ආණ්ඩුව වැට් බද්ද ඉහළ දැමීමත් සමග භාණ්ඩ හා සේවා මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල එළැඹීමට කටයුතු කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා. (Sri Lanka Latest News)
එම එකමුතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.










