• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ එන්නේ රනිල්ගේ අන්තිම අයවැය! මේ අයවැයෙන් ආණ්ඩුව පුපුරනවා! අයවැය දාන්නත් කලින්ම ඔක්කොම වැඩි කරලා! හැම සති අන්තෙම පිටරට ගියේ නැත්නම් ජනාධිපතිතුමා කොහේ හරි ගිහින් සුරංගනා කතා කියනවා! ඒ එකක්වත් ආරම්භ කරලා තියෙනවාද? එයා ගෙනාපු ස්වාධීන ආයතන එයාම විනාශ කරලා! දැන් මතයක් හදන්න උත්සාහ කරනවා UNP එකයි SJB එකයි එකතු වුණාම දිනන්න පුලුවන් කියලා! ඒවා වෙන්නේ නෑ! හොරු එක්ක ගියොත් අපිත් විනාශයි! මරික්කාර්ගෙන් සැර කතාවක්! VIDEO I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ඩොලර් එක අඩු වෙලා තියෙන්නේ විකෘතියකින්! මේ රට තනි මිනිහෙකුට ගොඩදාන්න බෑ! හොඳ වැඩපිළිවෙළක් එක්ක හොඳ කණ්ඩායමක් දැන් රටට ඕනේ! ඉදිරි මාස 6 ඇතුළත මහමැතිවරණයක් තියන්නම වෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයට සමගි ජනබලවේගය සමඟ එකතු වුවහොත් ජයග්‍රහනය කිරීමේ හැකියක් තිබෙන බව විවිධ සමීක්ෂණ හරහා පෙන්වන්න උත්සහ ගනිමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දක්වමින් එස්.එම් මරික්කාර් මහතා පැවසුවේ මෙවර අයවැය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අවසන් අයවැය බවත් මෙම අයවැයෙන් ආණ්ඩුව පුපුරන්න ඉඩ තිබෙන බවත්ය.

ව්‍යවස්ථාදායක සභාව සහ කොමිසන් සභා ඇති කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි පසු ඒවා සත පහකට ගණන් ගන්නේ නැති බවත් ඒකාධිපතිත්වයෙන් ,උද්දච්චකමින් සහ මර්දනයෙන් රට පාලනය කිරීමේ ක්‍රමවේදයක් ඔහු ගෙන යන බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (08) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

 ‘‘ජනවරමක් නැති සුළු කණ්ඩායමක් රටේ ජනතාව අමු අමුවේ පීඩාවට පත් කරමින් , විදුලිබිල , ජලබිල , ඉන්ධන මිල වැඩි කරමින් , බදු වැඩිකරමින් , භාණ්ඩවල මිල වැඩි කරමින් , බිල් වැඩි කරමින් රටේ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයකට ජනතාව පත්කරලා තිබෙන්නේ. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණයකට ගියානම් ජනතාව අත්විදින පීඩනය අනුව ඔවුන්ගේ ජනමතය කුමක්ද කියන එක පැහැදිලි කර ගන්න පුලුවන්.

ජනතාව පිළිබඳ හැඟිමක් නැති , ජනතාව ජීවත්වන විදිහ ගැන අවබෝධයක් නැති පාර්ලිමේන්තු මැතිවරණයක් දිනාගැනීමට නොහැකි කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට රටේ ජනතාවට ලබාදෙන පීඩනය
පිළිබඳ ඔවුන්ගේ තීරණය ලබා දෙයි.

අයවැයෙන් විවිධ දේවල් අඩු කරනවා වැඩි කරනවා කියලා සුරංගනා කතා පවසනවා. වික්‍රමසිංහ මහත්තයා අයවැයට කලින් ගහන්න තිබෙන බදු සියල්ල ගහනවා. විකුණන්න තිබෙන සියලු දේවල් විකුණන්න සැලසුම් කරලා තිබෙන්නේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව ජනාධිපතිවරයා පවසනවා. ඒ වැඩි කිරීමට එපා කියලා සමගි ජනබලවේගය කියන්නේ නෑ. වැඩි කරන 12,500 ප්‍රමාණවත් ද කියන එක ගැන ගැටලුවක් තිබෙනවා.

ආණ්ඩුවට වැඩිපුර වියදම්වල ප්‍රමාණය පිරිමහ ගන්න ප්ලෙන්ටිය වැඩි කරලා , පරාටා එකේ මිල වැඩිකරලා , කොත්තුව වැඩි කරලා ,බඩුමිල වැඩිකරලා. දෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බදු හරහා අයකරගන්නවා.

ඉන්ධන මිල , විදුලිබිල වැඩි වෙලා තිබෙන ප්‍රමාණයත් එක්ක , අත්‍යාවශ්‍ය භාණ්ඩවල වැඩි වෙලා තිබෙන ප්‍රමාණය එක්ක , දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න තිබෙන ප්‍රමාණය එක්ක සුරංගනා කතාවලින් උත්තරයක් ලැබෙන්නේ නෑ.

මේ ආණ්ඩුව සෑම දෙයක්ම සිදුකරලා තිබෙන්නේ භාගයට. ණය ප්‍රතිව්‍යුහගතකිරීම සිදුකරලා තිබෙන්නේ බාගයට. විදෙස් රටවල් සමඟ සිදුකරන ගණුදෙනු සිදුකරලා තිබෙන්නේ බාගයට , රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීම සිදුකරලා තිබෙන්නේ බාගයට. හැම ක්ශ්‍රේත්‍රයකට අද වෙලා තිබෙන්නේ මේ දෙය. පටන් ගන්නවා කර ගන්න බෑ.

මෙවර අයවැය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අවසන් අයවැය. මේ අයවැයෙන් තමයි ආණ්ඩුව පුපුරන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අමු අමුවේ තිබෙන අයවැයක් තමයි ඉදිරියේදී ඉදිරිපත් කරන්න යන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ රජයේ ආදායම් වර්ධනය කරන්න ගෙවීම් හැකියාව වර්ධනය කරන්න කියලා. ගෙවීම් හැකියාව වැඩි කරන්නේ බිල් වැඩිකරල ද ? බදු වැඩි කරල ද? කියලා අපි අහනවා.

රටේ ජනතාවට සහන දෙන්න අලුත් ආදායම් මාර්ග හදුන්වා දෙන්න ඕන. වික්‍රමසිංහ ජනාධිපතිවරයා එවැනි කිසිම දෙයක් සඳහන් කරලා නෑ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවෙලා වසර එකහමාරක් වෙනවා. ඔහු හැම සති අන්තයකම විදෙස් සංචාරයක නිරත වුණේ නැත්නම් වෙන කොහේ හරි යනවා. ජනාධිපති ත්‍රිකුණාමලයට ගිහින් කිව්වා ත්‍රිකුණාමලය ආයෝජන කලාපයක් කරනවා කියලා. කිසිම දෙයක් තවම සිදුවෙලා නෑ.
වැඩක් කරනවා වෙනුවට ඒකාධිපතිත්වයෙන් ,උද්දච්චකමින් සහ මර්දනයෙන් රට පාලනය කිරීමේ ක්‍රමවේදයක් තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි ව්‍යවස්ථාදායක සභාව ගෙනාවේ. නමුත් අදවන විට ව්‍යවස්ථාදායක සභාව සත පහකට ජනාධිපතිවරයා ගණන් ගන්නේ නෑ. කොමිසන් සභා ගෙනාවේ ජනාධිපති වික්‍රමසිංහ. නමුත් ඔහු සත පහකට කොමිසන් සභා ගණන් ගන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරලා බලයට ආවම පස්සේ බලය රැක ගන්න විවිධ උපායන් ගනිමින් ඉන්නවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගි ජනබලවේගයට බයයි. කණ්ඩායමක් යොදවලා සමීක්ෂණ කරලා ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල මාරු කරලා සමගි ජනබලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි එකුවුනොත් දිනන්න පුලුවන් වගේ එකක් දැන් පෙන්වන්න හදනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවෙන් නාම යෝජනා ලැබෙන්නේ නෑ කියලා උප්පුවෙලා තියෙන්නේ. පොලිටිකල් ගේම් ගහන්න පුලුවන් වටපිටාව හැදීම සඳහා ජනතාව පීඩනයට පත් කරන වැඩපිළිවෙලක් තමයි ආණ්ඩුව මේ වනවිට ගෙනි යන්නේ.

යහපාලන ආණ්ඩුවේ සිටින විට විවිධ දූෂණ වංචා චෝදනා එල්ල වුණ පිරිස් සමඟ සමගි ජනබලවේගය එකතු වෙන්නේ නෑ. එහෙම වුණොත් සමගි ජනබලවේගයට ඡන්දය ඉල්ලන්න වෙන්නේ නෑ.

ලංකාව වාමාංශික දේශපාලනයකින් ගොඩ දාන්න බෑ. රට ගොඩ ගන්න දක්ෂිනාංශික දේශපාලනය අවශ්‍යයි. රජය වෙළඳ ව්‍යාපාරවලින් ඉවත්වෙලා ලෝකයේ අනිකුත් රටවල් සහ ආයතන සමඟ සම්බන්ධ වෙලා රටක් විදිහට ඉදිරියට යා යුතුයි. එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුලුවන් කණ්ඩායම ඉන්නේ සමගි ජනබලවේගයේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැත්නම් ජනාධිපතිවරයාව කැබිනට් මණ්ඩලය ගණන් ගන්නෙත් නෑ. මැති ඇමැතිවරු ගණන් ගන්නෙත් නෑ. පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගණන් ගත්තෙත් නෑ. විපක්ෂය ගණන් ගන්නෙත් නෑ. රාජ්‍ය නිලධාරීන් ගණන් ගන්නෙත් නෑ.

ඔන්ලයින් පනත් කෙටුම්පත වගේ පනත් ගණනාවක් මේ ආණ්ඩුව ගේනන හැදුවා. ආණ්ඩුව උත්සහ කරන්නේ මර්දනයම දියත් කරන්න. ආණ්ඩුවට මේ සියල්ල කරන්න පුලුවන් වෙන්නේ මාස තුන හතරක් විතරයි. ඔන්ලයින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණය හොද තීන්දුවක් ලබාදීලා තිබෙනවා. රටේ ජනතාවට සහ මහජන නියෝජිතයින්ට රටේ අධිකරණය ගැන විශ්වාසයක් තිබෙනවා. අධිකරණ තීන්දුවට අනුව ආණ්ඩුවට කටයුතු කරන්න වෙනවා.

====================================

ප්‍රශ්නය – රාජ්‍ය දේපළ විකුණන් වැඩපිළිවෙලක් අණ්ඩුව ගෙන යනවා, තැපැල විකුණනාව කියලා තමයි ආරංචි වෙන්නේ , ඔබ තුමන්ලා ඒවට කැමතිද

පිළිතුර – රාජ්‍ය දේපළ විකුණනවාට මම නම් පුද්ගලිකව කැමති නෑ. පාඩු ලබමින් භාණ්ඩාගාරයට බරක් වෙමින් මේ ආයතන පවත්වාගෙන යා යුතුයි කියලා කියන්නෙත් නෑ.
තැපැල් සේවාව අවශ්‍යද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම කියලා තැපැල් දෙපාර්තමේන්තුව විකුණන්න අවශ්‍ය නෑ.
වෙලඳ ව්‍යාපාර සඳහා පුද්ගලික අංශයෙන් ආයෝජන අරගෙන නවීකරණය කරලා අලුත් තාක්ෂණය සමග ගමන් කරන්න අවශ්‍යයි. රජය ව්‍යාපාර වලින් ඉවත් විය යුතුයි. රජය කළ යුත්තේ නියාමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පමණයි. ඒ වගේ අවස්ථාවලදී තමයි පාරිභෝගිකයන්ට වාසි ලැබෙන්නේ. සිනොපෙක් ආයතනයට ඉන්ධන අලෙවි කරන්න දුන්න අවස්ථාවට මම කැමති. තවත් ආයතනවලට ලංකාවේ වෙළද ව්‍යාපාර සිදුකරන්න ඉඩ ලබාදිය යුතුයි. වෙළඳපොල තරගකාරීත්වය තිබෙන අවස්ථාවක පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ. තෙල් සංස්ථාවයි , ඉන්දියන් ඔයිල් සමාගමයි ඉන්ධන ලබා දෙන්නේ එකම මිලකට. නමුත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබනවා ඉන්දියන් ඔයිල් සමාගම ලාභ ලබනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ තිබෙන අධික දූෂණය නිසා තමයි මෙලෙස පාඩු ලබන්නේ. තරගකාරී වෙලඳපොලක් ආවම දුෂණ අවම වෙනවා.

ප්‍රශ්නය – රජයේ සේවකයන් ඉල්ලන රුපියල් 20,000 වැටුප් වැඩිවීම රජය ලබාදෙයි ද?

පිළිතුර – අපි දන්නේ නෑ කොහෙන්ද ඒ මුදල් දෙන්න යන්නේ කියලා. වැටුප් වැඩි කරනවානම් බදු සහ භාණ්ඩ වල මිල ගණන් වැඩි කරන්න වෙයි. එක සාක්කුවක් මිරිකලා අනිත් සාක්කුව පුරවලා වැඩක් නෑ. බදු ආදායම රටකට අත්‍යාවශයි. ඒ බදු ජනතාවට දරා ගන්න පුලුවන් ආකාරයට තියෙන්න ඕන. උපයන විට ආදායම් බද්ද දරා ගැනීමට නොහැකි තත්ත්වයක රටේ බුද්ධි ගලනයක් සිදුවෙලා තිබෙනවා. රටේ වෘත්තිකයින් රට හැර යන්න වැඩි වශයෙන් පෙළඹිලා ඉන්නවා. පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වල වැටුප් වැඩිවීම් සිදුකළා. පෞද්ගලික ආයතනවල කාර්යක්ෂමතාවය තිබෙනවා. ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ හරහා සේවකයින්ටත් ඒ ප්‍රතිලාභ ලැබිලා තියෙනවා.

පිළිතුර – ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ක්‍රීඩා ඇමැතිවරයා අතර කඹ ඇඳිල්ලක් තිබෙනවා. එකම කැබිනට් මණ්ඩලයේ අය ඇයි මේ පොර බඳින්නේ.

පිළිතුර – ක්‍රිකට් ක්‍රීඩාවට අපි සියලු දෙනා ආදාරය කරනවා. මට මේ සම්බන්ධයෙන් කතා කරන්න අයිතිය තිබෙනවා. මම මේ රටට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙන් බිහි කරපු කෙනෙක්. මාධ්‍ය ක්ශ්‍රේත්‍රයේ කටයුතු කරන කාලයේ තමයි නුවන් ප්‍රදීප්ව ගෙනාව‍ෙ. ක්‍රීකට් ක්‍රිඩාවේ අපි හිටපු තැනට ගේනන නිසි වැඩපිළිවෙලක් ඕන. ඒකට ක්‍රිකට් පනත වෙනස් කරන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රභු පවුල් 3 ක් පාලනය කරන ක්‍රිඩාවක්. ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් හොද කළමනාකරුවන් පිරිසක් දැන් අවශ්‍ය වෙලා තිබෙනවා. ක්‍රීකට් දියුණු කරන්න ක්‍රිකට් ගහන්න ඕන නෑ. ක්‍රිකට් ගහන අයගෙන් උපදෙස් ගන්න පුලුවන්. ජනාධිපතිවරයා සහ ක්‍රිඩා ඇමැතිවරයා ඉන්නේ දේශපාලන සුදු පිටියක

SendShareShare
Previous Post

මේක ඉතාම නරක වෙලාවක්! ක්‍රිකට් අනතුරේ! ක්‍රිකට් විධායක සභාව හදිසි මාධ්‍ය හමුවක් කැඳවා මැතිඇමැතිවරුන්ගේ චෝදනාවලට උත්තර දෙයි! ක්‍රීඩා ඇමැති නොමග ගිහින් ඇති බව කියයි! විගණකාධිපති වාර්තාවත් මාධ්‍යට නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති කියපු විදිහට නුවරඑළියේ තැපැල් කන්තෝරුව හෝටලයකට විකුණනවාට සුද්දොත් විරුද්ධ වෙයි! ලංකාවට ආවාම අපිට ඉන්න ඕන තරම් හෝටල් තියෙනවා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.