• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලාට එරෙහිව නඩු කියපු ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මව්රටට කතා කරයි I Sri Lanka Latest News

November 20, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කළේ යැයි චෝදනා නගමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබුණු මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණි. මෙම ලිපිය ලියවෙන්නේ එම සිදුවීම ආශ්‍රිත කරගනිමිනි. මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විසිසුරු මඬුල්ලක් විසින් වන අතර, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කළේය.(Sri Lanka Latest News)

පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වන මහාචාර්ය මහිම් මෙන්ඩිස්, ආචාර්ය නෙවිස් මොරායස්, ආචාර්ය අතුලසිරි සමරකෝන් සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න යන මහත්වරුන් විසිනි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ප්‍රධාන නීතිඥ මඬුල්ලක් පෙනී සිටියේය. මෙම පුවත්පත් ලිපිය සකස් කෙරෙන්නේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සමග සිදුකළ විශේෂ සාකච්ඡාවක් ඇසුරෙනි. ඔහු මෙරට සිටින ප්‍රවීණ නීති විශාරදයකු වන අතර, වසර 03ක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිත්වය දැරීය. ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රකට නඩුහබ ගණනාවකටම තම නායකත්වය ලබාදුන් උපුල් ජයසූරිය මහතා, විදේශ නීතිඥ සමාගම් කිහිපයකද සාමාජිකත්වය දරයි. ශ්‍රී ලංකාවේ සිටින කීර්තිමත් එමෙන්ම ප්‍රවීණතම නීතිවේදියකු ලෙස ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සැලකිය හැකිය.

‘මව්රට’ මාධ්‍යවේදියා
ශ්‍රී ලංකාවේ පසුගිය සමයේදී සිදුවුණු ආර්ථික විනාශයට වගකිව යුත්තන් කවුදැයි තීන්දු කරන, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ලබාදුන් නඩු තීන්දුව සත්‍ය ලෙසම ඓතිහාසික එමෙන්ම වාර්තාගත නඩු තීන්දුවක් නේද? මෙවැනි සුවිශේෂ අධිකරණ තීන්දුවක් මෙයට පෙර ශ්‍රී ලංකාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙනවද?

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා
ඔව්, පැහැදිලිවම මෙය ඓතිහාසික අධිකරණ තීන්දුවක්. එමෙන්ම අධිකරණ ඉතිහාසයේ වාර්තාගත සිදුවීමක්. මම කරුණු දන්නා තරමින් නම් ශ්‍රේෂ්ඨාධිකරණය මෙතෙක් මෙවැනි නඩු තීන්දුවක් ලබාදී නැහැ. මින් වසර ගණනාවකට පෙරදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එරෙහිව යම් නඩු තීන්දුවක් ලබාදී තිබුණා. බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටල් භූමියේ අර්බුදයකට අදාළව. එහෙත් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව එවැනි සිදුවීමකට සමාන කරන්න බැහැ. මෙය සැබැවින්ම ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක්.

‘මව්රට’ මාධ්‍යවේදියා
රටකට සහ එහි ජනතාවට මේ ආකාරයට ප්‍රබල රාජ්‍ය පාලකයන් පිරිසක් විසින් මහා ආර්ථික විනාශයක් සිදුකළා කියන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා පෙනී යන්නේ යට කී විනාශය ඔවුන් විසින් සිතාමතාම සිදුකරන ලද එකක් බවද?

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා
ඔව්, සත්‍ය වශයෙන්ම. ඔවුන්ගේ අකාර්යක්ෂම සහ හිතුවක්කාර පාලන රටාව නිසා ජනතාව එම අගාධයට වැටුණා. මොවුන් බොහෝ බලගතු පවුල් සාමාජික පාලකයන් පිරිසක්. ඔවුන්ගේ තීන්දු තීරණ ඔවුන් විසින්ම නිර්මාණය කරගෙන තිබෙනවා. එකම පවුලේ ප්‍රබලතම සහෝදරයන් තිදෙනකුට එරෙහිව මෙම නඩු තීන්දුව ලබාදීම මගින් අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නුම් කර තිබෙනවා. මෙම ප්‍රබල නඩු තීන්දුවට අප හිස නැමිය යුත්තේ ඒ නිසායි.

‘මව්රට’ මාධ්‍යවේදියා
ප්‍රබල රාජ්‍ය පාලකයන් පිරිසක් චූදිතයන් කරමින් මෙසේ ලබාදුන් නඩු තීන්දුව හරහා මෙලෙස සිදුවුණා යැයි පැවසෙන ආර්ථික විනාශය අධිකරණය විසින් තක්සේරු කර ඇත්තේ කෙසේද? ඔබ ප්‍රධාන කරගත් නීතිඥ මණ්ඩලයක් මෙම නඩුව සඳහා පෙනී සිටියා. මේ ක්‍රියාවලිය සහ වටපිටාව කුමක්ද?

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් මගේ ප්‍රධානත්වයෙන් යුතුව නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා. මෙම නඩු නිමිත්ත අප විශාල කැපවීමක් සිදුකළ එකක්. පෙත්සම්කරුවන්ගේ ලිඛිත දේශන ඇතුළත් වාර්තාව පිටු 89කින් සමන්විත වෙනවා. මෙය බොහෝ සංකීර්ණ දීර්ඝ ලියවිල්ලක්. ඒ හරහා මෙම ආර්ථික විනාශය බොහෝ පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරුවන් තිදෙනෙක්ම ආර්ථික විද්‍යාව ගැන බොහෝ විද්වත්භාවයක් ඇති අයයි.

මේ විද්වතුන් විසින් ලබාදී ඇති ලිඛිත දේශන ඇතුළත් වාර්තාව මගින් පෙන්වාදී තිබෙන්නේ මෙලෙස රටට සහ ජනතාවට සිදුවූ මහා ආර්ථික විනාශය රුපියල් ටි්‍රලියනයකටත් වඩා වැඩියි කියලයි. ඔවුන් එම පිටු 89ක දීර්ඝ වාර්තාව හරහා බොහෝ පැහැදිලිව පියවරෙන් පියවර මෙම විනාශය පෙන්වා දී තිබෙනවා. මෙම විද්වත් පිරිසට ආර්ථික විද්‍යාව ගැන විශේෂ දැනුමක් ඇති ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් හතර දෙනකු අයත් වෙනවා.

‘මව්රට’ මාධ්‍යවේදියා
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රධාන චූදිතයන් කරමින් සහ තවත් එකල රජයේ ප්‍රබලයන් පිරිසක්ද වැරැදිකරුවන් කරමින් තීන්දුව ප්‍රකාශ වී තිබෙනවා. එහෙත් මේ තීන්දුව හරහා මෙම චූදිතයන්ට ලබාදෙන දඬුවමක් ගැන සඳහන් වන්නේ නැහැ නේද? යම් දඩ මුදලක් පෙත්සම්කාර පාර්ශ්වය වෙත ලබාදීමක් පමණක් නේද සඳහන් වෙන්නේ?

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා
ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. පොදු ජනතාව මේ ගැන ඇත්තටම දැනුවත් වෙන්න ඕනෑ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හරහා පෙත්සම්කරුවන්ට එක් අයකුට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් නඩු ගාස්තු වශයෙන් මාසයක් ඇතුළත දඩ මුදල් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා. ඔබ මගෙන් අසා සිටි පරිදි චූදිතයන්ට මෙම තීන්දුව මගින් වෙනත් දඬුවමක් මේ අවස්ථාවේදී ලබාදී නැහැ. එහෙත් නඩු තීන්දුව කියා තිබෙනවා මෙම අවස්ථාවේදී ඉහත දඩ මුදල් හැරෙන්නට වෙනත් වන්දි මුදලක් හෝ වෙනත් දඬුවමක් චූදිතයන්ට නියම කිරීම සිදු නොකරන බව.

මේ මගින් ප්‍රකාශ වන්නේ චූදිතයන් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කිරීමක් වැනි දෙයක් නෙවෙයි. මේ නඩුවේ එක්තරා සුවිශේෂ සන්ධිස්ථානයකටයි අප මේ පැමිණ තියෙන්නේ. නඩු තීන්දුවට අනුව චූදිතයන් සමස්ත ජනතාවගේම මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කර තිබෙනවා. වගඋත්තරකරුවන් ඍජුවම එම අපරාධයට වගකිව යුත්තන් බවත් ප්‍රකාශ වී තිබෙනවා. ඉදිරියේදී මෙම කරුණු කාරණා ආශ්‍රිත කරගෙන මෙම චූදිතයන්ට එරෙහිව වින්දිතයන්ට වන්දි ඉල්ලා වෙනත් නඩු පැවරීමක් සිදුකළ හැකියි. එම ක්‍රියාවලිය මෙම නඩු නිමිත්තේ දෙවැනි පියවරයි.

‘මව්රට’ මාධ්‍යවේදියා
ඔබ මේ මගින් ප්‍රකාශ කර සිටින්නේ ජනතාවට පවා මෙම චූදිතයන්ගෙන් නිසි වන්දි ලබාගැනීමක් සිදුකළ හැකි බවද? ඔබ කියන එම දෙවැනි පියවර ගැන පැහැදිලි කරන්න?

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා
ඔව් සත්‍ය වශයෙන්ම. රටේ ඕනෑම පුරවැසියෙකුට මෙම නඩු පැවරීම සඳහා ඉදිරිපත් විය හැකියි. ඒ මොකද දැන් චූදිතයන් කවුරුන් දැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා ඉවරයි. මහා බලපරාක්‍රමයක් තිබුණු බලගතු පුද්ගලයන් තිදෙනෙක්ම ප්‍රධාන චූදිතයන් ලෙස ප්‍රකාශ වී තිබෙනවා. ජනතාව සතු මූලික අයිතිවාසිකම් යටතේ මෙම පුද්ගලයන්ට එරෙහිව දෙවැනි පියවර ලෙස නඩු පැවරිය හැකියි. මෙහිදී අපගේ පාර්ශ්වයෙන් එම ක්‍රියාවලිය මුලින්ම සිදුකිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ කියන්නේ රට සහ ජනතාව වෙනුවෙන් අප එම මෙහෙවරට ප්‍රවිෂ්ට වෙනවා. එහිදී අපි දෙවැනි පියවර ලෙස බලාපොරාත්තු වෙනවා මහජන දේපළ විනාශ කිරීමට අදාළව මොවුන්ට නඩු පවරන්නට. මහජන දේපළ සම්බන්ධයෙන් අනර්ථයක් සිදුකිරීමට අදාළවයි මෙම නඩු පවරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ක්‍රියාවලිය සඳහා අප ඉක්මනින්ම කටයුතු කරනවා.

‘මව්රට’ මාධ්‍යවේදියා
අනර්ථයක් යටතේ නඩු පැවරීමක් යැයි අදහස් කරන්නේ කුමක්ද? එවැනි නඩු නිමිත්තක් හරහා ඉදිරියේදී චූදිතයන්ට දඬුවම් පැමිණවිය හැකිද?

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා
අනර්ථය යන්නෙහි අර්ථ නිරූපණය යටතේ දණ්ඩ නීති සංග්‍රහය මගින් චූදිතයන්ට දඬුවම් කළ හැකියි. අනර්ථය සිදුවීම සිතුවිල්ලකින් හෝ ක්‍රියාවකින් හෝ විය හැකියි. මෙම චූදිතයන් ඉතා දරුණු ආකාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා අවසානයි. දැනට ලබාදී තිබෙන තීන්දුවෙන් ඉදිරියේදී චූදිතයන්ට ලබාදෙන දඬුවම් සඳහා දොරටුව දැන් විවෘත කරලයි තියෙන්නේ. නොකළ යුතුව තිබුණු ක්‍රියාවක් යැයි අධිකරණය තීන්දු කළේ ඒ නිසයි. මෙහිදී වින්දිතයන්ට චූදිතයන්ගෙන් වන්දි මුදල් ඉල්ලා සිටීම කළ හැකියි. මහජන දේපළ පනත යටතේ තුන්වැනි වගන්තියට අනුව මෙම දඬුවම් ලබාදීම සිදුකළ හැකියි.

‘මව්රට’ මාධ්‍යවේදියා
වන්දි මුදල් නියම කිරීම වැනි දඬුවම් ඔබ විසින් පැහැදිලි කර සිටියා. එවැනි දඬුවම්වලින් ඔබ්බට ගිය සිර දඬුවම් වැනි තදබල දඬුවම් චූදිතයන්ට නියම කළ හැකිද?

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා
ඔව් පැහැදිලිවම. මහජන දේපළ පනත යටතේ අධිකරණය ක්‍රියා කළහොත් චූදිතයන්ට සිර දඬුවම් පවා ලබාදිය හැකියි. මහජන දේපළ පනතේ වගන්ති යටතේ ඒ බව පැහැදිලිවම ප්‍රකාශ වී තිබෙනවා. එහෙයින් ස්ථිර වශයෙන්ම සිර දඬුවම් නියම කළ හැකියි.

‘මව්රට’ මාධ්‍යවේදියා
මෙරට සිටි ප්‍රබලතම ජනාධිපතිවරුන් දෙදෙනෙක්, එසේම ඔවුන් දෙදෙනාම එක් කුසෙහි උපන් සහෝදරයන් තමයි මෙසේ රටක මුළුමහත් ආර්ථික විනාශයට චූදිතයන් වන්නේ. ඔවුන්ට අමතරව තවත් සහෝදරයෙක් මෙන්ම දේශපාලන ප්‍රබලයකුත් චූදිතයකු වෙනවා. මෙය සැබැවින්ම දේශීය වාර්තාවක් විතරක් නොව, ලෝක වාර්තාවක්ද විය හැකියි නේද?

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා
ඔව්, ලෝක ඉතිහාසයේවත් එවැන්නක් සිදුවෙලා නැතුව ඇති කියලා හිතන්න පුළුවන්. කෙසේ හෝ ලෝක ඉතිහාසය දෙස බලන විට මෙවැනි රාජ්‍ය පාලකයන් චූදිතයන් වී දඬුවම් ලබා ඇති ආකාරයත් පෙනී යනවා. ඔවුන් සමහරෙකුට සිර දඬුවම් පවා හිමිවී තිබෙනවා.

‘මව්රට’ මාධ්‍යවේදියා
මෙවැනි භයානක ආර්ථික විනාශයක් රටට ජාතියට සිදුකරන පාලකයන්ට ආර්ථික ඝාතකයන් කියා හඳුන්වන්න පුළුවන්ද?

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා
(සිනා නගමින් පිළිතුරු දෙයි) ඔව් ඔව්. මේ අයට ආර්ථික ඝාතකයන් විතරක් නෙවෙයි, තවත් කියන්නට බොහෝ වචන පාරිභාෂිකයේ තිබෙනවා. ජනතාවගේ කාලය විනාශ කරපු කාලකණ්ණි කියලත් කියන්න පුළුවන්. මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ කාලය පමණක් නොවෙයි, ඉපදෙන්න ඉන්න මිනිස්සුන්ගේ කාලයත් කාදමපු පිරිසක් තමයි මේ අය. මේ අයගේ දුර්දාන්ත පාලනය නිසා මිනිස්සු මොන තරම් දුක් වින්දද? අදටත් දුක් විඳිනවද? ඔබට කැමැති ඕනෑම වචනයක් කියලා මේ අය අමතන්න. මොනවා කිව්වත් බයවෙන්න එපා. ඔබට විරුද්ධව අධිකරණයක් කටයුතු කරන්නේ නැහැ. (සිනාසෙයි)

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක්! වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් වහාම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි! I Sri Lanka Latest News

Next Post

රනිල්ටයි ආණ්ඩුවටයි එරෙහිව දවස් 236ක් පුරා එක දිගටම යන අඛණ්ඩ විරෝධයට මහරෑ ඇවිත් පහර දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.