• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ප්‍රධානත්වයෙන් දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව කොළඹදී! PHOTOS I Sri Lanka Latest News

October 31, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
රනිල්ගේ ප්‍රධානත්වයෙන් දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව කොළඹදී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) කොළඹදී පැවැත්විණි.Sri Lanka Latest News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIlB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JIСА), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් මේ සඳහා එක්ව සිටියහ.

මෙම ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව 2022 දෙසැම්බර් මාසයේ පැවැත්වුණු සාකච්ඡාවට අනුව සිදු වූ අතර ප්‍රධාන ආර්ථික හා ව්‍යුහාත්මක ගැටළු පිළිබඳ අවධානය යොමු කරමින් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රගතිය සාකච්ඡා කිරීමේ අරමුණින් කැඳවා තිබිණි.

අර්බුදයේ සිට තිරසාර වර්ධන මාවතකට ප්‍රවිශ්ට වීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, පෞද්ගලික ප්‍රාග්ධනය යෙදවීම, රැකියා උත්පාදනය කිරීම සහ රජය හා මීට සහභාගී වන හවුල්කරුවන් විසින් ශ්‍රී ලංකාවට ඔරොත්තු දිය හැකි මෙන්ම සියල්ල අන්තර්ගත වූ හරිත සංවර්ධනයක් සඳහා අවශ්‍ය කැපවීම පවත්වාගෙන යාම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

2022 දෙසැම්බරයේ පැවති පෙර සැසිවාරයේදී ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) යන ආයතනවල නියෝජිතයින් තීරණය කළේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇතිව සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ මූලික සලකුණු පෙන්නුම් කර ඇති අතර, උද්ධමනය අවම කිරීම, විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය ලිහිල් කිරීම සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගික සැලැස්ම අනුමත කිරීම ඇතුළුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ යම් ප්‍රගතියක් ලබා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) මඟින් සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ, මූලික නීති සම්පාදනය කෙරෙමින් පවතින අතර ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට නැවත ප්‍රවේශය වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතී.

කෙසේ වෙතත්, සීමිත මූල්‍ය සම්පත් හා බාහිර බාධකයන් හමුවේ මෙම ප්‍රතිසාධනය කරා යන මාර්ගය තවමත් පුළුල් වී නොමැත.ඉදිරියට යාමේදී, තිරසාර වර්ධන මාවතක් නැවත ලබා ගැනීම සඳහා වේගවත් හා ප්‍රමාණවත් තරම් ගැඹුරු විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මෙන්ම ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා සාර්ව මූල්‍ය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

සංවර්ධන හවුල්කරුවන් ද ඇතුළුව මීට අදාළ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා පැහැදිලි හා සංක්ෂිප්ත ක්‍රියාකාරී සැලැස්මක් පැවතීම, රජය විසින් සිදු කරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සැලකිය යුතු ලෙස දායක වේ.

රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම සහ ප්‍රධාන යාවත්කාලීන සහ නිර්දේශ බෙදා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය අතර විවෘත අවකාශයක් සැලසීම මෙම වටමේස සාකච්ඡාව මඟින් සිදු වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී නැවත යථා තත්ත්වයට පත්වීමේ සිට තිරසාර වර්ධන මාවතක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාව සඳහා පවතින වර්ධනයේ උපායමාර්ගික දිශාවන් පිළිබඳව සිය අදහස ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජය සහ පෞද්ගලික අංශය එක්ව කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රජයේ වර්තමාන ප්‍රතිසංස්කරණ සඳහා සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය යන දෙඅංශයේම කැපවීම සහ විශ්වාසය පළවීම ද මෙම වටමේස සාකච්ඡාවේ ප්‍රතිඵලයකි. මීට අදාළව එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාළ කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමටත්, “ආර්ථික ලැබ්” සංකල්පය ඔස්සේ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කර ගනිමින් විවෘත දින ප්‍රකාශයට පත් කර මහජනතාවට අදාළ කාර්යයන් ඉටුවී ඇත්ද, නැද්ද යන්න විවෘතව දැන ගැනීමට සැලැස්වීමටත් තීරණය කෙරිණි.

ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා, ප්‍රගතිය, අභියෝග සහ අවස්ථාවන් සලකුණු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා “2022 දෙසැම්බර් මාසයේ පැවති අවසන් වටමේස සාකච්ඡාවේ සිට ක්‍රියාත්මක කර ඇති සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම, වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ණය ලබාගැනීමේ සුදුසුකම් නැවත ස්ථාපිත කිරීම සඳහා මධ්‍ය කාලීන වශයෙන් සැලසුම් කර ඇති ප්‍රධාන ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතිය” යන තේමාව යටතේ ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සමඟ කටයුතු කළ හැකි රජයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධීකරණ වේදිකාව පිළිබඳව ද කරුණු දැක්වීය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙතෙක් සිදුකරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අත්කර ගෙන ඇති ප්‍රගතිය පැහැදිලි කරමින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

මෙම ඉදිරිපත් කිරීම් හා අදහස් දැක්වීම්වලින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනය (MIGA), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIlB), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ЛСА), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වැනි ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් විසින් මෙහිදී මතුවූ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්හ.

මෙම සැසිවාරයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මුදල් රාජ්‍ය අමාත්‍ය, රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

එමෙන්ම මෙම වටමේස සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ලෙස ලෝක බැංකුවේ (WB) මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂිකා ඇනා බ්යාර්ඩේ (Ms. Anna Bjerde, Managing Director of Operation), ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser, World Bank Vice President for South Asia Region), බහුපාර්ශ්වික ආයෝජන සහතික කිරීමේ නියෝජිතායතනයෙහි (MIGA) මෙහෙයුම් පිළිබඳ උප සභාපති ජුනයිඩ් කමල් අහ්මෙද් (Mr. Junaid Kamal Ahmed, Vice President for Operations), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නේවාසික නියෝජිත සර්වත් ජහන් (Ms. Sarwat Jahan, Resident Representative), ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) දකුණු, මධ්‍යම හා බටහිර කලාපීය උප සභාපති ෂික්සින් චෙන් (Mr. Shixin Chen, Vice President (South, Central, and West Asia), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) ආයෝජන මෙහෙයුම්-කළාප අංක 01හි උප සභාපති ආචාර්ය උර්ජිත් පටෙල් (Dr. Urjit Patel, Vice President, Investment Operations-Region 01), ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති අතිගරු කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno, Ambassador of the European Union to Sri Lanka) ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ (EU) නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් (Mr. Lars Bredal, Deputy Head of Delegation), ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති සචිරෝ ඉමෝටෝ (Ms. Sachiko Imoto, Senior Vice President), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) නියෝජ්‍ය සහකාර පාලක අංජලී කෞර් (Ms. Anjali Kaur, Deputy Assistant Administrator) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්චි (Mr. Marc-André Franche, Resident Coordinator, UN) යන මහත්ම මහත්මීහු එක් වූහ.

මීට අමතරව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, මාස් හෝල්ඩිංග්ස් හි සභාපති මහේෂ් අමලීන්, වෙළෙඳ හා ආයෝජන අධීක්ෂණ කමිටුවේ සභාපති අජිත් ගුණවර්ධන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිනි ෂෙරින් කාදර් යන මහත්ම මහත්මීහූ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන් ලෙස මෙම අවස්ථාවට එක්විය.

SendShareShare
Previous Post

මහින්ද මල්ලි කරපු වැඩේ හින්දා චමල් අයියට ගෙවන්න වෙච්ච ලයිට් බිල! VIDEO I Sri Lanka Latest News

Next Post

සිපෙට්කෝ 92 පෙට්‍රල් විතරක් 9කින් බස්සයි! ඩීසල් 5කින් 95 පෙට්‍රල් 3කින් සුපිරි ඩීසල් 10කින් භූමිතෙල් 7කින් නග්ගයි! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.