ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබේ.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්කිරීම අද (31) සිදුකර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයේ සමග අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මෙම පත්වීම ප්රදානය කර තිබේ.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්වූ අතර වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්වූ එතුමා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.










