රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසි බව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව තමන් පිළිගන්නා බවත්, කෙසේ වෙතත් එය බෙදුණු තීන්දුවක් බැවින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් සිවිල් ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා පවසා සිටියේය. (Sri Lanka Latest News)
නඩු තීන්දුව ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා කියා සිටියේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සහ ස්වර්ණාධිපති විනිසුරුවරයා එක් මතයක් ප්‍රකාශ කළ බවත්, මරික්කාර් විනිසුරුවරයා ඩයනා ගමගේගේ පුරවැසි බව පිළිගත නොහැකි බවත් සඳහන් කළ බවකි.
තමා සිටින්නේද මරික්කාර් විනිසුරුතුමාගේ මතයේම බව ඕෂල හේරත් මහතා එහිදී කියා සිටියේය.
ඕෂල හේරත් මහතාගේ එම අදහස් දැක්වීම ඇතුළත් හඬ පටය පහතින්.










