• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාමාන්‍ය පෙළ වාර්තාවක් ගාල්ලේ ගෙදරකින් A 25ක් I Sri Lanka Latest News

December 22, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය යනු පාසල් අධ්‍යාපනයේ වැදගත් විභාග අතරින් එකකි. උසස් පෙළ විභාගයට පෙනීසිටීම සඳහා සුදුසුකම් ලබාගැනීමේ තීරණාත්මක විභාගයක් ලෙස ද සාමාන්‍ය පෙළ විභාගය සැලකේ.(Sri Lanka Latest News) එහෙයින්, සාමාන්‍ය පෙළ විභාගය තරගකාරී විභාගයක් නොවුණ ද, සිය දරුවන් එය ඉහළින් ම සමත් වනු දැකීම බොහෝ මවුපියන්ගේ අපේක්ෂාවකි.

ශ්‍රී ලංකාවේ අගහිඟකම් මැද ජීවිත ගතකරන බොහෝ දරුවන්ට ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට බොහෝවිට ඇති එකම මාර්ගය නිදහස් අධ්‍යාපනයයි.

මේ කතාව එවැනි අගහිඟකම් මැද සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට අයුරින් සමත් වූ නිවුන් සොහොයුරන් තිදෙනෙකු පිළිබඳවය. එම සුවිශේෂ නිවුන් සොහොයුරන් පිළිබඳ වාර්තා වූයේ ගාල්ල මාපලගම ප්‍රදේශයෙනි. ඔවුන් තිදෙනා නමින්, අනුද ගජනායක, අකිඳු ගජනායක සහ අමිරු ගජනායකය.

A සාමාර්ථ 25ක්

මෙම නිවුන් දරුවන් අතරින් මද්දුමයා ලෙස සැලකෙන අනුද ගජනායක විෂයයන් 9ටම A සාමාර්ථ ලබා ඇති අතර, අකිඳු සහ අමිරු A සාමාර්ථ 8 බැගින් සහ B සාමාර්ථය බැගින් ලබාගෙන තිබේ. ඒ අනුව, ඔවුන් තිදෙනා A සාමාර්ථ 25ක් හිමිකර ගෙන ඇත.

මොවුන් තිදෙනා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ද සමත්වී තිබූ අතර,A සාමාර්ථ 9ක් හිමිකර ගත් අනුද ගාල්ල ඇලවීෂියස් විද්‍යාලයේත්, සෙසු සහෝදරයන් දෙදෙනා නාගොඩ රාජකීය විද්‍යාලයේත් ඉගෙනුම ලැබූහ.

‘ඉගෙන ගත්තෙ නැත්නම් අපට අනාගතයක් නෑ’

‘අපේ අම්මයි තාත්තයි ගොඩක් අමාරුවෙන් අපට උගන්වන්නේ. අපට තව අක්කලා දෙන්නෙකුත් ඉන්නවා. ඒගොල්ලොත් තාම උසස් පෙළ කරනවා. පවුලේ කාටවත් ස්ථිර රැකියාවක් නෑ. තාත්තා අපට අයිති පොඩි තේ ඉඩමකින් තමයි මේ ඔක්කොම කරන්නේ. නෑදෑයෝ පුළුවන් විදිහට උදව් කරනවා’ අනුද ගජනායක පැවසීය.

ඔවුන් සියලු දෙනාම ඉගෙනීම වෙනුවෙන් කැපවීමට බලපෑ හේතුව අනුද පැහැදිලි කළේ මෙලෙසිනි.

‘ඉගෙන ගත්තෙ නැත්නම් අපට අනාගතයක් නැති බව අපි තේරුම් අරගෙන ඉන්නෙ. මොකද, අපේ තාත්තාට ස්ථිර රැකියාවක් නැති නිසා සහ වත් පොහොසත්කම් නැති නිසා අපට වෙනත් මාර්ගයක් නෑ දියුණු වෙන්න. ඒ නිසා අපි හොඳට ඉගෙන ගන්න ඕනෙ කියන අරමුණ අපට තියෙනවා.’

ඔවුන් තිදෙනා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීම සඳහා පාඩම් කටයුතුවල නිරත වී ඇත්තේ ද තිදෙනා එක්වය.

දෙමාපියන් අප සමග පැවසූ පරිදි අකිඳු සහ අමිරු චිත්‍ර කලාවට දක්ෂතාවක් දක්වන අතර ඔවුන් දෙදෙනා පාසලේ මලල ක්‍රීඩාවන්හිද නිරතවී තිබේ. අනුද බටනලා වාදනයට දස්කම් දක්වයි.

මව සහ පියා සමගින් සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත මෙම පවුල තුන් නිවුන් සහෝදරයන්ට අමතරව වැඩිමල් සහෝදරියන් දෙදෙනකුගෙන්ද සමන්විත වන අතර, ඔවුන් දෙදෙනා මේ වන විට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියි.

නිවුන් සහෝදරයන් තිදෙනාගේම ඉදිරි බලාපොරොත්තුව වී ඇත්තේ ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමය. ඒ සඳහා සුදුසු පාසලකට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බවද අනුද ගජනායක පැවසීය.

අනාගත අපේක්ෂා

‘අපි තුන් දෙනාටම ඕනෙ ඉන්ජිනේරුවන් වෙන්නයි. ඒක නිසා අපි තුන්දෙනාම ගණිතය අංශයෙන් උසස් පෙළ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ’ අනුද පැවැසීය.

කුමන ක්ෂේත්‍රයක ඉන්ජිනේරුවරුන් වීමට අපේක්ෂා කරන්නේද යනුවෙන් අප ඇසූ ප්‍රශ්නයට ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි.

‘අපට තාම ඒ ගැන ලොකු වැටහීමක් නෑ. අපි කොහොම හරි එකතු වෙලා පාඩම් කරලා ඉන්ජිනේරු පීඨයකට ඇතුළත් වෙනවා තුන් දෙනාම. ඊට පස්සේ අපි කල්පනා කරනවා අනාගතයේදී මොනවද කරන්නේ කියලා.’

2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි මස 29 වැනිදා සිට ජූනි මස අට වැනිදා දක්වා පැවැත්විණි.

ඊට විභාග මධ්‍යස්ථාන 3,568කදී අපේක්ෂකයන් 472,553 දෙනෙක් පෙනී සිටියහ.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

99 ඉල්ලලා පැරදුණා! 2005 ඉල්ලලා පැරදුණා! 2010 පරදින නිසා ඉත්තෙක් දැම්මා! 2015 වෙන අශ්වයෙක්ගේ පිටේ නැග්ගා! මේ සැරේ ජනාධිපතිකම පිනට ලැබුණා! 2024 පරදින නිසා ඉල්ලන්නේ නෑ! රනිල් ජනාධිපතිවරණයට නොඑන බව මරික්කාර් කැට තියා කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි! සන්ධානයක් ගොඩනැගීමේ බලය සජිත්ට පවරයි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.