• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොස්තර රන්නන් එලියගේ SURVEY වලින් රනිල් ගොඩයයිද? I Sri Lanka Latest News

November 10, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දොස්තර රවී රන්නන් එලිය (Dr. Ravi Rannan-Eliya) සිංහල පාඨකයන්ට හුරු පුරුදු නමක් නොවේ.(Sri Lanka Latest News) ඒත් ඉංගීසි පාඨකයන් අතර ඔහුගේ නම හරිම ජනප්‍රියය. එයට හේතුව ඔහු ලංකාවේ තානාපති කාර්යාල, ව්‍යාපාරිකයන්, අධිකරණ විනිසුරුවන් සහ නීතිඥයන් ඉලක්ක කොට ඉංග්‍රීසි මාධ්‍යවල ඔහුගේ ඔපීනියන් පෝල් නැතහොත් ජනමත විමසුම් ප්‍රසිද්ධ කරන නිසාය. ඔහු සෞඛ්‍ය ප්‍රතිපත්ති නම් වූ ආයතනයක විධායක අධ්‍යක්ෂවරයෙකි.

ඔහු මේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයෙන් ඔපීනියන් පෝල් නොහොත් ජනමත විමසුම් පවත්යි. ඒ මහජන සෞඛ්‍ය ගැන නොව දේශපාලනඥයන්ගේ සෞඛ්‍ය ගැනය. ඔහු ඊළඟ ඡන්දය දිනන්නේ කවුද කියා මසකට වරක් ජනමත සමීක්ෂණ කරයි. ඔහු ඒ සඳහා තෝරාගන්නේ 1000ක් පමණ වන නියැදියකි. මේ 1000න් ඔහුගේ ආයතනයේ සේවිකාවන් ඔබ කැමැති අනුරටද, සජිත්ටද, රනිල්ටද, පොහොට්ටුවටද කියා ප්‍රශ්න කරයි. ඔවුන් දෙන උත්තර අනුව ඔහු කියන්නේ දෙකෝටියක මහජන මතය ඔහුට කියන්න පුළුවන් කියාය.

ලංකාවේ පෙට්‍රල් ෂෙඩ් ඉදිරිපිට, කිරිපිටි ගන්න කඩපිල් ඉදිරිපිට පෝලිම් ටික ටික හැදෙන්න ගත්තේ 2022 ජනවාරියේදීය. 2022 ජනවාරි වන විට මිනිස්සුන්ට බඩු හිඟය දැනෙන්න පටන්ගෙන තිබිණි. ඒ වගේම බඩු මිල උහුලන්න බැරි විය. ජනවාරි වන විට ගෝඨාට හොඳයි කියන කෙනෙක් හොයාගන්න බැරි විය. කොරෝනා රැල්ලෙන් ජීවිත දහස් ගණන් විනාශ වී මිනිස්සුන්ට රැකියා අහිමි වී ලොක්ඩවුන්වලින් රටම අඩපණ වී රට නන්නත්තාර වී තිබිණි.

2022 ජනවාරි වන විට ගෝඨාට ජනප්‍රියත්වයක් තිබුණේ නැත. ඔහුගේ ජනමත විමසුම් වාර්තාව කියන්නේ 2022 මුල් කාර්තුව වන විට ගෝඨාභය හොඳ ජනප්‍රිය තැනක සිටි බවය. ඔහුගේ වාර්තාව කියන්නේ ගෝඨාභයගේ ජනප්‍රියත්වය කඩාවැටුණේ 2022 අප්‍රේල් මාසයෙන් පසුව බවය. අරගලය පටන්ගත්තේ අප්‍රේල් මාසයේය. ගෝඨාගේ ජනප්‍රියත්වය කඩාගෙන වැටිලා කියන්න දොස්තරගේ වාර්තා ඕනෑ නැත. ඒක රටටම පෙනුණි.

දොස්තරගේ ජනමත සමීක්ෂණවලට හොඳ ඉවක් තිබුණා නම් ගෝඨාගේ ජනප්‍රියත්වය කඩාගෙන වැටෙන බව ඔහු 2022 ජනවාරියේ කිව යුතුව තිබිණි. ඒත් ඔහුගේ වාර්තාව කියන්නේ සුළු වශයෙන් අඩු වුණාට 2020 මුල් කාර්තුවේ ගෝඨාගේ ජනප්‍රියත්වය ධනාත්මකව තිබුණු බවය. එය පිළිගත නොහැකිය. 2022 මුල් කාර්තුවේ ගෝඨාව බලයෙන් පහ කරන්න පුළුවන් යැයි කවුරුත් නොසිතන වාතාවරණයක ඔහු සිය ජනමත සමීක්ෂණ වාර්තාවේ ගෝඨාගේ ජනප්‍රියත්වය පල්ලම් බහිනවා කියා කියන්න බය වූවා විය හැකිය.

ගෝඨා ගෙදර ගොස් රනිල් ජනාධිපති වූ විට ඔහු සිය ජනමත සමීක්ෂණ වාර්තාවේ අලුත් තියරියක් පෙන්වීය. එනම් ජවිපෙ සහ සමගි ජන බලවේගය කරට කර සිටින බවත්, රනිල්ගේ යූ.ඇන්.පී.ය පොහොට්ටුවට වඩා ඉදිරියෙන් සිටින බවත්ය. ඉන් පසු ටිකෙන් ටික ජවිපෙ ඉස්සරහින් තියා සමගි ජන බලවේගය පසුපසට ගෙන ඔහු කියන්නේ රනිල් පොහොට්ටුව අභිභවා ඉදිරියට එන බවය.

1000ක නියැදියකින් බලන දොස්තර රවී රන්නන් එලියගේ මේ තියරිය රනිල්ගේ පළාත් පාලන ඡන්ද කල්දමන තියරිය සහ ජනාධිපතිවරණය දිනන තියරිය සමග පෑහෙන්නේ ඉඳිකට්ටට නූල් බෝලය වගේය. රනිල් පළාත් පාලන ඡන්දය කල්දමන්න හේතුව ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට කීවේ ජවිපෙ දිනන බවත්, ජවිපෙ දින්නොත් අයි.එම්.එෆ්. ගනුදෙනුව කඩාකප්පල් වී රට චීන ග්‍රහණයට හසුවනු ඇති බවත්ය.

ඒ සඳහා ඔහු පළාත් පාලන ඡන්දය තියන්න කී ඇමෙරිකාවට යුරෝපයට පෙන්නන්න ඇත්තේ දොස්තරගේ ජනමත සමීක්ෂණ වාර්තාවය. ජවිපෙ බලයට එනවා යැයි බයකොට පොහොට්ටු අපේක්ෂකත්වය ගන්න රනිල් ප්‍රයෝජනයට ගත්තේද දොස්තරගේ වාර්තාව විය යුතුය. පොහොට්ටුවට වඩා මම ඉදිරියෙන් කියා පොහොට්ටුව වට්ටවන්න පාවිච්චි කරන්නේත් මේ දොස්තරගේ වාර්තාව විය යුතුය. ජනාධිපතිවරණයේදී කාටත් 50%ක් ගන්න බැහැ කියන රනිල්ගේ තියරියද දොස්තරගේ ජනමත සමීක්ෂණ වාර්තාවට හොඳට ගැළපෙයි.

රනිල් හතර වටේට බෙදන දේශපාලන තියරිය මෙසේය.

‘ජවිපෙ එනවා.’

‘පොහොට්ටුවට වඩා මට මිනිස්සු කැමැතියි’

‘ජනාධිපතිවරණයේදී කාටවත් 50%ක් ගන්න බැහැ’

දොස්තර රවි රන්නන් එලියගේ ජනමත සමීක්ෂණ වාර්තාව 1000ක නියැදියකින් හදන තියරිය මෙසේය.

‘ජවිපෙ ඉදිරියෙන්…’

‘රනිල් පොහොට්ටුවට වඩා ඉදිරියෙන්…’

‘අනුරට හෝ සජිත්ට 50%ක් නැහැ…’

රනිල්ගේ තියරියයි දොස්තරගේ ජනමත සමීක්ෂණ තියරියයි තකට තක වුණේ කොහොමද කියලා හොයන්න වෙනම සමීක්ෂණයක් කළ යුතුය.

රංග සූරියබණ්ඩාර

SendShareShare
Previous Post

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Next Post

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ටෙලිකොම් එකේ තිබ්බ කොටස් ඔක්කොම විකුණලා! ගත්තේ කව්ද? තවම ප්‍රසිද්ධ කරලා නෑ! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper