ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා තිබේ. Sri Lanka Latest News
ඔහු මෙම සහතිකය ලබාදුන්නේ ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක්වෙමිනි.
ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දියානු කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා එක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ශ්‍රී ලංකාව සමග ඇති සමීපත්වය පිළිබඳව අදහස් පළකරමින් මෙම අදහස් දක්වා තිබුණි.
මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාණිජ මණ්ඩලය සංවිධානය කළ “75 වසරකින් එහා අමෙරිකානු – ශ්‍රී ලංකා ව්‍යාපාර සබඳතා 2024” උත්සවය අද පැවැත්වුණේ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.










