• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ව පැරැද්දුවේ ආර්. ‌ප්‍රේමදාසද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 21, 2020
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 2 mins read
A A
සජිත්ව පැරැද්දුවේ ආර්. ‌ප්‍රේමදාසද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ගෝඨාභයට ඡන්දය දෙන්න යුරෝපයේ පදිංචි ලාංකිකයන් දහස් ගණනින් කටුනායක ගුවන් තොටුපොළට…’
‘ගෝඨාභයට ඡන්දය දෙන්න ආ විදෙස්ගත ලාංකිකයන් කටුනායකදී හරසරින් පිළිගැනෙයි…’
මේ පහුගිය ජනාධිපතිවරණ කාලයේ මෙරට මාධ්‍යවල උණුසුම්ම පුවතය. ලාංකික කොඩිය රැගත් විදෙස්ගත ලාංකිකයන් ගෝඨාභයට ඡන්දය දෙන්න ගුවනින් කටුනායකට එන විට මල්මාලා අතැතිව දහස් ගණනින් පොදුජන පෙරමුණු පාක්‍ෂිකයෝ ගුවන් තොටුපොළේ රැස්කමින් සිටියහ. ඒ දිනවල පොදුජන පෙරමුණු පාක්‍ෂිකයන්ගේ වෙබ්අඩවිවල ජනප්‍රියතම මාතෘකාව වූයේ මේ විදෙස්ගත ලාංකිකයන්ගේ පැමිණීමය. ඇත්තටම ගෝඨාභයට පක්‍ෂව මෙරට ජනතාවගේ මනස වෙනස් කිරීමට මෙම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කතාව ලොකු කාර්යභාරයක් ඉටු කළේය.
ගෝඨා ජනාධිපති වී ගත වුණේ දින 100කි. අද පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍යවල ප්‍රධාන සතුරා මේ විදෙස්ගත ලාංකිකයන්ය. විදෙස්ගත ලාංකිකයන් කොරෝනා බෝ කරනවා කියා පොදුජන පෙරමුණු සමාජ මාධ්‍යවල ලොකු කැම්පේන් එකක් දියත් කර තිබේ.
‘අපි ගෝඨාභය සර්ට ඡන්දය දෙන්න එද්දී මල්මාලා දාලා පිළිගත්තේ. දැන් අපි නරක් වුණේ කොහොමද?’
මේ කොරෝනාවලින් බේරෙන්න මෙරටට ආ විදෙස්ගත ලාංකිකයන් ගුවන් තොටුපොළේදී අහපු ප්‍රශ්නයය.
කතාව ඇත්තය. ගෝඨාභයට පක්‍ෂව රට තුළ මහා රැල්ලක් හදපු විදෙස්ගත ලාංකිකයන්ව අද පොදුජන පෙරමුණු සමාජ මාධ්‍ය ජාලා පෙන්වන්නේ ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන හමුදාව වගේය.
‘හැබැයි එදා සජිත් දිනල ජනාධිපති වෙලා කොරෝනා ආවා නම් කොහොමද?’
එහෙම වුණා නම් පොදුජන පෙරමුණ හිතවාදී මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා කොරෝනාවලින් බේරෙන්න ලංකාවට එන විදෙස්ගත ලාංකිකයන්ව පෙන්වන්නේ අන්ත අසරණ වූ ජනතාවක් ලෙසය.
‘රටට විදේශ විනිමය ගෙනෙන අපේම මව්බිමේ විදෙස්ගත සහෝදරයන්ට ඇයි ආණ්ඩුව හිරකාරයන්ට වගේ සලකන්නේ’
‘විදෙස්ගත ලාංකිකයන්ට ආණ්ඩුව මෙහෙම සලකන්නේ ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ඡන්දය දුන්න නිසාද..?’
එහෙම නම් අද පැය විසිහතරේම පොදුජන පෙරමුණු හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යටිගිරියෙන් කෑගහන්නේ එලෙසය. එහෙම වුණා නම් ඔවුන් ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් හොයන්නේ මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ සේනා දළඹුවාව හොයාගත් ආකාරයටය. ඒ කාලයේ වගාවට හානි කරන දළඹුවන් හොයාගෙන මේ මාධ්‍ය රටම බය කළේ සේනා දළඹුවා රටේ ඵලදාව කා රටේම සාගතයක් නිර්මාණය කරන්න හදනවා කියාය. මේ දළඹුවා බටහිර රටවල නිර්මාණයක් බවත්, දළඹුවාව එවල තියෙන්නේ ලංකාවේ කෘෂි කර්මාන්තය විනාශ කිරීමට බවත්, රනිල්ගේ ආණ්ඩුව ඒ පිටුපස සිටිනා බවත් ඔවුහු උදේ – දිවා – රෑ ටී.වී. එකේ, රේඩියෝ එකේ, පත්තරේ, මුහුණු පොතේ කීහ. දළඹුවා දැන් ඉන්නේ අනුරාධපුරේ නම් හෙට දඹුල්ලට ඇවිල්ලා කියා මිනිස්සු බය කළහ.
අද කොරෝනා ලංකාව ගිල ගනිද්දී සජිත් ජනාධිපති ධුරයේ සිටියා නම් ඔවුන් පෙන්වන්නේ ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ ගණනක් ඉන්නවා කියලාය. එහෙනම් පෙන්වන්නේ නිරෝධායනය කරන ස්ථානවල වැරැදිය. අඩුපාඩුය. එහෙනම් රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය කොරෝනා සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් දෙනවා නොව පාරට බැස කොරෝනා කොරෝනා කිය කියා ආණ්ඩුව මරාගෙන කනු ඇත. එලෙස මිනිස්සු බය කළා නම් රටේ කැරැල්ලක් වුවද එන්න ඉඩ තිබිණි. හේතුව කොරෝනා ජීවිතයත් මරණයත් අතර සටනක් බව මිනිස්සු දනී.
‘මාර වෙලාවකට සජිතුයි, යූ.ඇන්.පී.යයි බේරුණේ.’
මේ පොදුජන පෙරමුණට ඡන්දය දුන්න අයෙක් කී කතාවය.
කතාව ඇත්තය. ලංකාවේ දේශපාලනයේ අරුම පුදුම ප්‍රාතිහාර්යයන් ගැන ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ අවසන් පරිච්ඡේදයේ මෙලෙස සටහන් වෙයි.

‘ජේ. ආර්.ගේ අසාමාන්‍ය දිවි මඟෙහි නිරන්තර ලක්‍ෂණය ලෙස සැලකිය හැක්කේ ‘එසේ වී නම්’ යන අදහසය. ජේ. ආර්. අවසානයෙහි ලබාගත් තත්ත්වයට වඩා යමක් ඔහු ලබන්නට සිටි බවක් හෝ ඔහු උරුමකර දුන්දේ මීට වඩා උභතෝකෝටික සහ පරස්පර විරෝධී වන්නට ඉඩ තිබිණැයි කිව හැකි බවක් හෝ මින් නොහැඟේ. ඔහුගේ මිතුරන් මෙන්ම සතුරන්ද මේ ගැන එකඟ වනු ඇත. ඔවුන් එකඟ වන තවත් කරුණක් නම් ඔහුගේ දේශපාලන ජීවිතයෙහි තීරණාත්මක අවස්ථාවන්හිදී අන් බොහෝ දේශපාලනඥයන්ගේ ජීවිතවලදී මෙන්, වාසනාව වැදගත් භූමිකාවක් රඟපෑ බවය. උදාහරණ වශයෙන් ඩඞ්ලි සේනානායක අනපේක්‍ෂිතව මියයෑමට වසර එකහමාරකට පෙර, ඔහු හා ජේ. ආර්. තම දීර්ඝ අමනාපය අවසන් කර සමඟි වී නොතිබිණි නම් ජේ. ආර්.ට කිසිසේත් පක්‍ෂ නායකයා වීමටත්, (කීමට අවශ්‍ය නැති ලෙස) රාජ්‍ය නායකයා වීමටත්, ඉඩක් නොතිබිය හැකිව තිබුණේය. ඩඞ්ලි සේනානායක තව වසර හයක් ජීවත් වී තම පියා මෙන් 68 වැනි වියේදී මියගියේ නම් ඩඞ්ලිගේ තේරීම පරිදි ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස වඩා තරුණ දේශපාලනඥයකු, ඒ වන විටත් 73 වියේ සිටීමට හුන් ජේ. ආර්. වෙනුවට පක්‍ෂය විසින් පත්කරන්නට ඉඩ තිබුණේය. ඒ ‘එසේ වී නම්’ය. එහෙත් ඇත්ත වශයෙන්ම ජේ. ආර්. ඩඞ්ලිගෙන් පසු පක්‍ෂ නායකත්වයට පත්වන විට 66 වැනි විය පසු කොට 67 වැනි වියට පා තබමින් සිටියේය.’

ජේ. ආර්.ගේ පොතේ සඳහන් මේ ‘එසේ වී නම්’ කතාන්දරය ජේ. ආර්.ට පමණක් නොව සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාසටද අදාළය. 1988 ජනාධිපතිවරණය ආසන්න වන විට බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ශ්‍රීල.නි.ප.ය ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව තමන් සමඟ එක්වන්න යැයි ආරාධනා කළහ. ප්‍රේමදාස එනවා නම් ජනාධිපතිවරණයෙන් පොදු අපේක්‍ෂක ධුරය දෙන්නද ඔවුන් එකඟ වී තිබිණි.
‘හොඳයි එදා ප්‍රේමදාස ශ්‍රීල.නි.ප.යේ පොදු අපේක්‍ෂකයා වුණා නම්…’
එසේ වූවා නම් 1988න් පසු ලංකාවේ දේශපාලනය වෙනස් විදියකට ලියැවෙන්න ඉඩ තිබිණි. ප්‍රේමදාස වටේ හිටි බොහෝ අය අද කියන්නේ 1988 ජනාධිපතිවරණයට ප්‍රේමදාස තරග නොකර හිටියා නම් ප්‍රේමදාසගේ කතාව මෙයිට වෙනස් වන්න ඉඩ තිබුණු බවය. තරග කරලා ඔහු පරාජය වූවා නම් කතාව තවත් වෙනස් වන්න ඉඩ තිබුණු බවය. ඇත්ත කතාව නම් 1988 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් ප්‍රේමදාස කාලයක් තිස්සේ බොහොම අමාරුවෙන් හදාගෙන ආ දේශපාලන ප්‍රතිරූපය විනාශ විය. විනාශ වූවා පමණක් නොව ඔහුගේ ප්‍රතිරූපය අළු – ධූලි විය. ඔහු 1988 තරග නොකොට හෝ පරාජය වී හෝ ජනාධිපති නොවූවා නම් ජ.වි.පෙ. භීෂණයට මුහුණ දෙන්න වෙන්නේ ජය ගන්නා අපේක්‍ෂකයාටය. එලෙස ජය ගන්නා අපේක්‍ෂකයා බණ්ඩාරනායක මැතිනිය වූවා නම් 71 මෙන් ඇයට නැවැත කොල්ලො කෙල්ලො මරපු ශාපය නම් වූ ලේබලය වදිනවා නිසැකය. ඒ මදිවාට ඇය ඉන්දු – ලංකා ගිවිසුම වෙනස් කරන්න ගිහින්, ඉන්දියානු හමුදා පන්නන්න ගිහින් මහත් අකරතැබ්බයකට මුහුණපානු ඇත. ඇය ඉන්දියානු හමුදා තියාගෙන ඉන්දු – ලංකා ගිවිසුම ආරක්‍ෂා කරන්න ගියා නම් ඇයට රට තුළ භයානක කැරැල්ලක් අනුකම්පා විරහිතව මර්දනය කිරීමට සිදුවනු නියතය. ඒ මදිවාට ඇයට ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන බළකාය සමඟ සටන් කිරීමට සිදුවනු නියතය.
1988 ජනාධිපතිවරණය දිනලා ප්‍රේමදාස කීවේ තමාට භාර දුන්නේ රටක් නොව උතුරේත්, දකුණේත් දෙකොණ පත්තු වූ විලක්කුවක් බවය. 1988 මැතිනිය දින්නා නම් ඒ විලක්කුව එක්ක අඩව් අල්ලන්න වෙන්නේ මැතිනියටය. එසේ වූවා නම් ප්‍රේමදාස යූ.ඇන්.පී. නායකයා සහ විපක්‍ෂ නායක ලෙස මැතිනිය අල්ලන අඩව් බලා සිටිනවා නියතය. හැබැයි දින්නේ ප්‍රේමදාසය. ප්‍රේමදාස දෙකොණ පත්තු වන විලක්කුව තියාගෙන එය නිවන්න ගහන දහන්ගැට දිහා බල බලා මැතිනිය සිනාසුණාය.
2019 සජිත් සහ යූ.ඇන්.පී.ය දින්නා නම් සජිත්ට වෙන්නේත් ඔහුගේ පියා ප්‍රේමදාසට සිද්ධ වෙච්ච නස්පැත්තියමය. මෙහෙන් කොරෝනාය. අරහෙන් රට ගිනි තියන මාධ්‍යය. හිස මුදුනේම කඩාගෙන වැටෙන ආර්ථිකයය. එහෙනම් අද මාධ්‍ය ඩොරලය නඟින හැටි පෙන්වන්නේ වගු ගහලාය. ඒ මදිවාට ගෙවන්න තියෙන බිලියන ගණනක ණයය. එහෙම වුණා නම් ප්‍රේමදාසලා දේශපාලනයෙන් ඉවර වන්නේ ප්‍රේමදාස කියන නමටත් මිනිස්සු ශාප කරමින්ය.
ගෝඨාභය පසුගිය සතියේ අපූරු කතාවක් කීවේය. ඔහු ආරක්‍ෂක ලේකම් කාලයේ ඔහුට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඔහු බේරුණේ පූරුවේ කරුමයකට යැයි කීවේය. එහෙනම් අද මේ කරදර විඳින්නට සිදුවන්නේ නැතැයි ඔහු කීවේය.
‘ඒ කියන්නේ සජිත් දින්නා නම් මේ කරුමය කරගහන්න වෙන්නේ සජිත්ටද..?’
සජිත්ගේ වෙලාවට ඔහු දින්නේ නැත. ඒ රණසිංහ ප්‍රේමදාසගේ බැල්ම හින්දාදැයි කියන්න දන්නේ ජ්‍යොතිෂවේදීන්ය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Next Post

1720-මහාමාරිය/1820-‌කොලරාව/1920-ස්පාඤ්ඤ උණ/ 2020 ‌කොරෝනා: ‌මොකද්ද ‌මේ අවුරුදු 100කට වරක් මිනිසුන් බිලිගන්නා මහා වසංගත චක්කරේ

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.