• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණ නියෝග නොතකා කදුළු ගෑස්-ජල ප්‍රහාර ගහපු ටිරාන්ටත් පොලිස් නිලධාරීන්ටත් එරෙහිව නඩු දානවා! සජබ මහලේකම් මද්දුමබණ්ඩාර අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි! I Sri Lanka Latest News

January 31, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට , නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (31) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේග විරෝධතාවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ඉලක්ක කර කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත් රටේ විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරිමේ අයිතිය වර්තමාන ආණ්ඩුව නැති කර තිබෙන බවත් මද්දුම බණ්ඩාර මහතා හෙතෙමෙ පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණවලට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝග ලබාදුන්නේ නැති බවත් නමුත් සමගි ජන බලවේගයේ උද්ඝෝෂණවටල අනීතිකව පහර දෙන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ සඳහන් කළේය.

‘‘රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න ඊයේ දිනයේදී කොළඹට විශාල පිරිසක් එක්වුණා.  ඒ විරෝධතාවය ඉතා සාර්ථික විරෝධතාවයක් වුණා. ඒ විරෝධතාවයට බයවුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ටිරාන් අලස්ගේ පොලිසිය යොදවලා  ම්ලේච්ඡ විදිහට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.  සමගි ජනබලවේගයේ පාක්ෂකයන් කිහිපදෙනෙකුට මේ නිසා රෝහල්ගත වීමට සිදුවුණා.  කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරලා මේ විරෝධතා නවත්වන්න බෑ.  

විරෝධතාවයට එරෙහිව අධිකරණයට ගොස් තහනම් නියෝග ගැනීමට පොලිසිය කටයුතු කරලා තිබුණා. විරෝධතාවයට එරෙහිව තීන්දුව ගන්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කුරුදුවත්ත පොලිසය ගිය වෙලාවේ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණේ විරෝධතා පවත්වන්න , ජනමතය ප්‍රකාශ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව තිබෙන බව. ඒ නිසා විරෝධතාවයට තහනම් නියෝගයක් නිකුත් කරන්න නොහැකි බව කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරලා තිබුණා.

එසේ තිබියදී අනීතිකව පොලිසිය පැමිණ කුරුදුවත්ත පොලිස්බල ප්‍රදේශයේදී සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. විරෝධතා කරන්න අයිතිය තිබෙන බව අධිකරණය පවසනවා නමුත් පොලිසිය එය වළකනවා.

පොලිසිය භාර ඇමැති ටිරාන් අලස්ටත් , නීතියට ගරු කරන්නේ නැති අධිකරණ තීන්දුවට ගරු කරන්නේ නැති පිරිස වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා.

සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට , විහාරමහා දේවි උද්‍යානයට පැමිණි පිරිසට , මහජන පුස්තකාලයට පැමිණි පිරිසට කදුලු ගෑස් ප්‍රහාර පොලිසිය විසින් එල්ල කරලා තිබුණා. මැර හමුදාම යොදවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට පැමිණෙන විරෝධය මර්දනය කරන්න උත්සහ කරනවා. නිතිය අනුව කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලට දැනුම් දෙනවා. අනීතිකව කටයුතු කළොත් අධිකරණයේදී උත්තර දෙන්න සිදුවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ඉලක්ක කරලා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. රටේ විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරිමේ අයිතිය නැති කරලා තිබෙනවා.

අවුරුදු 25 ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිසා කදුළු ගෑස් සහ ගුටි කෑවා. අදවනවිට ඒ පිරිසට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කදුළු ගෑස් සහ ජන ප්‍රහාර වලින් පහර දෙනවා. ජනතා විරෝධය ගොඩනැගෙන අවස්ථාවේ රටේ ඒකාධිපති වියරුවක් විසින් එය මර්දනය කරන්න උත්සහ කරනවා. ඒක සිදුකරන්න ඉඩ දෙන්නේ නෑ. රජයට විරුද්ධව රනිල් වික්‍රමසිංහට විරුද්ධව ජනතාව ඒකරාශි කරගෙන ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණවලට කදුළු ගෑස් ගහන්න ජල ප්‍රහාර ගහන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝග ලබාදුන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ සමග ජනධිපතිවරයාට තිබෙන ඩීල් එක මොකක්ද කියලා අපි දන්නේ නෑ. රාජපක්ෂලා එක්ක රනිල් වික්‍රමසිංහ අවුරුදු 25 ක් ඩීල් දේශපාලනයේ නියැලුණා. ඒකට තැග්ගක් විදිහට රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරය හමුවුණා. ජනතා විමුක්ති පෙරමුණ ජනධිපතිවරයා සමඟ ගණුදෙනුවක් තිබෙනවා.

රට වෙනුවෙන් විරෝධතා ව්‍යාපාරයට එක්වුණ සියලුදෙනාට සමගි ජනබලවේය ස්තුතිය පළ කරනවා. කදුළු ගෑස් සහ ජල ප්‍රහාර වලට ලක්ව රෝහල්ගතව සිටින පිරිසටත් ඉක්මන් සුවය පාර්ථනා කරනවා. ‘‘

SendShareShare
Previous Post

‘උනුත් එකයි මුනුත් එකයි… හොරු කවදත් හොරුම තමයි… මුන් ඔක්කොම යාළුවො මල්ලී…! එක වල්ලේ පොල්ම තමයි… රට වැනසුවෙ මුන්ම තමයි.. හොරු අල්ලන්නෑ මුන් මල්ලී…!’ රන්ජන් අලුත්ම සිංදුව එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරාධපුරදී පොලිසිය අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයෙක් හදිසියේ මියගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.