නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
බදුලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල්කරගෙන මෙසේ ඒ මහතා විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත.
එමෙන්ම දැනටමත් බදුල්ලෙන් ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රීලනිපයේ චාමර සම්පත් දසනායක සහ සමගි ජන බලවේගයේ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් හට බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි බලතල ලබා දී තිබීමද තේනුක විදානගමගේ මහතාගේ මෙම තීන්දුවට හේතු වී ඇති බවද වාර්තා වේ.










