අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.Sri Lanka Latest News
රවී සෙනෙවිරත්න මහතා අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී නියෝග කර ඇත්තේ, නොවැම්බර් මස 01 වැනිදා දක්වා ඔහු ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටය.
ඊයේ (28) රාත්‍රියේ වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයක දී බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළ ව ඔහු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
රවී සෙනෙවිරත්න මහතා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පැවසීය.










