• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකාවට ‌සෙමි ෆයිනල් එන්න පුලුවන්ද? මෙහෙම වුණොත් විතරක් චාන්ස් එකක් තියෙනවා! I Sri Lanka Latest News

October 29, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්දින ලෝක කුසලානය පිළිබඳව මුළු රටේම ඇත්තේ මහත් උනන්දුවකි. මෙම උද්‍යෝගය දෙගුණ තෙගුණ වූයේ පසුගියදා හිටපු ලෝක ශූරයින් පරාජය කොට ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනයන් බොඳවෙන තැනට කටයුතු කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා දුටු විටය. මේ වන විට තරග 5ක් අවසානයේ තරග 2ක් පමණක් ජයගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන බලාපොරොත්තු තබා ගැනීමට හැකියාවක් තිබේද යන්න මේ සමග මෙරට ක්‍රිකට් ලෝලීන්ට ඇතිවන ගැටලුවයි. මෙය එක්තරා ආකාරයකින් බැලූවිට ගණිත ගැටලුවකි. ගණිතමය වශයෙන්, ඉදිරි තරග 4ම ජයගත හොත් අනිවාර්යයෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් හිමි කර ගැනීමේ ඉඩ තිබෙන අතර තවත් තරග 3ක් ජයගතහොත් අවසන් පූර්ව වටය පිළිබඳව සියුම් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාව සතු වේ.Sri Lanka Latest News

ඉදිරි වටයට තෝරා ගන්නා ආකාරය

කණ්ඩායම් 10ක් තරගවදින එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඒ සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී අනෙක් සෑම කණ්ඩායමක්ම සමගින් එක් තරගය බැගින් තරග 9ක් ක්‍රීඩා කරනු ඇත. එහිදී සෑම ජයග්‍රහණයක් සඳහාම ප්‍රසාද ලකුණු දෙකක් හිමි වන අතර යම් හෙයකින් තරගයක් තීරණයකින් තොරව නිම වූවහොත් එක් ලකුණ බැගින් කණ්ඩායම් දෙකටම හිමි වේ. මූලික වටය අවසානයේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවකට හිමිකම් කියන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට තෝරා ගැනේ. යම් හෙයකින් කණ්ඩායම් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක ප්‍රසාද ලකුණු සමාන වේ නම් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම තීරණය වේ.

සුදුසුකම් හිමි කරගැනීමට නම්….

ශ්‍රී ලංකාව මේ වන විට තරග දෙකක ජයග්‍රහණයන් සමගින් ප්‍රසාද ලකුණු 4ක් හිමි කරගෙන සිටී. ශ්‍රී ලංකාවට තවත් තරග 4ක් ඉදිරියේදී හිමි වන අතර ඒවායින් තරග 4ම ජයග්‍රහණයන් හිමි කරගතහොත් ප්‍රසාද ලකුණු 12ක් සමගින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් හිමි කරගනු ඇත. මේ තරග 4 යෙදී ඇත්තේ ඉන්දියාව, නවසීලන්තය, බංගලිදේශය සහ ඇෆ්ගනිස්තානය සමය. ඒ අතරින් තරග 3ක් පමණක් ජයග්‍රහණය කළ ද ප්‍රසාද ලකුණු 10ක් සමගින් ඉදිරියට යෑමේ හැකියාවක් ශ්‍රී ලංකාව සතු වේ.

ප්‍රායෝගිකව ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

ගණිතමය වශයෙන් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවමත් සුරැකිව තිබුණත් යථාර්ථවාදීව බැලූ විට ඉන්දියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන සියලු ප්‍රතිවාදීන් පරාජය කිරීම කළ හැක්කක්ද?

මේ දක්වා ලෝක කුසලාන දත්ත අනුසාරයෙන් පිරික්සීමක් කළ විට පෙනී යන්නේ ජයග්‍රහණයන් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකිය යන්නයි. මේ දක්වා ලෝක කුසලානයේදී ලබා දුන් වේග පන්දුවට සහ පිතිකරනයට උචිත තණතීරු සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රශස්ත ලෙස අනුගත වී තිබීම ඉදිරි ජයග්‍රහණයන් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට හේතුවේ. යම් හෙයකින් දඟ පන්දුවට උචිත සාම්ප්‍රදායික ඉන්දියානු තණතීරු ඉදිරි දින කීපයේදී ලෝක කුසලානයට එක් වූවත් ශ්‍රී ලංකාව සතු දඟ පන්දු යැවීමේ බල ඇණිය දෙස බලන විට එය ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සුබ ආරංචියක් පමණක් වනු ඇත.

සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක යන තිදෙනාම මෙම ලෝක කුසලානේදී ලකුණු සාමාන්‍ය 40 ඉක්මවා පිතිකරණයේ නියැළීම සහ දිල්ශාන් මධුසංඛ කඩුලු අතර සිටීම මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනේ ඉදිරියට පැමිණි ප්‍රධානතම සාධකයන් ය. ඕනෑම ලකුණු සහිත තණතීරුවක ලකුණු වේගය අඩාළ කිරීමේ හැකියාවක් සහිත මහීෂ් නැවතත් කඩුලු දඩයම අතැර ලකුණු අඩාළ කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම ඉන්දියානු තණතීරු තුළ සාර්ථක වීමට ප්‍රධානතම හේතුවක් වනු ඇත. එමෙන්ම තමන්ගේ දිනයේදී දක්ෂතා අතරට පැමිණෙන කුසල් ජනිත්, කසුන් රාජිත සහ ලහිරු කුමාර වැනි තරග වෙනස් කරවන්නන් සිටීමද මෙම ජයග්‍රහණ බලාපොරොත්තු සඳහා වැදගත් වන අතර අත්දැකීම් බහුල ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නැවත පැමිණීම, ශ්‍රී ලංකා ප්‍රධානතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර සංචිතයට එක් වීමේ බලාපොරොත්තුවෙන් සිටීම ලෝක කුසලාන ඉදිරි තරගයන්හි පෙරළියක් කිරීමට ශ්‍රී ලංකාවට තවමත් ඉඩ ඇති බවට සාධකයන්ය.

ඉදිරි තරග

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ මීළඟ තරගය ලෙස ලබන සඳුදා (30 වැනිදා) ඇෆ්ගනිස්තානයට එරෙහිව පූනේ හිදී තරග වදිනු ඇත. තවමත් ඇෆ්ගනිස්තානය විසින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයකදී පරාජය කර නොතිබීම ශ්‍රී ලංකාවට මානසික වාසියකි. කෙසේවෙතත් මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර ජයග්‍රහණයන් ලබාගත් ඇෆ්ගනිස්තානය සුළුවෙන් තැකිය නොහැකිය. එසේ වුවද තරගය පැවැත්වෙන පූනේ ක්‍රීඩාංගණයේදී දඟ පන්දුව කවදත් නිෂ්ක්‍රීය වීම ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙනෙනු ඇත.

ඇෆ්ගනිස්තාන තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව නොවැම්බර් මස 2වැනිදා වන්කඩේහිදී තරග වදිනු ඇත. 2011 ලෝක කුසලාන අවසන් තරගයේ අමිහිරි මතකයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක් සඳහා මෙම ක්‍රීඩාංගණයට එක් වන්නේ පළමු වතාවට වීම විශේෂත්වයකි. මෙවර ලෝක කුසලානය යටතේ මේ ක්‍රීඩාංගණයේ පැවැති තරග දෙකෙහිම පළමු ඉණිමේදී ලකුණු 380 ඉක්මවා යෑම සහ කවදත් ලංකාවට එරෙහි තරගයකදී පිතිකරණයට වාසි දෙන තණතීරු සකසන ඉන්දියාව පැරැදවීමටනම් ශ්‍රී ලංකා පිතිකරණය වැඩියෙන් ලකුණු අතරට පැමිණිය යුතුමය.

ඉන් අනතුරුව දිල්ලිහිදී පැවැත්වෙන බංග්ලාදේශ තරගය ජයග්‍රහණය අනිවාර්ය මෙන්ම ජයග්‍රහණය කළ හැකි තරගයක්ද වනු ඇත. දිල්ලි ක්‍රීඩාංගණයත් පිතිකරණය වැඩි වාසි ගෙන දෙන හේතුවෙන් සහ බංග්ලාදේශයට සාපේක්ෂව ශ්‍රී ලංකා වේග පන්දු යැවීම සහ පිතිකරණය ශක්තිමත් වීම මත මෙම තරග ජය පිළිබඳවත් වැඩි බලාපොරොත්තු තැබීමට හැකිය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ සෑම ප්‍රධාන තරගාවලියකදීම පාහේ බංග්ලාදේශය පරාජය කර තිබීමද මෙහිදී වැදගත් මානසික පිටුවලකි.

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය නොවැම්බර් මස 9වන දින නවසීලන්තය සමගින් බැංගලෝහිදී පැවැත්වේ. මෙම තරගයේ ජයග්‍රහණය අවසන් පූර්ව වටය සඳහා අනිවාර්ය වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව නවසීලන්තය පැරැදවුවහොත් මීට පෙර එක් තරගයක් පරාජය වී තිබුණද අවසන් පූර්ව වටය සඳහා වැඩි ඉඩක් හිමි වනු ඇත.අරුණ

SendShareShare
Previous Post

ඩයනා-රෝහණ-සුජිත් ගැටුම හොයන කමිටුවට කාන්තා මන්ත්‍රීවරියන් ‌දෙන්නෙකුත් එයි! I Sri Lanka Latest News

Next Post

ආන්දෝලනාත්මක චීන නැව නාරා ආයතනයත් එක්ක මෙරට මුහුදු සීමාවේ පරීක්ෂණයක් අරඹයි! Sri Lanka Latest News

MORE NEWS

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Load More
කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

තව ටික දවසයි ! සුපිරියටම නවිකරණය වන අනුරාධපුර නව බස් නැවතුම්පොළ .... ප්‍රධාන බස් නැවතුම්පළ ,දුම්රිය නැවතුම්පළ , ත්‍රී රෝද...

Read more
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.