙල්ලෝ කොල්ලෝ ප්‍රසිද්ධ වෙන්න ගන්නකොටයි. ඒත් ඔන්න ආයෙමත් ප්‍රබුද්ධ – පීචං බෙදිල්ල සහ උණ සින්දු කලාවට එබෙන්න අරගෙන තියෙනවා. ඒකට එක හේතුවක් වෙන්නේ ශිහාන්ගේ හිට් වීම. මයිකල් ජැක්සන්ගේ ආට් එකට ශිහාන් ඇතිකරවපු රැල්ල දැක්කම ප්‍රබුද්ධය කියන පිරිසට ඒක දරාගන්න බැරිව ගියා.

බයිලා කලාවෙන් ලංකාව පිනවපු එම්.එස්. ප්‍රනාන්දුලා, ඩෙස්මන්ඩ් ඩි සිල්වලා වෙනුවෙන් සම්මානයක් නොදුන්න, උපහාර උළෙලක් සංවිධාන නොකරපු ප්‍රබුද්ධය කියන පිරිස ශිහාන්ට පහර ගහන එක ගැන මොනවා කියලා කියන්නද? අපි මොනවා කිව්වත් නොකිව්වත් කියන්න ඕනෑ ටික බොහොම සංයමයෙන් අඩු වචන කිහිපයකින් ශිහාන් කියන්න ඕනෑ අයට වදින්න කිව්වා. ඒක හරියටම ඉලක්කෙ බලලා ගහපු ගැහිල්ලක්. කෙළින් කතාකරන ශිහාන් කියන කතා මිනිස්සුන්ගේ හිතට තදට වදිනවා. මතකනේ බැසිල් රාජපක්ෂ බලයේ ඉන්න දවස්වල ශිහාන් නිර්මාණය කරපු ‘මොළ හතේ’ කතාව.

‘මොළ හතක් තිබුණට වැඩක් නැහැ. ඒකෙන් වැඩක් ගන්න දන්නේ නැත්නම්…’ කියලා ශිහාන් ආධුනික තරුවකට කිව්වා. ශිහාන් රියැලිටි ෂෝ එකකදී දෙන තීන්දුව බලන්න ඔහුගේ කමෙන්ට් එක අහන්න මිනිස්සු දක්වන්නේ මහ අමුතු උනන්දුවක්. ඒ උනන්දුව හරහා තමයි මොළ හතේ කතාව ෆේමස් වුණේ. කොයි තරම් ෆේමස් වුණාද කියනවා නම්,

‘මොළ හතා අපිව කෑවා, අද මේ රටේ මිනිස්සු විඳින දුකට අපි වන්දි ගෙවන්න ඕනෑ’ කියලා ඊයේ පෙරේදා දවසකත් ප්‍රවීණ නළු ගයාන් වික්‍රමතිලක විiුත් මාධ්‍යයකදී මාර හැඟීම්බරව හඬාවැටුණා. මිනිස්සුන්ගේ හිතට දැනෙන්න කතාකරන ශිහාන් මිහිරංග බ්‍රෑන්ඩ් එකක් කියන්නේ අන්න ඒ හින්දයි. ශිහාන්ගේ ඒ බ්‍රෑන්ඩ් එක හුඟක් දෙනකුට දිරවන්නේ නැති හින්දයි එළිමහන් සංගීත ප්‍රසංගවලදී ශිහාන් සින්දු කියනකොට කෙල්ලෝ පිස්සුවෙන් වගේ ඔහු ඉන්න තැනට දුවගෙන එන එක බලා ඉන්න බැරි පිරිස වේදිකාවට හිස් බෝතල්වලින් දමලා ගහන්න කට්ටියව දැම්මෙව්වේ. ශිහාන් චරිතවත් ප්‍රතිරූපයක් තියෙන කලාකාරයෙක් නිසා හොඳ ෆැමිලි ලයිෆ් එකක ඉන්න නිසා ලංකාවේ සමහර ජනප්‍රිය කලාකාරයෝ වගේ තරුණ කෙල්ලන්ට අයුතු යෝජනා කරලා කරලා මාධ්‍යවල කාඩ් කුඩුකරගත්ත චරිතයක් නොවන නිසා කුහක මානසිකත්වයක් තියෙන සමහරු ශිහාන්ට ගහන්න ගත්තේ වෙනත් තුරුම්පුවලිනුයි.

එකක් මෙතැනදී පැහැදිලිව කියන්න පුළුවන්.

ඒ තමයි සිංහලයා කියන තාලෙට සරොම් ඇඳගෙන තවත් තාලෙකට කොණ්ඩෙ වවාගෙන කළු කණ්ණාඩි දාගෙන ‘අපි අමුතුම රැල්ලක සින්දුකාරයෝ’ කියන එක සහ ‘අපි අමු සිංහල අමු ප්‍රබුද්ධයෝ’ කියන උජාරුවට ඊයේ පෙරේදා මම අහවලාගේ පුතා කිය කියා රූපවාහිනී චැනල්වලට ඇවිදින් සෝබන පෙන්නුවට එයාලට ශිහාන්ගේ ටේ‍රන්ඩ් එකට එන්න බැහැ. කවුරු මොනවා කිව්වත් මේ රටෙත් එල්විස් ප්‍රෙස්ලි කෙනෙක් මයිකල් ජැක්සන් කෙනෙක් ඉන්නවා කියන එක ශිහාන් දිහා බලනකොට පේනවා කියන එක හැමෝම තේරුම් අරන් ඉවරයි. හැමෝම තේරුම් ගත්ත ශිහාන්ගේ ඒ ගැම්ම ප්‍රබුද්ධය කියන මහ ලොකු මහන්තත්වයක් තියෙන ප්‍රබුද්ධයනුත් තේරුම් ගන්නවා නම් හොඳයි. එතකොට එයාලා වාගෙම පීචංය කියලා එයාලා ලේබල් ගහපු කට්ටියත් සතුටින්.

ඒ වගේම අපි ශිහාන් ගැන එදත් ලිව්වා. අදත් ලියනවා. හෙටත් ඒක එහෙමයි.

හේතුව, ප්‍රබුද්ධ ලේබලයක් නැති වුණාට ප්‍රවීණයන්ගේ අසුනක ඉඳගන්න බැරි වුණාට, සුපිරි තරුවක් විතරක් වුණාට ශිහාන් මිහිරංග කියන්නේ අපිට අති දක්ෂයෙක්. තමන්ගෙම නිර්මාණකරණය හරහා ඉහළටම ආව පට්ට බ්‍රෑන්ඩ් එකක්.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

ඇත්තටම හදවතේ එකම එක කලාකරුවා විජයද? ගාමිණීද? ජෝතිද? අමරදේවද? ශිහාන්ද? චාමරද?

ඇමෙරිකාවෙ මිනිස්සු සංගීත ක්‍රම දහයක් අනුව ගමන් කරන උන්ගෙ කලාකාරයො ඔක්කොම උන්ට ඕනෙ ඕනෙ වෙලාවට රසවිඳිනවා…

උන්ට වෙලා නෑ… අරූද මූද හොඳ හොයන්න…

උන්ට එකෙක් මදි ඔක්කම උන්ගෙ….

උන්ට කිරනව නම් කිරන්න…

උන්ගෙ ජීවිතේ ප්‍රශ්න තියෙනවා…

එංගලන්තෙ උන්ට ඉංග්‍රීසියෙන් නැත්තම් උන්ගෙ භාෂාවෙන් කලාව කරන හැමොගෙම කලාව විඳිනවා…

උන්ට වෙලා නෑ… අරූගෙ අරකට වඩා මුගෙ මේක ලොකුද හොයන්න…

උන්ට කලාව විඳින්න, එකෙක් මදි…

එක එක වගේ ගොඩාක් ඕනේ…

එහෙ එහෙම වුණාට… මෙහෙ එහෙම වෙන්නෑ.

බුදු දහමෙන් සර්වාංගයම හික්මුණු

කිතු දහමම පපුවෙන් නික්මෙන…

තිස්තුන් කෝටියක් දෙවිවරු එක්ක සියලු ප්‍රශ්න ඉවර කරගත්ත….

ඇල්පෙනෙත්තක් වත් හදානොගෙන

ලෝකෙම හදන්න යන…

රටක උන්ට එකෙක් උඩ දාන්න පපුව අස්සට ගන්න… උන්ගෙම එකෙක් පාගන්නම ඕනේ….

උන් පාගගෙන පොඩි කරාට…

කලාකාරයො හමුවුණාම එකිනෙකාට ගරු කරගන්නව හදවතින්…

හදවතේ එකෙක් පැළකරගන්න… මුන් මරාගන්නවා…

උන්ට අමරදේව ගැන හොඳ කියන්න…

ජෝතිපාට ෂොට් එකක් දෙන්නම ඕනෙ…

උන්ට කවුද කියල ලොක්කෙක්…

හදවතේ එකෙක් තියාගන්න කියලා…

මොකද උන්ට වෙන ප්‍රශ්න නෑ…

ඉතිං කිරනවා මල වදේ….

ගාමිණීව කිරුවා විජය එක්ක….

ජෝතිපාලව අමරදේව එක්ක…

නන්දා මාලනීද ලතාද…

මාලනීද ස්වර්ණද…

සමිතද නිරෝෂාද

එක්කො සුසන්තිකාද දර්ශාද

අර්ජුනව අරවින්ද එක්ක…

මේ දවස්වල ශිහාන්ද… චාමරද…

ඉතිං මිරිකනවා….

අරයගෙ මේක මෙහෙමයි කිය කියා…

උන් දෙන්නම අපේ… අපිට නම්…

මුන්ට දෙවියන් අනකරලා එකෙක් මරන් කාලා එකෙක් පැලකරගනින්….

මේ ජාතියට කෙළවුණේම අපිට අපිව ලොකු වුණේ නැති හන්දා…

තමන්ගෙම කක්කි බෙටි හරි

අපි කිරන හන්දා… හොඳම එක හොයන්න…

ඔහොම තමන්ම දාන කක්කි බෙටි දෙකක් හරි අත් දෙකට අරන්,

මේ දෙකෙන් හොඳම එක තෝරගන්න…

උන්ගෙ ඇඟෙයි.. උන්ගෙ සමාජෙයි එදා ඉඳන් ගගා නහින්න යන්නෙ..

උන්ට ප්‍රශ්න නෑ… උන්ගෙ ප්‍රශ්න ඉවරයි…

ස්විට්සර්ලන්තයේ උන්ට ප්‍රශ්න තිබ්බට මුන්ට ප්‍රශ්න නෑ… ඔක්කොම ප්‍රශ්න විසඳගෙන මුන්…

දැන් සියල්ල පරිපූර්ණ ජාතියක්….

ඉස්සර නම් මුන්ගෙ මේ ගොන්කන් දකින්නෙ ගෙදර උන්…

ගෙදරට එන උන්….

මේ ෆේස්බුක් කියල එකෙක් මුන්ට අඳුන්නල දීලා… දැන් කිරන්නෙ වැසිකිළියෙ නෙවෙයි බුකියෙ…

මල වදේ….

මුන් මේ කිරිල්ල අරන් නගිනවා උදේම බුකියට…

එතකොට ඇරියස්කාරයො කාරියේ…

ජීවිතේ ලෝකෙම එක්ක මොකක්ද අමාරුවෙන් ඉන්න එල්ලෙනවා උන්ගෙ අසූචි කිරිල්ලට…

යකුනේ ඔය ඔක්කමල… අපේ….

හෙට බිහිවෙන එකත් අපේ….

ඔක්කම පපුවෙ තියන් කැමැති වෙලාවට රසවිඳින්නෙ නැතිව කවුද කිව්වෙ එකෙක් හොයන් ඇමනෙන්න කියලා….

ගෑනියෙක් මිනිහෙක් කසාද බඳින්න වගේ…

ඕකුන්ව කිර කිර…

එකෙක්ගෙ හොඳ කියන කොට තව එකෙක් මරන් කන්න එපා…..

අපි පොඩි රටක මිනිස්සු හලෝ….

අපිට වෙන රටවල උන්ට වගේ ගොඩාක් දේ නෑ අපේ කියන්න…

පීරිසි ගොඩක් කෝප්ප ගොඩාක් හැඳි ගොඩාක් තිබ්බම නරකක් නෑනෙ…

ඒ ඔක්කම හැදුවෙත් අපි නෙවෙයි නම්…

සල්ලිවලට ගත්තෙත් අපි නෙවෙයි නම්…

ඕනෙ වෙලාවට කන්න…

අමරදේවගෙ සින්දුවක් නිහාල් නෙල්සන්ගෙ සින්දුවක් විඳින්න එක වෙලාවෙ බෑ…

හැබැයි ඒ දෙන්නම එක වෙලාවක ඕනෙ වෙනවා….

ඒ දෙන්නට දෙන්න ද නෙවෙයි…

අපිට ඕනෙ වෙනවා ඒ හැමෝම…

සූප්පු කරල ලෙවකාල කිරල මැනල පපුව අස්සෙ ගහගන්න නෙවෙයි…

පපුවෙන් විඳින්න…..

ඉතන් හිටියාවෙ මුන් ඔක්කම එක හදවතේ…

ඔය එකෙක්වත් කලාව කරන්නෙ උඹලගෙ හදවතේ අහවල් එක වෙන්න නෙවෙයි…

උන් ඔය කලාව කරන්නෙත්…

බත් ටිකක් කාල ජීවත් වෙන්න…

උන්ගෙ කලාව…

උන්ගෙ ගීත….

උන්ගෙ ලියවිලි…

ලෝකෙ වෙන කිසිම රටක සත පහකට ගණන් ගන්නෙ නෑ…

නුඹලා විතරයි උන්ට ඉන්නෙ…

ඉතින් උන්ව කිර කිර

එකෙක් හොයන්න යන්නේ…

බොලා කසාද බැඳල දරුවො හදන්නද….

එක ගෑනියෙක්ට

එක මිනිහෙක්ට

එක අම්මෙක්ට

එක තාත්තෙක්ට එහෙම කරමු හදවත අස්සෙ ගහගෙන…..

කෑම හැම එකක්ම තමන් ආස නම් කමු…

නොකන කෑම අනික් උන්ට කන්න තියමු…

හදවතේ තමන්ට ආස කලාකාරයන් ඔක්කම තියා ගන්න බැරි නම්…

ප්‍රශ්න ජීවිතේ ඉවර නම්….

වෙන තමන්ගෙ වැඩක් ඇත්තෙම නැතිනම්…

තමන්ගෙ අම්ම, අප්පල, ගෑනි, ළමයි මේ ඔක්කොටම යුතුකම් පපුවෙන් කොරල හමාර නම්..

සමාවෙන්න මට….

තමන්ගෙම අසූචි බෙටි දෙකක් අරන් හරි…

එන්න බුකියට…

මිරික මිරික ඒ දෙක…

මේකද හොඳම

අරකද කියලා…

බුකියෙ වැලලෙනකොට…

ඔබ පොඩි කරන කලාකරුවාට කිසිවක් වෙන්නෙ නෑ….

හැබැයි ඔබේ සුවඳ…

ඔබේ පපුවේ තියෙන කක්කි සුවඳ…

ෆේස්බුක් කියන යායෙම…

විහිදේවි….

Sri Lanka Latest News

මධු මාධව අරවින්ද

SendShareShare
Previous Post

ජම්පටාවීදියේදී බයික් එකකින් ආපු දෙන්නෙක් කඩ හිමියකුට වෙඩි 3ක් තියයි! හැබැයි වැදිලා තියෙන්නෙ එකයි!  I Sri Lanka Latest News

Next Post

ගුවන් සේවකයන් රට හැර යාම නිසා කටුනායක විශාල අවුලක්! අද පාන්දර ගුවන් ගමන් 4ක් පැය 8ක් ප්‍රමාදයි! සුද්දො කෑ ගසමින් යකා නටයි! ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගීන්ගෙන් සමාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.