• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

November 16, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ පැරැණිතම පූජනීය වෘක්ෂයන් අතරට ගැනෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට සියවස් විසිපහකට ආසන්න කාලයක් තිස්සේ රැකවරණය සපයන ‘බුලන්කුලම – නුවරවැව’ පවුල පිළිබඳ බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට වැඩම කරවාගෙන පැමිණි පිරිසෙන් එක් අයකු වූ බෝධිගුත්ත නම් කුමාරයාගේ පරපුරෙන් ඔවුන් පැවැත එන අතර පසු කලෙක මෙරට රාජ්‍යත්වය සඳහා ද එම පරපුර උරුමකම් කී බව වාර්තාගතය. වර්තමානය වන විට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ද ඇතුළු අටමස්ථානය හා බැඳුණු සුවිශේෂ වගකීම් රැසක් බුලන්කුලම පවුල සතු වන අතර අටමස්ථානාධිපති හිමියන් තෝරාගැනීමේ තීරක බලය ඒ අතරින් සුවි⁣ශේෂ වේ. අටමස්ථානයේ ගිහි භාරකාරත්වය ද දරන මෙම පරපුර පිළිබඳ මෙම ලිපියෙන් විමසා බලමු.(Sri Lanka Latest News)

පවුලේ ආරම්භය හා විකාශය

වර්තමානයේ නුවරවැව හෙවත් බුලන්කුලම නමින් හැඳින්වෙන මෙම පවුලේ ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී එය අනුරාධපුර යුගය දක්වා දිවයන බව පෙනේ. දුමින්දාගමනය සමග මෙරටට පැමිණි බෝධිගුත්ත නම් වූ කුමාරයකු නුවරවැව පවුලේ ආදිතමයා වශයෙන් පිළිගැනෙන අතර, ඔහු සමග මෙරටට පැමිණි තවත් කුමාරවරුන් අටදෙනකුට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රැකබලා ගැනීම භාර විය.

බෝධිගුත්ත කුමරුට හා ඔහුගේ බිසව වූ සුනන්දා දේවියට දාව උපන් දරු පරපුර පසු කලෙක මෙහෙණවර වංශය නමින් ප්‍රචලිත වූ බව රාජරත්නාකරයේ දැක්වෙයි. එම දෙපළගේ පුතුන් වූ මහින්ද හා විධුරින්ද යන කුමාරවරුන් පිළිබඳ බෝධිවංශයේ සඳහන් වේ. මේ අනුව පෙනීයන්නේ මෙම ‌බෝධිගුත්ත පරපුර ජය ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව පිළිබඳ වගකීම නොපිරිහෙළා ඉටුකළ බවයි.

ගම්පොළ රාජධානිය ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ සේනාලංකාධිකාර අමාත්‍යවරයා මෙන්ම ගම්පොළ රජ බවට පත්වූ වීරබාහු ඈපානන්ද මෙම වංශයෙහි සාමාජිකයන් බව සාහිත්‍යය මූලාශ්‍රයන්හි සඳහන් වේ. අනුරාධපුර යුගයේ රජ කළ මැණි හෙවත් ලම්බකර්ණ රාජවංශය ද මෙම පරපුරෙන් ජනිත වූවක් බව ඇතැමුන්ගේ මතයයි.

ගම්පොළ සහ මහනුවර යුගයේදී මෙම පවුලට හිමි වූ තැන

ගම්පොළ යුගයෙන් පසුව ‌බෝධිගුත්ත පරපුරට සම්බන්ධ පිරිසක් පිළිබඳ තොරතුරු හමුවන්නේ මහනුවර යුගයේදී වන අතර නුවරකලාවිය දිසාව තුළ ප්‍රාදේශීය නිලධාරීන් හෙවත් වන්නිවරුන් ලෙස කටයුතු කළ සූරියකුමාර වන්නිසිංහ පෙළපත් නාමය භාවිත කළ නුවරවැව පවුල ඔවුන් ලෙස හඳුනාගත හැකිය.

උඩරට රාජධානි සමයේ නුවරකලාවිය භාරව සිටි දිසාවේ මහනුවර නේවාසිකව සිටි බැවින් එම ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ වන්නිවරු නම් වූ මුලාදෑනීන් විසින්ය. ඔවුන් දිසාවේවරයකු යටතේ සිටියද, දිසාවේවරයකු සතු වූ බලතල ඔවුන් සතුව ද තිබූ බව පෙනෙයි. වන්නිවරුන් අතර ප්‍රධානියා මහවන්නියා වූ අතර එම තනතුර පාරම්පරිකව නුවරවැව පවුල සතුවූ බව පෙනෙයි.

මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දී ඉලපන්ගමුවේ අත්ථදස්සි නම් ස්වාමින්වහන්සේ නමක් ජය ශ්‍රී මහා ‌බෝධින් වහන්සේ වටා ශිලාමය ප්‍රාකාරයක් ඉදිකළ අවස්ථාවේදී එවක මහවන්නියා ද ඒ සඳහා උපකාර කළ බව සඳහන් වේ. ක්‍රිස්තුවර්ෂ 1713 දී රාජාධිරාජසිංහ රජු, නුවරවැව සූරියකුමාර වන්නිසිංහ මුදලිගේ රාජපාක්ෂිකභාවය අගයමින් ඔහුට ගම්වරයක් ද ප්‍රදානය කොට ඇත. පසුව රජ බවට පැමිණි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඔහු සමග යම් අමනාපයකින් පසු වූ බවත් සඳහන් වේ.

රාජ උදහසට පත්ව මන්නාරම ප්‍රදේශයට පලාගිය මහවන්නියාට නැවතත් එකී ධුරය ඉංග්‍රිසි පාලන සමයේදී ලැබුණු අතර, ජෝන් ඩොයිලි ඔහු බුලන්කුලමේ වන්නියා යනුවෙන් ද හඳුන්වාදී තිබේ. 1818 දී ඇති වූ ඉංග්‍රීසි විරෝධී කැරැල්ලේදී ඒ සඳහා මහවන්නියාගේ සහයෝගය ද ලැබී ඇත. ඒ අනුව කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව ඔහු ද සිරභාරයට ගැනිණි. වර්ෂ 1830 දී පමණ බි්‍රතාන්‍ය ආණ්ඩුව ඔහුට නිදහස ලබාදුන් අතර මහවන්නියා නැවතත් පෙර දැරූ තනතුරේ පිහිටුවීය. 1837 දී පමණ මෙම මහවන්නියා මියයෑමෙන් අනතුරුව නුවරවැව පවුලේ ප්‍රධානත්වය ඔහුගේ පුත්‍රයා වූ තරුණ නුවරවැව බණ්ඩාට හිමිවිය.

නුවරවැව වලව්ව හා බුලන්කුලම වලව්ව අතර නඩුව

1818 කැරැල්ලට උපකාර කිරීමේ හේතුවෙන් ගාල්ලේ සිරගතව සිටි මහ වන්නියා හක්කිද කුමාරිහාමි නම් උඩරට රදළ කාන්තාවක් සමග වාසය කළ අතර ඒ අනුව ඔවුන්ට දාව පුංචි මැණිකා නම් දියණියක් ඉපදිණි. මහවන්නියා නැවත පැමිණෙන විට ඇය අනුරාධපුරයට රැගෙන ආ අතර ඇය නුවරවැව වලව්වේ දියණියක ලෙස හැදීවැඩිණි.

පසුව විවාහ වූ ඇය නුවරවැව වලව්වේ විසූ අතර මහවන්නියාගේ බිරිය පසුව තෑගි ඔප්පුවකින් නුවරවැව වලව්ව ඇයට පවරා ඇත. මේ නිසා නුවරවැව බණ්ඩා අනුරාධපුරයේම පිහිටි බුලංකුලම වලව්වේ පදිංචියට පැමිණි අතර එම නිසා ඔහු බුලන්කුලමේ නුවරවැව බණ්ඩා ලෙස ද හඳුන්වා තිබේ.

සියලු ඉඩම් සහ වරප්‍රසාද

කෙසේ වෙතත් මහවන්නියා භුක්තිවිඳි සියලු ඉඩම් සහ වරප්‍රසාද තම බිරියට ලබාදෙන මෙන් ඉල්ලමින් පුංචි මැණිකාගේ සැමියා 1851 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික් උසාවියේ නඩු පැවරූ අතර එහි ප්‍රතිඵලය වූයේ එම වරප්‍රසාද නුවරවැව බණ්ඩා සතු බවට නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත්වීමයි.

1861 වසරේදී නුවරවැව බණ්ඩා දරුවන් නොමැතිව මියයන අතර ඒ සමග මෙම පවුලේ නායකත්වය හා එම පවුල ගිහි භාරකාරත්වය දැරූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේද ඇතුළු අටමස්ථානයේ භාරකාරීත්වය පිළිබඳ ගැටලුවක් ඇතිවිය.

1862 වසරේදී නුවරවැව බණ්ඩාගේ බිරියවූ ඕවිල්ලේ කුමාරිහාමි නැවත විවාහ වූ අතර ඒ කලාගම් පළාතේ රටේ මහත්තයා වූ ඒකනායක බණ්ඩාරගේ පුත්‍රයා වූ එවකට අනුරාධපුර කච්චේරියේ සරප් මුහන්දිරම්වරයා සමගය. එම විවාහයෙන් 1863 දී ලැබුණු පුතුට පෙර සැමියාගේ වාසගම ලබාදීමෙන් පරපුරේ අඛණ්ඩ උරුමය පවත්වාගෙන යාම ඇය අපේක්ෂා කළ බව පෙනේ. ඒ අනුව ඔහුට ලබාදුන් නාමය වන්නේ සූරියකුමාර වන්නිසිංහ මුදියන්සේ රාලහාමිලාගේ බුලන්කුලමේ ලොකු බණ්ඩා යන නාමයයි.

පවුලට පැවරුණු බලතල සහ කාර්යයන්

අටමස්ථානාධිපති හිමියන් පත්කිරීමේ බලය සහ ඉවත් කිරීමේ බලය අටමස්ථාන කමිටුව වෙත පැවරී ඇති අතර එහි ගිහි නියෝජනය වශයෙන් නුවරවැව පවුලේ ප්‍රධානියාට වැඩි බලතල තිබෙන බව පෙනෙයි.

මෑත අඩසියසකට ආසන්න කාලයේදී අටමස්ථානාධිපති හිමියන් තෝරා පත්කර ගනු ලබන පිළිවෙළෙහි යම් වෙනස්කම් කිහිපයක් සිදුවී ති‌බේ. ඒ අනුව යම් අවස්ථාවක එම පදවිය හිස් වූ විට නුවරවැව පවුලේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් රැස් වන අටමස්ථාන කමිටුව මගින් සුදුසුකම් සපුරා තිබෙන භික්ෂුන් වහන්සේලා පිළිබඳ සහ පෙර අටමස්ථානාධිපති හිමියන් වැඩසිටියදී නම්කළ ලැබූ භික්ෂුන් වහන්සේ පිළිබඳ අවධානය යොමුකොට සුදුසු අයකු පිළිබඳ වන කමිටුවේ නිර්දේශය මල්වතු මහනාහිමියන්ට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දෙයි.

අනතුරුව එය අනුමත කොට ස්ථීර කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වන අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ධුරයට අදාළ අක්තපත්‍රය අත්සන් තබා අභිනව අටමස්ථානාධිපති හිමියන්ට පිළිගන්වයි.

බෝ මළුවේ දේවාලය සහ කපුමහත්වරුන් පත්කිරීම, ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමට පැමිණෙන ප්‍රභූවරුන් පිළිගෙන උඩ මළුවට කැඳවාගෙන යාම, ශ්‍රී මහා බෝධියේ පරණ අවුරුදු මංගල්‍යය පැවැත්වීම යනාදිය ද නුවරවැව පවුලේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන බව පෙනෙයි.

අටමස්ථානයේ ගිහි භාරකාරත්වය කාන්තාවකට ලැබීම

1870 වසරේදී එවක අටමස්ථානාධිපති පදවිය දැරූ කළුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන් අපවත් වීමත් සමග නව අටමස්ථානාධිපති හිමියන් තෝරා පත්කර ගැනීම සඳහා නුවරවැව පවුලේ ප්‍රධානියකු නොවීමෙන් එය ගැටලුකාරී තත්ත්වයක් බවට පත්විය. එක් පාර්ශ්වයකින් නුවරවැව බණ්ඩාගේ බිරිය වූ ඕවිල්ලේ කුමාරිහාමි මෙහි අයිතිවාසිකම වෙනුවෙන් පෙනීසිටි අතර අනෙක් පසින් පුංචි මැණිකාගේ පුත්‍රයා වූ ගලගොඩ බණ්ඩාත් මේ සඳහා ඉදිරිපත් විය. පසුව ඉංග්‍රීසි ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මෙය විසඳූ අතර ඒ අනුව 1872 වසරේ ජූලි මස 13 දින ඕවිල්ලේ කුමාරිහාමි මෙම පවුලේ ප්‍රධානියා බව පිළිගැනිණි.

මෙම පත්වීම ඓතිහාසික පත්වීමක් වූ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ගිහි භාරකාරත්වයට කාන්තාවක් පත්වීම සිදුවිය. ඒ අනුව නුවරවැව පවුලේ ප්‍රධානියා සතු බලතල අනුව ඇයගේ, නුවර කලාවියේ රටේ මහත්වරුන් තිදෙනාගේ හා කෝරළේවරුන් උදුරුව හල්මිල්ලවැවේ රතනසාර හිමි අටමස්ථානාධිපති ලෙස නම් කළ අතර ආණ්ඩුව මගින් එම පත්වීම අනුමත කරමින් 1872 වසරේ අගෝස්තු මස 27 වැනි දින උන්වහන්සේට අක්තපත්‍ර ප්‍රදානය කර ඇත. මෙම පත්වීම සිදුකිරීම රුවන්මැලිසෑය අසල බෙර වාදනයන් සහිතව ඕවිල්ලේ කුමාරිහාමිගේ මූලිකත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

බුලන්කුලම නමින් අටමස්ථානයේ ගිහි භාරකාරීත්වය ඉසිලුවන්

ඕවිල්ලේ කුමාරිහාමිගේ දෙවැනි විවාහයෙන් ලැබුණු දරුවා වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද සූරියකුමාර වන්නිසිංහ මුදියන්සේ රාලහාමිලාගේ බුලන්කුලමේ ලොකු බණ්ඩා තම මව වූ කුමාරිහාමිගෙන් අනතුරුව 1880 වසරේ දී ගිහිභාරකාර පදවියට පත්වූ අතර ඔහු නුවරගම් පළාතේ රටේ මහත්මයා හා ගම්සභාවේ සභාපති ලෙසද කටයුතු කර තිබේ.

ඔහු නව නුවරවැව වලව්ව 1906 වසරේදී නිමාවට පත්කොට එහි පදිංචි වූ අතර එතැන් පටන් අද දක්වා නුවරවැව පවුලේ ප්‍රධානීන් සියලු දෙනා සිය නිවෙස බවට පත්කර ගත්තේ එයයි. ඔහුගේ බිරිය මාතලේ කහඳ වලව්වේ වේරගම ටිකිරි කුමාරිහාමි වූ අතර ඇය ස්වකීය ධන
පරිත්‍යාගයෙන් ශ්‍රී මහා බෝධිය මැද පන්සලේ ධර්ම ශාලාවක් කරවා තිබේ.

1936 දී ලොකුබණ්ඩාගේ ඇවෑමෙන් ඔහු පුත් පුංචි බණ්ඩා බුලන්කුලම දිසාවේ අටමස්ථානයේ ගිහි භාරකාරත්වයට පත්කෙරුණු අතර ඉන් අනතුරුව ඒ සඳහා ඔහුගේ බාල සොයුරන් පත්කොට ඇත. ඒ අනුව 1944 වසරේදී වෛද්‍ය අශෝක බුලන්කුලමත්, 1950 දී පුංචිබණ්ඩා බුලන්කුලමත් ඒ සඳහා පත් කෙරිණි.

ඉන් පසුව පුංචි බණ්ඩාගේ යෝජනාවෙන් 1968 වසරේදී ඔවුන්ගේ බාලම සහෝදරයාගේ පුතු වූ ප්‍රසිද්ධ නොතාරිස් මහින්ද බුලන්කුලම ඒ සඳහා පත්විය. ඔහු එම පදවිය දරන අවධියේදී නුවරවැව පවුලේ සාමාජිකයන් ජය ශ්‍රී මහා ‌බෝ මළුවට පිවිසෙන ස්ථානයේ පිහිටා ඇති මකර තොරණ ඉදිකරවා ඇත. වර්තමානයේ මෙම තනතුර දරන්නේ මහින්ද බුලන්කුලම මහතාගේ පුත් වෛද්‍ය ජානක අනුරාධ බුලන්කුලමය. ඔහු 2006 වසරේදී එම තනතුර සඳහා පත්විය.

පවුලට අනන්‍ය වූ සම්ප්‍රදායයන්

නුවරවැව හෙවත් බුලන්කුලම පවුලට අනන්‍ය වූ ලාංඡනයක් දක්නට හැකි අතර එය සූරියකුමාර වන්නිසිංහ බුලන්කුලමේ ලොකු බණ්ඩා රටේ මහත්තයාගේ සොහොන් ගෙයි ද්වාරයට ඉහළින් කැටයම් කර තිබෙන බැවින් එම ලාංඡනය ඔහුගේ යුගයේදී නිර්මාණය වන්නට ඇති බව සිතිය හැකිය. එම ලාංඡනයේ මධ්‍යයෙහි පද්මයක් දක්නට ලැ‌බෙන අතර ඒ දෙපසට විහිදුණු බෝ කොළ ද්විත්වයකි.

නුවරවැව පවුලේ ප්‍රධානියා සඳහා උත්සව අවස්ථාවලදී ඇඳීමට විශේෂිත ඇඳුම් කට්ටලයක් පවතී. එය උඩරට මුල් ඇඳුමට බොහෝ සෙයින් සමාන වුවත් සියුම් වෙනස්කම් ඇති අතර ඉන්දියාවේ නිර්මාණය කර තිබෙන එය අලුත්වැඩියා කිරීම සඳහා ද ඉන්දියාවට යවයි. වර්තමානයේ භාවිත කරන ඇඳුම් කට්ටල වසර සියයක් පමණ පැරැණි බවත් පැවසේ. දෙවැනි එලිසබත් රැජින 1981 වසරේ අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී මහින්ද බුලන්කුලම හැඳ සිටියේ ද එම ඇඳුම වේ.

නුවරවැව පවුලේ ප්‍රධානත්වය ඕවිල්ලේ කුමාරිහාමිගෙන් පසුව පිය – පුතු පරපුරෙන් පැවත එන අතර එය විටෙක සොහොයුරන් අතර ද හුවමාරු වන බව පෙනෙයි. බොහෝ විට පෙර එම ධුරය දැරූ අය විසින් අනුප්‍රාප්තිකයා නම් කළ අතර පසුව පවුලේ සියලු දෙනාගේ කැමැත්ත ද ඒ සඳහා ලබාගෙන බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත නුවරවැව පවුලේ නව ප්‍රධානියා පිළිබඳ දැනුම් දීමත්, ලිඛිත ලියවිල්ලකින් නුවරවැව පවුලේ ප්‍රධානියා ලෙස එකී පුද්ගලයා බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පිළිගැනීමත් වර්තමානයේදී සිදුකරනු ලබයි.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි

SendShareShare
Previous Post

ජනපති අයවැය කතාව ආරම්භ කළ ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන්ම සජිත් උත්තර දෙයි! ජනපති හැංගූ ධර්මතා 3 මතක් කර දෙයි! මේවා කතා කළොත් ජනපතියි-අගමැතියි-ආණ්ඩුවයි 3ම අමාරුවේ! කවුදෝ ජනාධිපතිවරයාව ගොනාට අන්දලා දිරච්ච ලණුවක් දීලා! 2022 කියපු යෝජනා ඒ විදිහටම 2023දිත් කියපු හැටි සාක්ෂිත් එක්කම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මම මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න තීරණය ‌කළේ රටට ආදරයක් නැති කට්ටිය අයවැය ගැන කියන බොරුවලට උත්තර දෙන්න! තව අවුරුද්දක් මිනිස්සුන්ට මේ විදිහට දුක්විඳින්න වෙයි! රනිල්ට අවස්ථාවක් දෙන්න මේක ගොඩදාන්න! ජනපතිගේ සහායට අකිලත් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.