ජනතාව පීඩාවට පත් කරන වික්‍රමසිංහ පොහොට්ටු හොර ජුන්ටාවේ වැඩපිළිවෙලට විරුද්ධව ජනවාරි මාසයේ දී ජනතාව සමඟ පාරට බහින බවත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගස්වන්න සමගි ජනබලවේගයට යුතුකමක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසුවේ, පාර්ලිමේන්තුව වාර අවසාන කර විසුරුවාහැරීමට රජය උත්සහ කරන බවට සැක මතුවන බවයි.
එසේ සිදුකළහොත් කෝප් කමිටුව , කෝපා කමිටුව , මුදල් කාරක සභා ඇතුළු සියලු කාරක සභා අහෝසි වන බවත් රංජිත් බණ්ඩාරව කෝප් කමිටුවේ සභාපති ධූරයෙන් ඉවත් කරන්න ආණ්ඩුවට කොන්දක් නැති බවත් රංජිත් බණ්ඩාරව ඉවත් කරන්න පාර්ලිමේන්තුව වාර අවසාන කළ යුතු නැති බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන බව පෙන්වා රජයේ මූලික මර්මස්ථානවල සිදුවන දූෂණ වංචා සියල්ල වහලා දාන්න ආණ්ඩුව උත්සහ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
අද (06) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව පැවැසීය. හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.










