• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙහෙත් උගුරක් පොවා ගන්නට අතේ පිච්චිය නැති නිසා…
ඉතිං සොඳුරිය යන්න යමු සදහටම ඇස් දෙක වසා… I Sri Lanka Latest News

February 10, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ උද්ගත වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න දවසින් දවස වැඩිවෙනවා. ඒ ප්‍රශ්න බලපාන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ගේ දරුවන්ට. මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න නියමිතව හිටපු දැරියක් ටියුෂන් පන්ති යන්න මුදල් නැති නිසා වගේම දරාගන්න බැරි අගහිඟකම් නිසා ජීවිතයෙන් සමුගත් පුවතක් අපට අහන්නට ලැබුණේ පසුගිය සතියේ.(Sri Lanka Latest News) ඒ කනගාටුදායක සිදුවීමේ උණුසුම මැකී යන්නට මත්තෙන් අපේ රටේ මහත් අභිමානයෙන් සමරන නිදහස් දවසේ අඹුසැමි යුවලක් වස පානය කළ සිදුවීමක්ද වාර්තා වුණා. සූරියවැව පොලිස් වසමට අයත් වෙනිවැල් ආර කියන ගමෙන් තමයි මේ සිදුවීම අහන්නට ලැබුණේ.

මෙම යුවළගෙන් 54 හැවිරිදි කාන්තාව දීර්ඝ කාලයක පටන් කොඳුඇට පෙළ ආශ්‍රිත රෝගයක් නිසා එක්තැන්ව සිටිනවා. වසර ගණනාවක් තිස්සේ ඇගේ ප්‍රතිකාර සඳහා ඉතා අපහසුවෙන් මුදල් සොයාගත්තත්, පවතින ආර්ථික අපහසුතා හමුවේ තවදුරටත් එම ප්‍රතිකාර කරගෙන යෑම සඳහා ඇගේ 58 හැවිරිදි ස්වාමිපුරුෂයාට හැකියාවක් ලැබී නැහැ. ඒ නිසා ඇතිවූ කලකිරීම හේතුවෙන් සැමියා වස පානය කර, ඔහුගේ රෝගී බිරියටද වස පොවා ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය වූ පසුගිය 04 වැනිදා ස්වාමියා නිවෙසට පැමිණ තිබුණෙ සවස 4.30ට පමණය. ඒ අනුව ඔවුන් දෙදෙනාම වස පානය කිරීමට එකඟ වී ඇති අතර, මුලින් රෝගී බිරියට වස පොවා ඇති අතර, අනතුරුව සැමියාද වස බී ජීවිතය නැති කරගැනීමට උත්සාහ දරා තිබුණා.

පසුව, වස පානය කර සිටි මෙම යුවළ පිළිබඳ අසල්වැසියන්ට දැනගැනීමට ලැබී ඇති අතර, ඒ අනුව ඔවුන්ව සූරියවැව රෝහලට ඇතුළත් කිරීමටයි අසල්වැසියන් පියවර ගෙන තිබුණේ. යුවල අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඔවුන්ව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබුණා. මෙම යුවල ඉතා දුෂ්කර ජීවිතයක් ගතකර ඇති බවත්, කාන්තාවගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට නොහැකි වීම හමුවේ දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි බවත් අසල්වාසීන් ප්‍රකාශ කර ඇත.

අප රටේ වසර ගණනාවක සිට රජයේ රෝහල්වල ඖෂධ නොමිලේ ලබා දෙන නමුත් මේ වන විට ඖෂධ වර්ග රාශියක් එම රෝහල්වල නැති තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසාම අසරණ රෝගීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි. පිළිකා වැනි දරුණු රෝගාබාධයන්ට ගොදුරු වූ රෝගීන්ට ලබාදෙන මිල අධික ඖෂධ වර්ග පෞද්ගලික ඔසුසල්වලින් මිලට ගැනීමට සිදුවී තිබීම එම රෝගීන් මත පැටවී ඇති දැඩි පීඩනයකි. එවැනි අවස්ථාවල ඒ අසරණ රෝගීන් කොයි තරම් අසරණ වෙනවාද? ඔවුන්ට අවශ්‍ය ඖෂධ මිලට ගැනීමට තබා එදා වේල පිරිමසා ගන්නටවත් මුදල් නැහැ. ඒ තරම් අසරණ මිනිස්සු කෙසේ නම් මුදල් ගෙවා බෙහෙත් ලබාගන්නද?

ඉහත සඳහන් කළ යුවල දිවි නසාගැනීමට තැත්ත කිරීමේ සිදුවීම සම්බන්ධ විමර්ශන මෙහෙයවා තිබුණේ සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රසන්න මහතාගේ අධීක්ෂණය යටතේය.

සියදිවි නසාගැනීම නීති විරෝධී වැඩක් යැයි අපට කියන්නට පුළුවන්. නමුත් ඒ අසරණයන්ගේ කුසට අහරක් දෙන්න, ඔවුන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැ. ජීවිතය නැතිකර ගැනීම අනුවණකමක් බව බොහෝ දෙනා කියනවා. නමුත් විසඳුමක් නැති ප්‍රශ්නවලින් හෙම්බවත් වූ විට ජීවත් වුණා ඇති කියලා හිතන අයත් ඕනෑ තරම් ඉන්නවා. මොනම තත්ත්වයක් හමුවේදී වුණත් සියදිවි හානි කරගැනීම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් අන්ත අසරණ වෙච්ච මිනිස්සුන් වෙනුවෙන් පිහිටක් වෙන්න, ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න රටේ බලධාරීන් කටයුතු කරනවා නම් එවැනි අපරාධයන් කිහිපයක් හෝ වළක්වා ගන්නට හැකි වේවි.

අද අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් විවිධ ලෙඩ රෝගවලින් පෙළෙනවා. බහුතරයකට බෝ නොවන රෝග. වැට් ඇතුළු විවිධ බදු වර්ග නිසා ඒ රෝගවලට ලබාගන්න ඖෂධවලට යන වියදම තුන් හතර ගුණයකින් වැඩිවෙලා. ඒ වගේම ජීවන බර දරාගන්න නොහැකි නිසා රට අතහැර යන වෛiවරුන් හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය වෙමින් තිබෙනවා. ඇතැම් රෝහල්වල ශල්‍ය කර්ම දින ගණනාවකින් කල් දමලා. ඇතැම් ශල්‍ය වෛi ඒකක වසා දමලා. අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ වගේම ඖෂධ හිඟය සෑම රෝහලකටම පොදු තත්ත්වයක් වෙලා.

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් විදෙස්ගත වීම නිසා එම රෝහලේ ළමා රෝග ඒකකය වසා දමන්න සිදුවුණා කියලා අහන්න ලැබුණා. ඒ වගේම ඇඹිලිපිටිය රෝහලේ අක්ෂි ශල්‍ය ඒකකය ඇතුළු ඒකක කිහිපයක්ම වසා දැමූ බවත් කියැවුණා.

අද වෙද්දී බොහෝ ශල්‍යකර්ම කරන්න නම් ඊට අවශ්‍ය ඖෂධ වර්ග ආදිය පෞද්ගලික ඔසුසැල්වලින් මිලට අරගෙන එන්න සිදුවෙලා. මුදල් යහමින් තියෙන අය ශල්‍යකර්ම කරගන්නවා. මුදල් නැති අසරණ මිනිස්සු ශල්‍යකර්මය නොකර මරණය බලාපොරොත්තුවෙන් ඉන්නවා. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ලබාදෙන බෙහෙත් හිඟය ඉතා බරපතළ තත්ත්වයකට පත්වෙලා කියලා මාධ්‍ය වාර්තා කරනවා. ඒ නිසා බොහෝ රෝගීන් පීඩා විඳිනවා.

අද වෙද්දී අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ අක්‍රමිකතා රැසක් හෙළිවෙමින් තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා පවා රිමාන්ඩ් කරලා. තවත් ප්‍රබලයන් කිහිප දෙනකුම ඉන්නේ චෝදනාවලට ලක්වෙලා. ඒ සෑම චෝදනාවක්ම ජනතාවගේ බදු මුදල්වලින් ආනයනය කරන ඖෂධවලින් ගසාකෑම හා සම්බන්ධයි.

ජීවිතයේ හැම දුෂ්කර කාලයකටම අප සාර්ථකව මුහුණ දිය යුතුයි. එවිට ජීවිතය සුන්දරව ගෙවා නිමා කළ හැකියි. වේලක් කාලා වේලක් නොකා හරි සතුටෙන් සැනසීමෙන් ජීවත්වෙන්න. රටේ ප්‍රශ්නවලට මානසිකව පීඩා විඳින්න එපා කියලයි හැමෝගෙන්ම ඉල්ලන්නේ. හැම මොහොතේම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම කළ යුතුයි. අපි ජීවත්වන කාලය ඉතාම කෙටියි. අහස උසට මාලිගා හැදුවට අසීමිත ප්‍රාර්ථනා පොදි බැන්දට ඒවා ක්ෂණයකින් විනාශ වෙලා යනවා. ඒ, මේ ලෝකේ ධර්මතාවයි. ‘අත්තාහි අත්තනෝ නාතෝ – කෝහි නාතෝ පරෝසියා’ (තමාට පිහිට තමාමය, වෙන කෙනකුගේ පිහිටක් බලාපොරොත්තු නොවන්න) මේ බුදු වදන නිතරම සිහිකරනවා නම් ඒක ජීවිතේට ලොකු ශක්තියක් වේවි.

මේ ජීවත්වන මොහොත සතුටෙන් සිටින්න. අපේ සිහිනවලට වටිනාකමක් දෙන්න රටේ පාලකයන් අපොහොසත්. ඒ බව නිතරම සිහියේ තබාගන්න.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඉන්දීය සංචාරය අනුරට අටවපු උගුලක්! අනුරත් එක්ක එකට හිටපු පුබුදු විග්‍රහ කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අත්අඩංගුවට ගත්තා! හිරගෙදරට දැම්මා! බිරිඳවත් හිරකළා! පක්ෂෙත් තහනම් කළා! මුලු රටේම සමාජ මාධ්‍ය වසා දමලා ආණ්ඩුවට ඕන විදිහට ඡන්දෙ තිබ්බා! ඒකාධිපතියන්ට හොඳ පාඩමක් උගන්වමින් පාකිස්තානේ ජනතාව පෝලිමේ ගිහිල්ලා ස්වාධීනව ඉල්ලපු… හිරේ දාපු ඉම්රාන් ඛාන්ගෙ පක්ෂෙට ඡන්දෙ දීලා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.