රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා හෙට (30) දිනයේදී දිවයින පුරා උද්ඝෝෂණවල නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ. (Sri Lanka Latest News)
එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි සඳහන් කළේ හෙට (30) දහවල් 12ට එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවයි.
මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වන්නේ.
ඒ අනුව සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වනු ඇති,
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ ලබන සතිය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර ඇති බවයි.
madyawediya










