සුරාබදු ඊයේ (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
මෙරට පිහිටුවූ බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා ද, මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,600 ක් වන බද්ද රුපියල් 7.320 ක් දක්වා ද, ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මෙම සුරාබදු ඉහළ නැංවීමත් සමඟ මත්පැන් මිල තව දුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි. -ලංකාදීප










