වැල්ලව පොලිස් වසමේ පහළ වරද්දන ප්‍රදේශයේ දී යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. (Sri Lanka Latest News)
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.
මියගිය කාන්තාව, දුම්රිය මාර්ගයට පැමිණ සිටි නිවසේ ඇතිකරන සුනඛයා බේරාගැනීමට තැත් කිරීමේ දී ඊයේ(05) දහවල් කාලයේ දී දුම්රියේ ගැටී ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
මෘත ශරීරිය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
dinamina










